අනුරාධ ජයරත්න

බන්ධනාගාර වියදම් ගැන රාජ්‍ය අමාත්‍ය ජයරත්නගේ තර්කය නිවැරදියි

"

බන්ධනාගාර, මහා භාණ්ඩාගාරයට බරක් වන ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ එම මතය සනාථ කිරීම සදහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් පහත කරුණු දක්වන ලදි:

ඒෂියන් මිරර් | අගෝස්තු 10, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

බන්ධනාගාර, මහා භාණ්ඩාගාරයට බරක් වන ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ එම මතය සනාථ කිරීම සදහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් පහත කරුණු දක්වන ලදි:

  • (අ) වර්තමාන බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව28,468 ක් වන අතර (ආ) ඉන් බහුතරයක් (50.3%) මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සඳහා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් බව. මෙම සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී ඇත.

 

  • බන්ධනාගාර පද්ධතිය නඩත්තු කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන අතර, එම මුදලින් රුපියල් බිලියන9ක් පමණ බන්ධනාගාර රැඳවියන් 28,000 ගේ ආහාර සඳහා වෙන් කෙරෙන බව.

මෙම ප්‍රකාශයේ සඳහන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2023 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාව 2023 සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පරිශීලනය කරන ලදි.

පළමු කරුණ (): 2023 අගෝස්තු 24 වන දින ප්‍රවේශ විය හැක දත්තවල වැරදි නිවැරදි බව ප්‍රථම වරට තහවුරු කර ගන්නා අවස්ථාවේදී බන්ධනාගාර නිල වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ රැඳවියන් 28,655 ක් සිටින බවයි. මෙම වෙබ් අඩවිය දත්ත දෛනිකව යාවත්කාලීන කරන නමුත් පූර්ව දත්ත ඉදිරිපත් නොකරයි. ඉහත දක්වා ඇති රැඳිවයන් සංඛ්‍යාව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ 28,468 ක අගය තරමක් ඉක්මවන අතර (0.6% කින්) එය ප්‍රකාශය සිදු කළ දිනය සඳහා (2023 අගෝස්තු 10) නිවැරදි විය හැක.

පළමු කරුණ (): විවිධ අපරාධයන් සඳහා බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව සැලකූ විට, යම් අපරාධයක් සඳහා බන්ධනාගාරගතව සිටින මුළු රැඳවියන්ගේ සංඛ්‍යාව බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාවෙහි සඳහන් නොවේ (අදාළ දිනට බන්ධනාගාරගතව සිටින සංඛ්‍යාව). එහි සඳහන්ව ඇත්තේ රැඳවියන්ගේ “ප්‍රවාහය” පමණි (එම අපරාධය සඳහා අදාළ කාල වකවානුව තුළ ඇතුළත් කරන ලද රැඳවියන් සංඛ්‍යාව). පවතින නවතම ප්‍රවාහ දත්තවලට අනුව, 2022 වසරේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සඳහා වරදකරුවන් වී බන්ධනාගාරගත කරන ලද සංඛ්‍යව, වරදකරුවන් ලෙස ඇතුළත් කර ගන්නා ලද මුළු රැඳවියන් සංඛ්‍යාවෙන් 63% කි. මේ අනුව, රැඳවියන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සඳහා බන්ධනාගාරගත කර සිටින්නන් යැයි ඔහු පුළුල් වශයෙන් ඉදිරිපත් කළ තර්කය ද නිවැරදි වීමට ඉඩ ඇත.

දෙවැනි කරුණ: බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, 2022 වසරේ බන්ධනාගාර පද්ධතියේ නඩත්තුව සඳහා වැය වූ මුළු මුදල (පුනරාවර්තන වියදම්) රුපියල් බිලියන 9.8 කි. එක් රැඳවියෙකු සඳහා වැය වන ආහාර වියදම් පිළිබඳව දත්ත එම වාර්තාව මගින් සැපයෙන අතර, එය 2022 දී වසරකට රුපියල් 176,115 ක් විය. මෙය එක් රැඳවියෙකු සඳහා වැය වන සාමාන්‍ය පුනරාවර්තන පිරිවැයෙන් 40% කි. රුපියල් බිලියන 9.8 ක මුළු මුදලින් 40% ක් යනු රුපියල් බිලියන 3.9 ක් වන අතර එය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන සංඛ්‍යාව ද වේ.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යා දෙකම (බිලියන 10 සහ බිලියන 3.9) දෛනික සාමාන්‍ය රැඳවියන් සංඛ්‍යාව 22,000 ක් පමණ වූ 2022 වසර සඳහා අදාළ වන අතර එම සංඛ්‍යාව 28,000 ක් වූ 2023 වසර සඳහා අදාළ නොවේ. පුද්ගලයෙකුගේ ආහාර සඳහා වැය වූ සාමාන්‍ය පිරිවැය 2022 දී පැවති අගයට (ආහාර උද්ධමනය 60% ඉක්ම වූ)  සමාන යැයි සැලකුව ද ඔහු විසින් සඳහන් කරන ලද 2023 සිටි සාමාන්‍ය රැඳවියන් සංඛ්‍යාව සඳහා වසරකට ආහාර සඳහා වැය වන මුළු පිරිවැය රුපියල් බිලියන 4.9 ක් වනු ඇත. එබැවින්, රාජ්‍ය අමාත්‍යවරයා 2022 සඳහා වන පිරිවැය, 2023 සඳහා වන සංඛ්‍යා ලෙස ගෙන දැක්වුව ද, නිවැරැදි සංඛ්‍යා මීට 30% ට වඩා වැඩි වීමට ඉඩ ඇත. මෙහිදී සැලකිය යුතු කරුණ නම්, ඔහු උපුටා දක්වන 2022 සංඛ්‍යාවලට වඩා 2023 සංඛ්‍යා ඔහුගේ සමස්ත තර්කයට සහය දැක්වීමයි.

මුළු රැඳවියන් සංඛ්‍යාව සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සඳහා බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සම්බනධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පළමු කරුණ ප්‍රවේශ විය හැකි දත්ත මගින් තහවුරු කෙරේ. දෙවැනි කරුණ සැලකීමේදී, 2023 ට අදාළ රැඳිවියන් සංඛ්‍යාව යැයි වැරදීමකින් ප්‍රකාශ කරමින් ඔහු 2022 සඳහා අදාළ වන රැඳිවියන් සංඛ්‍යාව උපුටා දක්වයි. එහෙත්, 2023 ට අදාළ දත්ත ඔහුගේ සමස්ත තර්කයට වඩාත් සහය දක්වයි.

එබැවින්, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

බන්ධනාගාර දෙපාර්තමේන්තුව. (2023) ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සංඛ්‍යාලේඛන 2023. http://prisons.gov.lk/web/wp-content/uploads/2023/05/prison-statistics-2023.pdf

බන්ධනාගාර දෙපාර්තමේන්තුව. (n.d.) සංඛ්‍යාලේඛන තොරතුරු. http://prisons.gov.lk/web/en/statistics-information-en/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.