අපගේ ශ්‍රේණිගත කිරීම

නිවැරදියි: නිරවද්‍ය කරුණු සහ/හෝ මතයන් ඉදිරිපත් කරන ප්‍රකාශයකි. මෙම ප්‍රකාශය තුළ කිසිදු විකෘති කළ තොරතුරක් අඩංගු නොවන අතර, තොරතුරුවල අඩුලුහුඬුතාවයන්ද නැත.

තරමක් නිවැරදියි: බොහෝ දුරට නිරවද්‍ය තොරතුරු අඩංගු ප්‍රකාශයකි. එහෙත්, නොමඟ යවනසුළු/විකෘති කරන ලද තොරතුරු ප්‍රකාශය තුළ අඩංගු වීම හෝ ඇතැම් තොරතුරුවල අඩුලුහුඬුතා තිබීම දැකිය හැක.

වැරදියි: සැලකිය යුතු ලෙසින් සාවද්‍ය තොරතුරු අන්තර්ගත ප්‍රකාශයකි.

මුළුමනින්ම වැරදියි: මෙම ප්‍රකාශය තුළ සාවද්‍ය තොරතුරු/දත්ත අඩංගු වනවා පමණක් නොව, එම සාවද්‍ය තොරතුරු අතිශයෝක්තියකින් ගෙන හැර දැක්වීමද සිදු කර ඇත.

Verify: ප්‍රකාශයෙහි සත්‍යතාවය ඇගයීම සඳහා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීමට පර්‌යේෂකයින්‌ට හැකියාවක් නොමැති බැවින් ‌සත්‍යාසත්‍යභාවය සඳහා ශේණිගත කිරීමක් ලබා දිය නොහැකි ප්‍රකාශයකි.

ප්‍රකාශයක සත්‍යතාවය ඇගයීම සඳහා සංකීර්ණ දත්ත පද්ධති විශ්ලේෂණය කිරීමක් හෝ පැහැදිලි නිගමනයකින් තොර ගණනය කිරීම් සිදු කිරීම හෝ අවශ්‍ය වන අවස්ථාවන්හිදී එම ප්‍රකාශය මෙම කාණ්ඩයට ඇතුළත් කරනු ලැබේ.

අවලංගු ප්‍රකාශ: පෙර ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු පිරික්සීමක්, වාර්තා කිරීමේදී හෝ ‌තේරුම් ගැනීමේදී හෝ අර්ථකථනය කිරීමේදී හෝ සිදු වූ දෝෂයක් හෙළිදරව් වීමෙන් පසු එය අවලංගු වූ ප්‍රකාශයක් ලෙස නිවැරදි කර එලෙසම වර්ගීකරණය කරනු ලැබේ.

This post is also available in: English සිංහල தமிழ்