අමාත්‍ය ලොකුගේ පවසන තරමටම සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් නැත
...අද ආසියාවේ තිබෙන ඉතාම ශක්තිමත් අරමුදල බවට [ශ්‍රී ලංකා] සේවක අර්ථ සාධක අරමුදල පත්වෙලා තිබෙනවා.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | පෙබරවාරි 9, 2021
Posted on: 22 අප්‍රේල්, 2021
වැරදියි
අමාත්‍ය ගුණවර්ධන: සතොස අලාභය ගැන කරන තක්සේරුව තිතටම නිවැරදි නොවේ.
...[සතොස] කියන්නේ 2015 ට කලින් පාඩු ලබා නැති ආයතනයක් . පහුගිය අවුරුදු පහේදී (2015-2019) සතොස රුපියල් බිලියන 20 ක පාඩු ලැබුවා.
ඩේලි නිව්ස | මාර්තු 10, 2021
Posted on: 9 අප්‍රේල්, 2021
තරමක් නිවැරදියි
පා.ම. චම්පික රණවක: ශ්‍රී ලංකාවේ සීනි හා මේද පරිභෝජනය ඉහළ යෑම (ආනයන අතින් බැලූ විට) පිළිබඳව දශමයට නිවැරදියි
2019 ට සාපේක්ෂව …… සීනි ආනයනය වැඩිවෙලා තියෙනවා 38% කින්…… තෙල් හා මේද ආනයනය වැඩි වෙලා තියෙනවා 237% කින්.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | පෙබරවාරි 11, 2021
Posted on: 1 අප්‍රේල්, 2021
නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: ගෙවීමට ඇති ණය පිළිබඳව කරන ප්‍රකාශයේ වරදක් නැතුවාම නොවේ
මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ.ඩොලර් බිලියන 14 ක් ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරන වෙනත් කිසිදු ණය හිමියෙකු, [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන්...
සන්ඩේ ඔබ්සර්වර් | පෙබරවාරි 28, 2021
Posted on: 31 මාර්තු, 2021
තරමක් නිවැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: අපනයන කෘෂිකර්මාන්තයෙන් රට නෙලාගත් ඵලදාව නිවැරදිව ගණන් බලා ඇත
පසුගිය 2019 දී රුපියල් මිලියන 63000ක් වෙලා තිබුණු අපනයන කෘෂි භෝග ආදායම අවුරුද්දක් තුළ රුපියල් මිලියන 73000 දක්වා වර්ධනය කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා.
දිනමිණ | මාර්තු 3, 2021
Posted on: 19 මාර්තු, 2021
නිවැරදියි
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 පැතිරීම පිළිබඳ නිවැරදි නොවන නිර්ණායක ඉදිරිපත් කරයි
"[කොවිඩ්-19] සමාජගත වීමක් වෙලා තියෙනවා නම් PCR පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය සමගින් ආසාදිත බවට තහවුරු වන ශීඝ්‍රතාව එන්න එන්න වැඩිවිය යුතුයි. වර්තමානයේ, ශ්‍රී ලංකාව එවැනි තත්වයක් අත්දකින්නේ නැහැ.”
ඩේලි මිරර් | පෙබරවාරි 10, 2021
Posted on: 12 මාර්තු, 2021
වැරදියි
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා: තේ අපනයන ගැටළුව ගැන කරන විස්තරයේ කිසි කහටක් නැත
2020 වසරේ තේ කොළ අපනයන ධාරිතාව ඉන් පෙර වසරේ [අපනයන ධාරිතාව වූ] කිලෝ මිලියන 265.5 ක ප්‍රමාණයෙන් 9.2% කින්, එනම් කිලෝ මිලියන 27 කින් අඩුවී ඇත. අගය අතින් ගත් විට එය 2019 වසරේ [තේ අපනයන] ආදායම වූ රුපියල් බිලියන 230.1 ක අගයෙන් 4.3% කින් එනම් රුපියල් බිලියන 10.4 කින් පහත වැටී ඇත... එම ආදායම අඩුවී ඇත්තේ,
ඩේලි එෆ්ටී | පෙබරවාරි 9, 2021
Posted on: 4 මාර්තු, 2021
නිවැරදියි
කොටස් වෙළදපළෙන් විදෙස් ආයෝජන පිටතට ගලායෑම ගැන හරියටම දැනුම් දෙයි
කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...
ලංකා බිස්නස් ඔන්ලයින් | ජනවාරි 18, 2021
Posted on: 25 පෙබරවාරි, 2021
නිවැරදියි
ශ්‍රී ලංකාවේ වන ගහණය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පි‍්‍රයදර්ශන යාපා කියන කතාව හරි
ලංකාවේ වනාන්තර ගහණය ඇත්තේ 29.2% ක් පමණයි.
ලංකාදීප | දෙසැම්බර් 9, 2020
Posted on: 5 පෙබරවාරි, 2021
නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: සංචිත සම්බන්ධයෙන් බැලූ බැල්මට නිවැරදියි
අපට බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.
මව්බිම | ජනවාරි 7, 2021
Posted on: 27 ජනවාරි, 2021
නිවැරදියි