අපගේ කණ්ඩායම

FactCheck.lk වේදිකාවේ තොරතුරු පිරික්සීම් මනාව පර්යේෂණය කිරීමෙන් අනතුරුව පළ කෙරෙන අතර, ඒ සඳහා FactCheck.lk විශ්ලේෂකයින්, සංස්කාරකවරුන්, උපදේශකයින් සහ පරිපාලකයින්ද ඇතුළත් විශාල කණ්ඩායමක් සමඟ කටයුතු කරයි. අපගේ මූලික කණ්ඩායමට ඇතුළත් වන්නේ:

This post is also available in: English සිංහල தமிழ்

නිශාන් ද මැල්

ප්‍රධාන කර්තෘ

නිශාන්, වෙරිටේ රිසර්ච් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂක වන අතර, FactCheck.lk හා සබැඳි කටයුතු සඳහා අවසන් අනුමැතිය ඔහු විසින් දෙනු ලැ‌බේ. ඔහු ශාස්ත්‍රීය, ප්‍රතිපත්ති සහ පෞද්ගලික අංශයන්හි පුළුල් අත්දැකීමක් ඇති ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳව ඔක්ස්ෆර්ඩ් සහ හාවර්ඩ් යන විශ්වවිද්‍යාලවල දේශන පවත්වා ඇති අතර පර්යේෂණද සිදු කර ඇත. 1990 දශකයේදී, ඔහු ශ්‍රී ලංකාවේ පත් කරන ලද විවිධ ජනාධිපති කාර්ය සාධක බලකායන්හි සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණය මෙන්ම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. තවද ඔහු, ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (International Centre for Ethnic Studies) සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය (Sri Lanka Foundation Institute) යන ආයතනයන්හිද විධායක අධ්‍යක්ෂක ධූරය හොබවා ඇත. ඔහු පුද්ගලික අංශයේ අධ්‍යක්ෂ මණ්ඩල කිහිපයකද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර කලාපයේ විශාලතම සමාගම් කිහිපයක් සඳහා උපදේශන ලබාදෙමින් උපායමාර්ගිකයෙකු වශයෙන්ද කටයුතු කරයි.

දේශාල් ද මැල්

ජ්‍යෙෂ්ඨ කර්තෘ සහ විශ්ලේෂක

දේශාල්, වෙරිටේ රිසර්ච් ආයතනයෙහි පර්යේෂණ අධ්‍යක්ෂක ධූරයේ කටයුතු කරන අතර FactCheck.lk සඳහා උපදේශකවරයකු මෙන්ම එහි විශ්ලේෂකයකු ලෙසද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත් ශාස්ත්‍රීය අංශයේත් අත්දැකීම් ඇති ආර්ථික විද්‍යාඥයෙකි.  දේශාල් 2017 සිට 2019 දක්වා බදු ප්‍රතිසංස්කරණ සහ අනෙකුත් රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ආර්ථික උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේද කටයුතු කර ඇත. එලෙසම ඔහු ජාතික වෙළඳ සාකච්ඡා කමිටුවේ (National Trade Negotiation Committee) සාමාජිකයෙක් වශයෙන් සේවා වෙළඳාම හා සබැඳි සාකච්ඡාවන් සඳහා නායකත්වය ලබා දුන් අතර ඒ හරහා ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ පළමු ද්විපාර්ශ්වික සේවා ගිවිසුමට එළැඹීම සිදු විය. මීට ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන හේලීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරමින් ආයතනික ක්ෂේත්‍රය තුළද සේවය කර ඇත. ඔහු දැනට සම්පත් බැංකුව මෙන්ම මීට පෙර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම (Sri Lankan Airlines), ශ්‍රී ලංකන් කේටරින් සමාගම (Sri Lankan Catering) සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Center for Poverty Analysis – CEPA) ඇතුළු ආයතනික සහ ආයතනික නොවන මණ්ඩල ගණනාවකද සේවය කර ඇත. එමෙන්ම, ඔහු 2018-2019 දී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (Securities & Exchange Commission of Sri Lanka) කොමසාරිස්වරයෙකු වශයෙන්ද කටයුතු කර ඇත. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වන අතර, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් (London School of Economics) ජාත්‍යන්තර දෙශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත. 2019 වසරේදී  ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ඔහු තරුණ ගෝලීය නායකයෙකු (Young Global Leader) ලෙස නම් කරන ලදි.

