නිරවද්‍ය කිරීමේ ප්‍රතිපත්තිය

යම් ප්‍රකාශයක් සාධාරණ නොවන ලෙසින් හෝ නිවැරදි නොවන ලෙසින් නිශ්චය කොට ඇතැයි ඔබ සිතන්නේ නම්, කරුණාකර ඒ බව අපට දන්වන ලෙසින් ඉල්ලා සිටිමු. ප්‍රති-තර්කයක් හෝ වැඩිදුර තොරතුරු/වෙනස් සාධක සමගින් එසේ දන්වනු ලැබූ කළ, අපගේ විශ්ලේෂණය හා තක්සේරුව නැවත ඇගයුම් කර බැලීම අපි සතුටින් ඉටු කරමු. නිවැරදි කිරීම් සම්බන්ධයෙන් වන අපගේ ප්‍රතිපත්තිය පහත දක්වා ඇති පරිදි වේ:

  1. නිශ්චය සඳහා බලපාන කරුණු සාධක පිළිබඳ දෝෂ: මෙය යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන අපගේ නිශ්චයන් වෙත බලපාන සහ/හෝ පොදුවේ එම FactCheck විශ්ලේෂණයේ දෘෂ්ටි කෝණය වෙනස් කරනු ලබන බරපතල දෝෂයක් වන අතර, එය වහා නිවැරදි කෙරෙනු ඇත. එම නිවැරදි කිරීම් අදාළ FactCheck විශ්ලේෂණයේ ඉහළින්ම ‘නිවැරදි කොට යාවත්කාලීන කිරීම’ ලෙසින් ලකුණු කොට, එම යාවත්කාලීන කිරීම සිදුකළ දිනය හා නිවැරදි කිරීම සම්බන්ධ හේතු පැහැදිලි කිරීම සමගින් දැක්වෙනු ඇත. සංශෝධිත දත්ත/කරුණු පිළිබිඹු වන ආකාරයෙන් දෝෂ සහගත FactCheck විශ්ලේෂණය නිවැරදි කෙරෙනු ඇති අතර, එය, නිවැරදි කළ බවට වන සළකුණට පහළින් දැක්වෙනු ඇත. මීට අමතරව, මෙහි පැරණි FactCheck විශ්ලේෂණයේ සං‍රක්ෂිත පිටපතක් සඳහා වන සබැඳියක්, අනාගත විමසුම් වෙනුවෙන් කරුණු දැක්වීම තුළ අන්තර්ගත කෙරෙනු ඇත.
  2. නිශ්චය සඳහා බලනොපාන කරුණු සාධක පිළිබඳ දෝෂ: මෙය යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන අපගේ නිශ්චයන් වෙත බලනොපාන සහ/හෝ පොදුවේ එම FactCheck විශ්ලේෂණයේ දෘෂ්ටි කෝණය වෙනස් කරනු නොලබන දෝෂයක් වන අතර, එය නිවැරදි කොට, නිවැරදි කළ දිනය සහ නිවැරදි කිරීමට හේතුවද සමගින්, FactCheck විශ්ලේෂණය අවසානයේ ‘නිවැරදි කිරීම’ ලෙසින් ලකුණු කොට සඳහන් කෙරෙනු ඇත.
  3. අවලංගු වූ විශ්ලේෂණයන්: මෙය, යම් ප්‍රකාශයක් වාර්තා කිරීමේදී සිදුවූ දෝෂයක්, වටහා ගැනීමේ දෝෂයක් හෝ අර්ථ නිරූපණයේ දෝෂයක් නිසා ප්‍රකාශයට පත් කෙරුණු FactCheck විශ්ලේෂණයක් අවලංගු වන අවස්ථාවකි. එවිට එම ප්‍රකාශය නිවැරදි කොට, අදාළ FactCheck විශ්ලේෂණයන්හි ඉහළින් ‘අවලංගුයි’ යනුවෙන් ලකුණු කොට වර්ගීකරණය කෙරෙනු ඇත. මීට අමතරව, නිවැරදි කළ බවට වන ලකුණට පහළින් නිවැරදි කළ දිනය සහ ඊට හේතු පැහැදිලි කිරීමද දැක්වෙනු ඇත. අනාගත විමසුම් සඳහා මෙම අවලංගු වූ FactCheck විශ්ලේෂණයේ පෙළ, හේතු පැහැදිලි කිරීමට පහළින් සං‍රක්ෂිත පිටපතක් ලෙසින් දැක්වෙනු ඇත.
  4. ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස දෝෂ: ඕනෑම ව්‍යාකරණ දෝෂයක්, අක්ෂර වින්‍යාස දෝෂයක් හෝ වෙනත් සුළු දෝෂයක් අපගේ අවධානයට හසුවූ විගස, ඒවා නිවැරදි කිරීම් ලෙස සළකුණු නොකොට නිවැරදි කෙරෙනු ඇත.
  5. යාවත්කාලීන කිරීම් සහ කරුණු පැහැදිලි කිරීමේ සටහන්: ඇතැම් විටක FactCheck කණ්ඩායම විසින් යම් FactCheck විශ්ලේෂණයක් සඳහා ලබාගැනීමට ඇති නවතම දත්ත හෝ කරුණු පිළිබිඹු වන කරුණු පැහැදිලි කිරීමේ සටහන් එකතු කොට FactCheck විශ්ලේෂණය යාවත්කාලීන කරනු ඇත. එවැනි වෙනස් කිරීමක්, වෙනස් කිරීම සිදුකළ දිනය සහ ඒ සඳහා වන කරුණු දැක්වීමක් සමගින්, FactCheck විශ්ලේෂණය පතුලේ ‘යාවත්කාලීන කිරීම’ ලෙස ලකුණු කොට දැක්වෙනු ඇත.

ඔබට වෙනත් ගැටළු හෝ මීට අදාළ වන තොරතුරු ඉදිරිපත් කිරීමට තිබේ නම්, කරුණාකර අප වෙත ඉදිරිපත් කරන්න: factcheck@veriteresearch.org.

This post is also available in: English සිංහල தமிழ்