විමලවීර දිසානායක

ලංකාවේ සෞඛ්‍ය සේවය මන්ත්‍රී විමලවීර කියන තරම්ම නිරෝගී නැහැ

"

පා.ම. සඳහන් කළ කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පහත සඳහන් මූලාශ්‍ර පරිශීලනය කරන ලදි: ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශිත “Health at a Glance: Asia/Pacific (ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සැකෙවින්)” වාර්තාව

ද ලයිෆ් ට්‍රැවලර් යූ ටිටුබ් නාලිකාව | ජූලි 19, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. සඳහන් කළ කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පහත සඳහන් මූලාශ්‍ර පරිශීලනය කරන ලදි: ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශිත “Health at a Glance: Asia/Pacific (ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සැකෙවින්)” වාර්තාව (අතිරේක සටහන 1 බලන්න ), න්‍යෂ්ටික තර්ජන වැළැක්වීම සඳහා වන ගෝලීය සංවිධානය (NTI)  සහ  ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය එක්ව නිකුත් කරන ලද ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ (GHS) දර්ශකය  (අතිරේක සටහන 2 බලන්න ).

‘ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සැකෙවින් ‘ (Health at a Glance) වාර්තාව මගින් දකුණු ආසියාතික රටවල් 5ක් පමණක් සලකා බැලෙන අතර රටවල් 3ක් (භූතානය, මාලදිවයින සහ ඇෆ්ගනිස්ථානය) ඊට ඇතුළත් කර නොමැත. එම දර්ශකය මගින් සෞඛ්‍ය පද්ධති සඳහා සමස්ත ශ්‍රේණිගත කිරීමක් ලබා නොදෙන නමුත් එමගින් කාණ්ඩ 4ක් යටතේ දර්ශක 19ක් ඇගයීමට ලක් කෙරේ. මෙහිදී ‘සෞඛ්‍ය තත්ත්වය’ සහ ‘සෞඛ්‍ය සේවා සම්පත් ‘ යන කාණ්ඩ සැලකූ විට, ඒ යටතේ ඇති සෑම දර්ශකයක් සඳහාම ශ්‍රී ලංකාව ඉහළම ස්ථානයට හිමිකම් කියයි. එහෙත්, ‘රෝගී සත්කාරක සේවයේ ගුණාත්මකභාවය’ යන  කාණ්ඩය තුළ, ශ්‍රී ලංකාව දර්ශක 4 න් 1 කින් පමණක් පළමු ස්ථානයට පත්ව ඇති අතර, ‘අවදානම් සාධක’ කාණ්ඩයෙහි ශ්‍රී ලංකාව දර්ශක 5 න් 2 ක පමණක් ප්‍රථම  ස්ථානය හිමි කර ගෙන සිටී (වගුව 1 බලන්න).

සියලුම දකුණු ආසියාතික රටවල්වල දත්ත මෙන්ම සෞඛ්‍ය පද්ධති සඳහා සමස්ත ශ්‍රේණිගත කිරීමක් ද ඉදිරිපත් කරන එකම ඇගයීම වන්නේ ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ දර්ශකයයි (GHS). එය කාණ්ඩ 6ක් යටතේ දර්ශක 37ක් යොදා ගනිමින් රටවල් 195ක් පුරා සෞඛ්‍ය ආරක්ෂණය තක්සේරු කරයි.

2021 නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ දර්ශකය ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් 4 වන ස්ථානයට පත් කර ඇති අතර එය  5 වන ස්ථානය ලබා ගෙන සිටින නේපාලයට වඩා ලකුණු 0.1 ක් හිමි කර ගෙන තිබේ (වගුව 2 බලන්න). එමෙන්ම, සමස්ත ගෝලීය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 105  ස්ථානයේ පසු විය (වගුව 2 බලන්න).

GHS උපදර්ශකවලට අනුව, ශ්‍රී ලංකාව  අනෙකුත් දකුණු ආසියානු  රටවල් හා සැසදීමේදී  පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ ‘අවදානම් පසුබිම’ (සෞඛ්‍ය පද්ධතියට ඇති අවදානම) යටතේ  පමණි. ‘සෞඛ්‍ය පද්ධතිය’ යන කාණ්ඩය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් අවසන් ස්ථානය හිමි කර ගෙන ඇති අතර එය රටවල් 8ක් අතරින් ‘රෝග වැළැක්වීම’, ‘ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වීම’ සහ ‘ඉක්මන් ප්‍රතිචාර’  යන කාණ්ඩ යටතේ අඩුම ලකුණු සංඛ්‍යාවක් ගෙන ඇති රටවල් 4 න් එකකි. ශ්‍රී ලංකාව දර්ශක 6 න් 4 කම අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් රටවල් 4 අතර සිටින බව ඉන් අදහස් කෙරේ (දකුණු ආසියාවේ රටවල් 8 අතරින්)  (වගුව  3 බලන්න).

