සජිත් ප්‍රේමදාස

සීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ

"

සීනි බදු වංචාව නිසා [ශ්‍රී ලංකා] රජයට රුපියල් බිලියන 20ක දැවැන්ත අලාභයක් සිදු වුණා.

සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුව | අගෝස්තු 27, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ “සීනි වංචාව” යනුවෙන් හැඳින්වෙන්නේ, 2020 ඔක්තෝබර් 13 දින සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, (SCL) විශාල අගයකින් ක්ෂණිකව පහත දැමීම හා සම්බන්ධ අපකීර්තිමත් සිදුවීමයි. සීනි කිලෝවකට රුපියල් 50 ක් ලෙසින් තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින්, එනම් සීනි කිලෝවකට සත 25 ක් වන ලෙසින්, පහත දමන ලදි. 

මෙම ප්‍රකට වංචා චෝදනාව ඉදිරිපත් වීමට පදනම වන්නේ, මෙලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු වුවද ඒ හේතුවෙන් වෙළඳපොළේ සීනිවල මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබීමයි(නිදර්ශන අංක 2 බලන්න). ඒ ඔස්සේ රජයට අහිමි වූ එම ආදායම සමාජයට අත්වන ප්‍රතිලාභයක් බවට පරිවර්තනය වනු වෙනුවට, තමන්ගේ තරඟකාරී පාර්ශවයන්ට සාපේක්ෂව අඩු කළ බදු අනුපාතයක් ඔස්සේ තමන් ආනයනය කළ සීනි තොග මුදවා ගත් අයවලුන්ට අසාමාන්‍ය පෞද්ගලික ප්‍රතිලාභයක් ලෙසින් ලැබී ඇතැයි යන්න මෙහිදී නැගෙන චෝදනාවයි. රජයට මෙයින් අහිමි වූ ආදායම රුපියල් බිලියන 20 ක් වන බවට විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය මඟින් තක්සේරු කර තිබේ. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව ඇගයුම් කිරීම උදෙසා FactCheck.lk විසින් රේගු දෙපාර්තමේන්තුවේ දත්ත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික ආර්ථික දර්ශක පරිශීලනය කර ඇත. නිදර්ශන අංක 1 මගින් දැක්වෙන්නේ, මාසිකව ගෙන්වූ සීනි තොග ප්‍රමාණයන් සහ ඒ අනුව රජයට අහිමි වූ ආදායමයි. බදු අඩු කිරීමෙන් මාස හයකට ආසන්න කාලයකට පසු –එනම් 2021 මාර්තු අග වන විට එම අහිමි වූ ආදායමේ එකතුව රුපියල් බිලියන 20 ට සමාන වේ. විපක්ෂ නායකවරයා විසින් රජයට සිදුවූ අලාභය ලෙසින් දක්වා ඇත්තේද එම සංඛ්‍යාවයි. 

ඒ අනුව, විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

2020 ඔක්තෝබර් 13 ගැසට් පත්‍රය – https://www.customs.gov.lk/wp-content/uploads/2021/06/scl201014.pdf 

2020 මැයි 22 ගැසට් පත්‍රය – https://www.customs.gov.lk/wp-content/uploads/2021/06/38.scl200522.pdf 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.