Ranjith Siyambalapitiya

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කැසිනෝ බදු ආදායම ගැන හරියටම හරි නෑ

"

2023 අප්‍රේල් 01 සිට බලපැවෙත්වෙන පරිදි සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුල් වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුගෙන්ම ඩොලර් 50 ක අය කිරීමක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේක 2015 ඉඳන් තිබුණු නීතියක්. 2015 ඉඳන් කියලා තිබුණා ඩොලර් 100 ක් අය කරනවා කියලා හැබැයි මේ අවුරුදු 8 ට තාම සතයක්වත් අය වෙලා නෑ. අපි මේ අවුරුද්දේ තමයි මේ අ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | අගෝස්තු 9, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය 2023 අංක 11 දරන  ඔට්ටු ඇල්ලීම සහ  සූදු බදු (සංශෝධන) පනත (BGL23)  සම්බන්ධව වූ දීර්ඝ  පාර්ලිමේන්තු විවාදයකින් ගත්කොටසකි. රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය විසින් ප්‍රකාශ කරන ලද්දේ ආදායම් ඉහළ නැංවීම සහ දේශීය සහභාගීත්වය අඩු කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිසම්පාදකයින් කැසිනෝ බදු පැනවීම සංශෝධන කර ඇති බවයි. ඔහුගේ ප්‍රකාශයේ  මෙම කොටසින් කරණු දෙකක් ඉදිරිපත් කරයි: (1)  ශ්‍රී ලාංකිකයන්වෙත ඇ .ඩො.  50 ක  ඇතුල්වීමේ බද්දක් පනවා ඇති බව සහ (2) මෙම බද්ද සහ එය අනාගතයේදී ඇ. ඩො. 200 දක්වා වැඩි කිරීමත් සමගකැසිනෝ සදහා ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වය අඩු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති බවයි.

 

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙහි සඳහන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් 2015 අංක 14 දරන ඔට්ටුඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත (BGL15) සහ වෙරිටේ රිසර්ච් (VR) විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැන ගැනීමේ ලිපියක් (RTI) මහින්ලබා දත්ත පරිශීලනය කරන ලදී.

 

පළමු කරුණ: මෑත කාලීන සංශෝධනය (BGL23) මගින්  ශ්‍රී ලාංකිකයන්ගෙන් ඇ. ඩො. 50 ක ‘කැසිනෝ ඇතුළු වීමේ බද්ද’ අයකර ගැනීමට නියමකර ඇති බව වගුව 1 මගින් තහවුරු කෙරේ.

 

දෙවැනි කරුණ: වෙරිටේ රිසර්ච් විසින් ඉදිරිපත් කරන ලද RTI ලිපියෙන් ලැබුණු දත්ත තහවරු කරන පරිදි ‘කැසිනෝ ඇතුළු වීමේ බද්ද’ මගින් දැක්වූඇ. ඩො. 100 මෙම වසරේ පෙබරවාරි මාසය වන තෙක් එකතු කර නොතිබූ නමුදු ඉන් පසුව එකතු කර තිබේ (වගුව 2 බලන්න).

 

BGL23 බලාත්මක කිරීමට පෙර, ඇ.ඩො.  100 ක ඇතුල්වීමේ කැසිනෝ බද්දක්  විදේශිකයන්ගෙන් සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරන ලදී. බලාත්මක කිරීමෙන් පසු, ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරන ලද බද්ද  ඇ .ඩො.  50 දක්වා අඩු කරන ලද අතර විදේශිකයන්ගෙන් අය කළ බද්ද ඉවත් කරන ලදී. එබැවින් එය ඇ .ඩො. 100 සිට 0 දක්වා අඩු වුණි. (2023 අප්‍රේල් 1 සිට බලපැවැත්වෙන පරිදි).

 

BGL23 මගින් ශ්‍රී ලාංකිකයන් මත පනවා ඇති බද්ද සහ කැසිනෝ සඳහා ඇතුලත් වීමේ බද්දක් අය කිරීම මෙම වසරේ පමණක් ආරම්භ වීමසම්බන්ධයෙන් මන්ත්‍රීවරයා නිවැරදිය. කෙසේ වෙතත්, BGL23 ඉදිරිපත් කිරීම මගින් කැසිනෝ සඳහා දේශීය සහභාගීත්වය අඩු කිරීමට සහ බදුආදයම ඉහළ නැංවීමටට උපකාරී වීම සම්බන්ධයෙන් ඔහු වැරදි නිගමනයකට එළඹ ඇති බව පෙනේ. ඔහු එම වැරදි නිගමනයට එළඹෙන්නේ, BGL23 මගින්  (අ) කැසිනෝ සඳහා ඇතුලත් වීමේ බද්ද අඩකින් අඩු කිරීම දේශීය සහභාගීත්වය වැඩි කිරීමට උත්තේජකයක් වන බව සහ (ආ) විදේශිකයන්ගෙන් කැසිනෝ සඳහා ඇතුලත් වීමේ  බද්දක් අය නොකිරීම මගින් බදු ආදායමේ විශාල අඩු වීමක් වන බව හඳුනා ගැනීමට අපොහොසත්වීමෙනි.

 

එබැවින්, අපි සමස්තයක් වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

 

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

වගුව 1: කැසිනෝ ඇතුළු වීමේ බද්දට කරන ලද සංශෝධන

 

වගුව 2: BGL එකතු කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව  වෙත වෙරිටේ රිසචර්ච් විසින් ගොනු කරන ලද RTI ඉල්ලීමකට ලදප්‍රතිචාරය

 



මූලාශ්‍රය

2015 අංක 14 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත

http://www.ird.gov.lk/en/publications/Acts_Betting%20and%20Gaming%20Levy/BNG_Act_No._14_2015_E.pdf

2023 අංක 11 දරන  ඔට්ටු ඇල්ලීම සහ  සූදු බදු (සංශෝධන) පනත

https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6292.pdf

නිවේදනය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කැසිනෝ ඇතුළත්වීමේ බද්ද ක්‍රියාත්මක කිරීම: http://www.ird.gov.lk/si/Lists/Latest%20News%20and%20Notices/Attachments/503/PN_CEL_2023_01_07022023_S.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.