කෙහෙළිය රඹුක්වැල්ල

දේශීය කිරි නිෂ්පාදනය පිළිබඳව රඹුක්වැල්ල අමාත්‍යවරයා කරන ප්‍රකාශය නිවැරදියි

"

(දේශීය) කිරි නිෂ්පාදනය, තවමත් මුළු අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ තමයි

ඩේලි නිව්ස් | අගෝස්තු 11, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

දේශීය කිරි නිෂ්පාදනය පිළිබඳ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පිරික්සීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවන්හි ඇතුළත් දත්ත පරිශීලනය කරන ලදි. 

දේශීය කිරි නිෂ්පාදනයට අදාළ අගයන් මුදල් අමාත්‍යාංශය වාර්තා කරනුයේ කිරි සඳහා පවතින සමස්ත ඉල්ලුමට සාපේක්ෂවයි. 2020 වර්ෂය සඳහා දේශීය කිරි නිෂ්පාදනය මුළු ඉල්ලුමෙන් 35.87% ක් වූ අතර මෙය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීමට යෙදුණු අගයට වඩා තරමක් අඩු අගයකි. මීට අමතරව, FactCheck.lk විසින් පසුගිය වසර පහ (2016-2020) තුළ කිරි සඳහා පැවති මුළු ඉල්ලුමෙන් දේශීය කිරි නිෂ්පාදනයට සපුරාලීමට හැකි වූ ප්‍රතිශතයද ගණනය කර බැලූ අතර එය 38.42% ක් විය. මෙම අගය අමාත්‍යවරයා විසින් දැක්වීමට යෙදුණු අගයට වඩාත් සමීප වේ.  

දේශීය කිරි නිෂ්පාදනය සඳහා ඉහත සලකා බලන ලද කාලසීමාවට වඩා වැඩි කාලසීමාවකට අදාළ වූ සාමාන්‍යයක් ගෙන හැර දක්වමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ යැයි යන පදනම මත ඔහුගේ එම ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු.  

**FactCheck.lk හිනිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්මයාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  



Additional Note

දේශීය කිරි නිෂ්පාදනය මඟින් සපුරාලීමට නොහැකි වන ඉල්ලුම සඳහා කිරිපිටි ආනයනය කිරීමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් යොමු වී තිබේ. ඒ අනුව, 2020 වසරේදී ආනයනය කරන ලද කිරිපිටිවල මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 316 ක් විය. FactCheck.lk, 04021000, 04022100, 04022900, 04029100, 04029910, 04029990 යන HS කේත සඳහා මෙම ගණනය කිරීම සිදු කළ අතර, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් වාර්තා කර තිබූ අගයන් ඇමෙරිකානු ඩොලර්වලින් දැක්වීම සඳහා විනිමය අනුපාතිකයේ වාර්ෂික සාමාන්‍යය උපයෝගි කරගන්න ලදි. 


මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2020, පි.  384, ප්‍රවේශයhttps://www.treasury.gov.lk/api/file/f64f9700-0402-49d0-9f38-f28629a8c379 [අවසන් වරට ප්‍රවේශය 2021, අගෝස්තු 31] 

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2020, මූලික ආර්ථික දර්ශක, පි.  2, ප්‍රවේශයhttps://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2020/en/3_KEI.pdf  [අවසන් වරට ප්‍රවේශය 2021, අගෝස්තු 31] 

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වෙළඳ සංඛ්‍යාලේඛන, ප්‍රවේශයhttps://stat.edb.gov.lk/index.php  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.