විරාන් කොරෙයා

නීති උපදේශක

විරාන්, පර්යේෂණ දායකයෙකු වශයෙන් වෙරිටේ රීසර්ච් ආයතනය සමඟ සම්බන්ධ වන අතර නීති ක්ෂේත්‍රයට අදාළ ප්‍රකාශයන් සඳහා FactCheck.lk විසින් සිදු කෙරෙන විශ්ලේෂණ සඳහා ඔහු උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරයි. නඩු පැවරීම් පිළිබඳ පුළුල් අත්දැකීමක් ඔහුට ඇත. මෙය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අභියාචනාධිකරණයත් ආශ්‍රිතව වේ. එමෙන්ම, පොදු නීතිය, ව්‍යවස්ථාපිත නීතිය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයයෙක් වන විරාන් මෙම ක්ෂේත්‍ර තුළ හැරවුම් ලක්ෂ්‍යයන් සනිටුහන් කළ නඩු ගණනාවකට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. විරාන් වසර කිහිපයක් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතීඥවරයෙකු ලෙස සේවය කර ඇති බැවින් නීති වෘත්තිකයෙකු ලෙස රාජ්‍ය අංශයේ පළපුරුද්දක්ද ඔහුට ඇත. ඔහු රාජ්‍ය ආයතන සහ ක්‍රියාකාරීන්ට මෙන්ම පුද්ගලික අංශයටද නඩු පැවරීම්වලදී උපදෙස් ලබා දී නියෝජනය කර ඇත. විරාන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඔහු නීතීඥවරයෙකුද වෙයි.

දීපාංජලී අබේවර්ධන

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණිය

දීපාංජලීී, වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ අංශයේ ප්‍රධානියා වන අතර, FactCheck.lk කණ්ඩායමේ මෙහෙයුම් අධීක්ෂණය කරයි. ඇයට මාධ්‍ය ආචාර්‍ය ධර්ම, මාධ්‍ය හැසිරීම සහ මාධ්‍ය සහ කාන්තාවන් පිළිබඳ පුළුල් අත්දැකීමක් තිබේ. මීට අමතරව, නොර්වේහි ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ සහ ස්විට්ස්‍සර්ලන්තයේ ෆ්‍රිබොර්ග් විශ්වවිද්‍යාලයයේ සිදු කරන ලද අධ්‍යයන කටයුතු තුළින් මානව හිමිකම් සහ ගැටුම් නිරාකරණය පිළිබඳ අත්දැකීම්ද ඇය ලබා ඇත. දීපාංජලී, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් දරයි. තවද, ඇය ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ දකුණු ආසියනු අධ්‍යයනයන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඇය, මදන්ජීත් සිං ශිෂ්‍යත්වයක් මත ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ පළමු ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගෙන් කෙනෙකු විය. ඇය ශ්‍රී ලංකාවේ මාධ්‍ය, මාධ්‍ය හිමිකාරිත්වය සහ සංහිඳියාව ඇති කිරීමෙහිලා මාධ්‍යයට හිමි කාර්යභාරය පිළිබඳව දේශීය මෙන්ම ජාත්‍යන්තර පාර්ශවකරුවන් සහ මාධ්‍ය වෘත්තිකයින් රැසක් සමඟ කටයුතු කර ඇත.