මේ අනුව, සියලුම දකුණු ආසියාතික රටවල් ආවරණය කරන එකම සෞඛ්‍ය අංශ ඇගයීම් වාර්තාව ශ්‍රී ලංකාව 4 වන ස්ථානයට පත් කර ඇත. කෙසේ වෙතත්, දකුණු ආසියාතික රටවල් කිහිපයක් සඳහා වෙනත් ඇගයීමක් ද පවතින අතර ශ්‍රී ලංකාව එහි බොහෝ කාණ්ඩ යටතේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබේ.

එබැවින්, පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන 1:

ආර්ථික සහයෝගිතාව හා සංවර්ධය සඳහා වන සංවිධානය (OECD) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය කාණ්ඩ 4ක් වෙත අවධානය යොමු කරයි:

  1. සෞඛ්‍ය තත්ත්වය – කාන්තාවන් සහ පිරිමින්  සඳහා උපතේදී ආයු අපේක්ෂාව, කාන්තාවන්  සහ පිරිමින්  වයස අවුරුදු 65 දක්වා ජීවත්වීමේ ප්‍රතිශතය  සහ වයස අවුරුදු 5 ට අඩු  ළමුන්ගේ මරණ අනුපාතය
  2. සෞඛ්‍යය තත්ත්වය වෙත ඇති අවදානම් –  වයස අවුරුදු  15 ට වැඩි කාන්තාවන් සහ පිරිමින්ගේ  දෛනික දුම්කොළ භාවිතය, ග්‍රාමීය ප්‍රදේශවල මූලික සනීපාරක්ෂක පහසුකම්  සහ පානීය ජලය ලබා ගැනීම සඳහා ඇති ප්‍රවේශය සහ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ අධිබර අනුපාතය.
  3. රෝගී සත්කාරක සේවයේ ගුණාත්මකභාවය – පියයුරු සහ ගැබ්ගෙල පිළිකා මරණ අනුපාත,  ළමුන් සඳහා DTP3 මාත්‍රා ආවරණය, සහ සරම්ප එන්නත 1 වන මාත්‍රාව
  4. සෞඛ්‍ය සේවා  සම්පත් – ඒක පුද්ගල සෞඛ්‍ය වියදම, පෞද්ගලික මට්ටමින් සිදු කෙරෙන වියදම්, සෑම පුද්ගලයින් 1,000 කටම සිටින වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝහල් ඇඳන් සංඛ්‍යාව.

අතිරේක සටහන 2:

සියලුම දකුණු ආසියාතික රටවල් ඇතුළත් කරමින් කාණ්ඩ 6ක් යටතේ දත්ත ඉදිරිපත් කරන එකම දර්ශකය ‌ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ දර්ශකය වේ.

  1. රෝග වැළැක්වීම: රෝග කාරක මතුවීම හෝ මුදා හැරීම වැළැක්වීම
  2. රෝග හඳුනා ගැනීම සහ වාර්තා කිරීම: ජාත්‍යන්තර අවධානයට ලක්විය හැකි වසංගත රෝග කල්තියා හඳුනා ගැනීම සහ වාර්තා කිරීම
  3. ඉක්මන් ප්‍රතිචාර: වසංගතයක් පැතිරෙන විට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම සහ පැතිරීම අවම කිරීම
  4. සෞඛ්‍ය පද්ධතිය: රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සහ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් සහ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් පැවතීම
  5. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම: ජාතික ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා කැපවීම්, ප්‍රමිතීන්ට අනුකූල නොවන අවස්ථා සඳහා විසඳුම් සෙවීමට මූල්‍ය සැලසුම් සකස් කිරීම
  6. අවදානම් පසුබිම: සමස්ත අවදානම් පසුබිම සහ යම් රටක් ජීව විද්‍යාත්මක තර්ජනවලට මුහුණපෑමේ අවදානම


මූලාශ්‍රය

මූලාශ්‍ර

ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ දර්ශකය (2021), ප්‍රවේශය https://www.ghsindex.org/wpcontent/uploads/2021/12/2021_GHSindexFullReport_Final.pdf [අවසන් වරට ප්‍රවේශය: 2023 අගෝස්තු 28]

2021 ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව, ප්‍රවේශය https://www.ghsindex.org/country/sri-lanka/ [අවසන් වරට ප්‍රවේශය: 2023 අගෝස්තු 28]
ලෝක සෞඛ්‍ය ආරක්ෂණ දර්ශකය (2021), ගෝලීය අර්බුද මධ්‍යයේ සාමූහික ක්‍රියාමාර්ග සහ වගවීම ඉදිරියට ගෙන යාම, ප්‍රවේශය https://www.ghsindex.org/wp-content/uploads/2021/12/2021_GHSindexFullReport_Final.pdf අවසන් ප්‍රවේශය: 2023 අගෝස්තු 28]

ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සැකෙවින් 2022: ගෝලීය සෞඛ්‍ය ආවරණය සඳහා ගෙන ඇති පියවර මැනීම, ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය
https://www.oecd-ilibrary.org/deliver/c7467f62-en.pdf?itemId=/content/publication/c7467f62-en&mimeType=pdf’ [අවසන් වරට ප්‍රවේශය: 2023 අගෝස්තු 28]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.