මුදල් අච්චු ගහන්න දැන් බැහැ! – ජනාධිපති කියන කතාව ඇත්ත ද?
මහ බැංකුවේ පාලනය එතැනට දුන්නා, ඇඟිලි ගහන්නේ නැතිව. මින්පසු නීතියෙන් අපිට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් සල්ලි අපිට ණයට ගන්නත් බැහැ. එය දුෂ්කර වුවත් උද්ධමනය පාලනය කිරීමට අපි මේ පියවර ගෙන තිබෙනවා.
රූපවාහිනී පුවත් | ඔක්තෝබර් 21, 2023
Posted on: 2023 නොවැම්බර් 13
නිවැරදියි
බදු ඉලක්ක ගැන ගැටළුවේදී පා.ම. ගොඩහේවාට ඉලක්කය වරදී!
[…] 2023 සඳහා අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,130කි [2022 සිට 70%ක වැඩිවීමක්]. එය ප්‍රායෝගික දෙයක් නොවේ. බදු ජාලය නිසියාකාරව ක්‍රියාත්මක නොවන නිසා 2022 දී බදු ගෙවූ ජනතාවටම ඒ බදු බර පැටවෙයි. ඇත්තටම සිදුව ඇත්තේ බදු ගෙවන්නන්ට තම අවශ්‍යතා සඳහා වැය කරන්න තිබෙන ආදායම 70%කින් අඩුවීමයි.
අරුණ | ඔක්තෝබර් 9, 2023
Posted on: 2023 ඔක්තෝබර් 30
වැරදියි
පා.ම. නිරෝෂන් කාර්මික අංශය ගැන නිවැරදි නමුත් අපනයන ගැන නිවැරදි නොවේ
[ශ්‍රී ලංකාවේ] අපනයන 19.5% කින් පහත වැටී තිබෙනවා. […] 2023 පළමු කාර්තුවේදී කාර්මික අංශය 23.4% කින් කඩා වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | අගෝස්තු 23, 2023
Posted on: 2023 ඔක්තෝබර් 26
තරමක් නිවැරදියි
විදේශ ප්‍රේෂණ අඩුවීම ගැන පා.ම වික්‍රමරත්න තරමක් නිවැරදියි
අපි රටට එන ප්‍රේෂණය දිහා බැලුවොත් 2016, 2017, 2018 දී තමයි වැඩියෙන්ම ප්‍රේෂණ ඇවිත් තියෙන්නේ. 2020 ත් තරමක් ආවා. ඊට පස්සේ බැහැගෙන ගිහින් තියනවා. එතකොට ඉහළින්ම ආව ප්‍රේෂණය ඩොලර් බිලියන 7.2 ක් විතර (....). අද ඒ ප්‍රේෂණය ඩොලර් බිලියන 3.7 ට වැටිලා තියනවා.
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | අගෝස්තු 28, 2023
Posted on: 2023 ඔක්තෝබර් 17
තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කැසිනෝ බදු ආදායම ගැන හරියටම හරි නෑ
2023 අප්‍රේල් 01 සිට බලපැවෙත්වෙන පරිදි සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුල් වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුගෙන්ම ඩොලර් 50 ක අය කිරීමක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේක 2015 ඉඳන් තිබුණු නීතියක්. 2015 ඉඳන් කියලා තිබුණා ඩොලර් 100 ක් අය කරනවා කියලා හැබැයි මේ අවුරුදු 8 ට තාම සතයක්වත් අය වෙලා නෑ. අපි මේ අවුරුද්දේ තමයි මේ අ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | අගෝස්තු 9, 2023
Posted on: 2023 ඔක්තෝබර් 17
තරමක් නිවැරදියි
බන්ධනාගාර වියදම් ගැන රාජ්‍ය අමාත්‍ය ජයරත්නගේ තර්කය නිවැරදියි
බන්ධනාගාර, මහා භාණ්ඩාගාරයට බරක් වන ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ එම මතය සනාථ කිරීම සදහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් පහත කරුණු දක්වන ලදි:
ඒෂියන් මිරර් | අගෝස්තු 10, 2023
Posted on: 2023 ඔක්තෝබර් 9
නිවැරදියි
EPF එකෙන් ලැබෙන නියම ප්රතිලාභ ගැන පා.ම හර්ෂ ද සිල්වා හරියටම හරි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම නොසලකා හැරිය ද, ඉහළ යන උද්ධමනය හමුවේ EPF අරමුදලේ සාමාජිකයින් දැනුදු “යම් තාක් දුරට” පීඩාවට පත්ව සිටින බව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකදී පා.ම. හර්ෂ ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලදි.
නිව්ස්ලයින් | මැයි 22, 2023
Posted on: 2023 ඔක්තෝබර් 5
නිවැරදියි
අඩුවන සිංහල ජනගහනය ගැන පා.ම. ගම්මන්පිල වැරදියි
1981 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 51%යි. 2012 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 28%යි. බාගෙට බාගයක් සිංහල ජනගහනය අඩු වෙලා. ඒ අඩුව පිරවිලා තියෙන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණි දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන්
අරුණ | අගෝස්තු 3, 2023
Posted on: 2023 සැප්තැම්බර් 19
වැරදියි
ලංකාවේ සෞඛ්‍ය සේවය මන්ත්‍රී විමලවීර කියන තරම්ම නිරෝගී නැහැ
පා.ම. සඳහන් කළ කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පහත සඳහන් මූලාශ්‍ර පරිශීලනය කරන ලදි: ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශිත “Health at a Glance: Asia/Pacific (ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්රය සැකෙවින්)” වාර්තාව
ද ලයිෆ් ට්‍රැවලර් යූ ටිටුබ් නාලිකාව | ජූලි 19, 2023
Posted on: 2023 සැප්තැම්බර් 7
තරමක් නිවැරදියි
කාන්තාවන් වැඩිපුර වැඩ කිරීම ගැන පා.ම හරිනි අමරසූරිය හරි
ඔය ශ්‍රම බලකායේ දායකත්වය මනින කොට සැලකීමට ගන්නේ නැති කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කාන්තාවන් විසින් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටස මේ සංඛ්‍යාලේඛනවලට කිසිසේත් ගණන් ගන්නේ නෑ.
ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව එහි නිල ෆේස්බුක් පිටුව | ජූලි 16, 2023
Posted on: 2023 අගෝස්තු 22
නිවැරදියි