මහෝෂදි පීරිස්

කළමනාකාරිණිය

මහෝෂදි, FactCheck.lk කළමනාකාර කණ්ඩායමට නායකත්වය ලබා දේ. ඇය, කර්තෘ කාර්යභාරය සහ පරිපාලන කටයුතුද ඇතුළුව සමස්ත තොරතුරු පිරික්සුම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සහ කළමනාරකණය කිරීම සිදු කරයි. මහෝෂදී වෙරිටේ රිසර්චිහි මාධ්‍ය පර්යේෂණ කණ්ඩායමේ විශ්ලේෂකවරියකු ලෙස කටයුතු කරයි. FactCheck.lk හි කාර්යභාරයට අමතරව, ඇය සෑම සතියකම සිංහල භාෂා පුවත්පත්වල සාකච්ඡා කෙරෙන වැදගත් සමාජ-දේශපාලන කරුණු පිළිබඳ සංක්ෂිප්ත විශ්ලේෂණාත්මක විග්‍රහයක් ලෙස මාධ්‍ය පර්යේෂණ කණ්ඩායම පළ කරන “ද මීඩියා ඇනැලිසිස් (මාධ්‍ය විශ්ලේෂණය – The Media Analysis)”නම් ප්‍රකාශනයට දායක වන අතර, ශ්‍රී ලංකාවේ වාර්ගික-ආගමික ප්‍රචණ්ඩත්වය සහ දුස්තොරතුරු ඇතුළු පර්යේෂණ ක්ෂේත්‍ර කිහිපයකටද සම්බන්ධ වේ. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇත.

රථිකා ප්‍රනාන්දු

සහකාර කළමනාකාරිණිය

රථිකා, FactCheck.lk කණ්ඩායමේ පරිපාලන කටයුතු, සන්නිවේදන කටයුතු සහ සිංහල භාෂා අන්තර්ගය අධීක්ෂණය කිරීමද ඇතුළුව තොරතුරු පිරික්සුම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සහ කළමානාකරණය කිරීම සිදු කරයි. ඇය වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ කළමානාකාරිණියක ලෙස කටයුතු කරයි. රථිකා, විවිධ ව්‍යාපෘති සහ සමීක්ෂණවලට නායකත්වය ලබාදී ඇති අතර, වෙරිටේහි මාධ්‍ය ආශ්‍රිත පර්යේෂණ සඳහාද දායක වේ. ඇය මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබා ඇත.

අනීශා ඩයස් බන්ඩාරණායක

විශ්ලේෂක

අනීශා, වෙරිටේ රිසර්ච් ආයතනයේ හිටපු සහකාර විශ්ලේෂකයෙකු වන අතර, වර්තමානයේ ඇය FactCheck.lk කණ්ඩායමේ විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරයි. ඇය නිව් යෝර්ක් නගරයේ කොලම්බියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. වෙරිටේහි, ඇය මාධ්‍ය තුළ හැඟීම් සහ දුස්තොරතුරු ඇතුළු මාධ්‍ය ආශ්‍රිත පර්යේෂණ කිහිපයක් සඳහා නායකත්වය ලබා දී පර්යේෂණ සිදු කර ඇත. ඇය ඇමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව සහ සාහිත්‍ය කලාව පිළිබඳ උපාධියක් ලබා ඇත.

මතීෂ අරන්ගල

විශ්ලේෂක

මතීෂ, වෙරිටේ රිසර්ච් ආයතනයේ ආර්ථික පර්යේෂණ කණ්ඩායමේ මෙන්ම FactCheck.lk කණ්ඩායමේද විශ්ලේෂකයෙක් වෙයි. වෙරිටේ රිසර්චිහි ඔහු වෙළඳාම සඳහා පහසුකම් සැලසීම, වෙළඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, සැපයුම් සහ ජාත්‍යන්තර සබඳතා යන මාතෘකා යටතේ සිදු කෙරෙන පර්යේෂණ කටයුතුවල නියැලී සිටියි. ඔහු මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ව්‍යාපාර සහ වාණිජ උපාධියක්ද, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයෙන් (Bandaranaike Center for International Studies) ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උසස් ඩිප්ලෝමාවක්ද ලබා ඇත.

හස්නා මුනාස්

විශ්ලේෂක

හස්නා, වෙරිටේ රිසර්ච් ආයතනයෙහි හිටපු ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන අතර ඇය දැනට FactCheck.lk හි විශ්ලේෂකයෙකු ලෙස සේවය කරයි. ඇය සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පාසලේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. වෙරිටේ ආයතනයෙහි කටයුතු කාල සීමාව තුළ ඇය ශ්‍රී ලංකාවේ වෙළඳාම, දේශපාලන සහ සාර්වආර්ථිකය, තරුණ රැකියා නියුක්තිය සහ අධ්‍යාපනය යන ක්ෂ්‍රෙත්‍ර ආවරණය වන මාතෘකා ගණනාවක් යටතේ පර්යේෂණ සිදු කර ඇති අතර ඒ් සඳහා නායකත්වයද ලබා දී ඇත. එමෙන්ම, ඇය උපාධි මට්ටමින් සංඛ්‍යාන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨමාලාද උගන්වා ඇත. ඇය ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් (London School of Economics) ගණිතය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇත.

පුමුදිකා අමරසේකර

විශ්ලේෂක

පුමුදිකා, වෙරිටේ රිසර්ච්හි ආර්ථික පර්යේෂණ කණ්ඩායමේ විශ්ලේෂකයෙකු වන අතර FactCheck.lk හි විශ්ලේෂකයෙකු ලෙසද සේවය කරයි. ඇය දැනට ශ්‍රී ලංකාවේ මහජන මුදල් හා සම්බන්ධ තොරතුරු සඳහා වේදිකාවක් වන වෙරිටේ රිසර්ච් විසින් පවත්වාගෙන යනු ලබන PublicFinance.lk වේදිකාවේ ප්‍රධාන පර්යේෂක ලෙස කටයුතු කරයි. ඇය ශ්‍රී ලංකාවේ ආසිරි රෝහලේ සහ සොෆ්ට්ලොජික් බී.පී.ඕ හි(Softlogic BPO)ව්‍යාපාරික බුද්ධිය සහ අනුකූලතා සහකාර කළමනාකාර තනතුරේද, ශ්‍රී ලංකාවේ ඩර්ඩන්ස් හොස්පිට්ල්ස්හි නියෝජ්‍ය සමූහ කළමනාකරණ ගණකාධිකාර තනතුරේද සේවය කර ඇත. ඇය එක්සත් රාජධානියේ රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර,  එක්සත් රාජධානියේ වේල්ස් ෆෙඩරල් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ (ගෞරව) උපාධියක්ද ලබා ඇත. ඇය Chartered Global Management Accountant(CGMA) සහ Associate Chartered Management Accountant (ACMA)  හි සාමාජිකාවකි.

උවීන් ජයසිංහ

විශ්ලේෂක

උවීන් නීතීඥයෙකු මෙන්ම වෙරිටේ රිසර්ච්හි විශ්ලේෂකයෙකුද වන අතර FactCheck.lk හි නීතිය පිළිබඳ විශ්ලේෂකයෙකු ලෙස සේවය කරයි. ඔහු ප්‍රධාන වශයෙන් පොදු නීතිය, පරිපාලන නීතිය සහ මූලික අයිතිවාසිකම් යන අංශවල නීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත.  ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන න්‍යාය පත්‍රයට අදාළව අවදානම් විශ්ලේෂණය කිරීම, නියාමන අධිකාරීන් සමඟ මහජන සම්බන්ධතාව, යුක්තිය සඳහා ප්‍රවේශය, පරිසරය සහ නියාමන අනුකූලතාව, සහ ව්‍යාපාරික/ආයෝජක හිතකාමි නියාමන කටයුතු ඇතුළු නීතිමය සහ ප්‍රතිපත්තිමය ව්‍යාපෘති රාශියකද ඔහු කටයුතු කර ඇත. උවීන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇත.