රමේෂ් පතිරණ

ඉන්ධනවල අඩුම මිල ගැන අමාත්‍ය පතිරණ: ඩීසල් ගැන නිවැරදියි, පෙට්‍රල් ගැන වැරදියි

"

දකුණු ආසියානු කලාපයේ රටවල් එක්ක බැලුවාම තවමත් අපේ රටේ ඉන්ධන මිල කලාපයේ අනෙකුත් රටවලට වඩා අඩුයි. මේ කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට වඩා අඩු මිලට ඩීසල් ලබාදෙන්නේ පාකිස්තානය පමණයි. කලාපයේ අනෙකුත් රටවල් සියල්ලටම සාපේක්ෂව තවමත් පෙට්‍රල් සහ ඩීසල් අඩු මිලට ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේයි.

හැන්සාඩ් | ජූලි 20, 2021

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටින්නේ, ශ්‍රී ලංකාවට වඩා අඩු ඩීසල් මිලක් පවතින පකිස්තානය හැරුණු කොට, දකුණු ආසියාතික කලාපයේ අඩුම මිලකට පෙට්‍රල් සහ ඩීසල් ලබාදෙන්නේ ශ්‍රී ලංකාව බවයි.  

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC), ඉන්දීය ඛනිජ තෙල් සැලසුම් හා විශ්ලේෂණ අංශයේ (PPAC), පකිස්තාන රාජ්‍ය තෙල් සමාගමේ (PSO), බංග්ලාදේශ ඛනිජ තෙල් සංස්ථාවේ (BPC), මාලදිවයින් රාජ්‍ය වෙළඳ සංවිධානයේ (STO) හා සීමාසහිත භූතාන රාජ්‍ය වෙළඳ සංස්ථාවේ (STCBL) දත්ත මෙන්ම Kuensel online සහ  කත්මන්ඩු  ටුඩේ පුවත්පත් ලිපි සහ globalpetrolprices.com දත්ත සමුදාය පරිශීලනය කොට ඇත. 

පෙට්‍රල් සහ ඩීසල්වල වර්ගය අනුවද මිල ගණන් වෙනස් වේ. එසේම, බොහෝ රටවල් අඩු තරමින් ඛනිජ තෙල් ආශ්‍රිත ඉන්ධන වර්ග දෙකක් හෝ ලබාදේ. FactCheck.lk මගින් එම එක් එක් රටක වෙළඳපොළට ලබාදෙන මිල අඩුම ඉන්ධන වර්ගය පාදක කරගනිමින් රටවල් අතර ඉන්ධන මිල ගණන් සංසන්දනය කර ඇත (ශ්‍රී ලංකාවේ රුපියල්වලින්). 

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළ කාලයට අදාළ (2021 ජූලි 20) නිල දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයකට නියම වී තිබූ අවම මිල වූයේ රුපියල් 157.00 කි. අමාත්‍යවරයාගේ ප්‍රකාශය සිදු කෙරුණු කාලයේ හෝ එසේත් නැත්නම් ඊට පෙර කාලයේදී, අනෙකුත් රටවල ඉන්ධන සඳහා නියම වී තිබූ මිල ගණන් මෙහිදී ශ්‍රී ලංකා රුපියල්වලින් සලකා බලා ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ඇෆ්ගනිස්ථානයේ රුපියල් 137.39 ක්, මාලදිවයිනේ රුපියල් 141.15 ක් සහ පකිස්තානයේ රුපියල් 147.18 ක් වී ඇත (OANDA වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි 2021 ජූලි 19 දක්වා දින හතක විනිමය අනුපාතයන්ගේ සාමාන්‍යයන් ගෙනමෙම සියලුම විදෙස් මුදල් ඒකක ශ්‍රී ලංකා රුපියල්වලට හරවා ඇත). ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පරස්පර විරෝධී ලෙසින්, මෙම සියලුම රටවල් ශ්‍රී ලංකාවට වඩා අඩු මිල ගණන්වලට පෙට්‍රල් ලබාදුන් බව පෙනී යයි. 

ඔටෝ ඩීසල් සඳහා ශ්‍රී ලංකාවේ නියම කෙරී තිබූ අවම මිල ලීටරයකට රුපියල් 111.00 කි. අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරන මොහොතේදී දකුණු ආසියානු කලාපයේ ඔටෝ ඩීසල් සඳහා වූ අවම මිල එයයි. 

මෙසේ බලන විට, දකුණු ආසියානු කලාපයේ අඩුම ඩීසල් මිල ගණන් ඇත්තේ ශ්‍රී ලංකාවේ යැයි අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය නිවැරදි වේ (එම මිල ගණන් සැබවින්ම පකිස්තානයටත් වඩා අඩුය). කෙසේ වෙතත්, අමාත්‍යවරයා විසින් එම ප්‍රකාශය තුළ, කලාපයේ අඩුම පෙට්‍රල් මිල ගණන් ඇත්තේ ශ්‍රී ලංකාවේ යැයි ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ. මන්දයත්, එම ප්‍රකාශය සිදු කළ කාලය වන විට ඇෆ්ගනිස්ථානයේ, මාලදිවයිනේ සහ පකිස්තානයේ පෙට්‍රල් සඳහා මිල ගණන් ලංකාවට වඩා අඩු මට්ටමක පැවති බැවිනි. 

ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු.  

**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

GlobalPetrolPrices.com, ගැසොලීන් මිල ගණන්ඩීසල් මිල ගණන්, ප්‍රවේශය:  https://www.globalpetrolprices.com/ [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 06] 

බංග්ලාදේශ ඛනිජ තෙල් සංස්ථාවඛනිජ තෙල් නිෂ්පාදන මිල ගණන් වගුව, ප්‍රවේශය: http://www.bpc.gov.bd/ [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 12] 

සීමාසහිත භූතාන රාජ්‍ය වෙළඳ සංස්ථාවභූතාන් පෙට්‍රෝලියම් සමාගමරම්ටොක්ටෝ ඉන්ධන අලෙවිහලප්‍රවේශයhttps://www.stcb.bt/bhutanpetroleum.php [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 06] 

Kuenselonline, පුවත් වාර්තාව-අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවීම දිගටම පවතී (Increase in prices of essentials remains unabated News article), ප්‍රවේශයhttps://kuenselonline.com/increase-in-prices-of-essentials-remains-unabated/ [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 12] 

ඉන්දීය ඛනිජ තෙල් සැලසුම් හා විශ්ලේෂණ අංශය,  ඛනිජ තෙල්මිල ගණන්, 16.6.2017 සිට මහ නගරවල පෙට්‍රල් සහ ඩීසල් සඳහා නිර්දේශිත විකුණුම් මිල වගුව සඳහා ප්‍රවේශය: https://www.ppac.gov.in/WriteReadData/userfiles/file/PP_9_a_DailyPriceMSHSD_Metro.pdf  [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 12] 

මාලදිවයින් රාජ්‍ය වෙළඳ සංවිධානයපුවත්නිවේදනඉන්ධන මිල සංශෝධනය කිරීම, ප්‍රවේශය:  ප්‍රවේශයhttps://sto.mv/Media/Details/revision-of-fuel-price-ref-fr-2021 [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 06] 

කත්මන්ඩු ටුඩේව්‍යාපාර, 2021 නේපාලයේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්පුවත්පත් ලිපිය, ප්‍රවේශයhttps://www.ktm2day.com/petrol-diesel-lpg-gas-aviation-fuel-price-in-nepal/ [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 12] 

පකිස්තාන රාජ්‍ය තෙල් සමාගමනිෂ්පාදන හා සේවානිෂ්පාදන මිල  ගණන්, ඛනිජ තෙල් ලිහිසි තෙල් (POL) පෙර පළ කරන ලද ලිපිප්‍රවේශයhttps://psopk.com/en/product-and-services/product-prices/pol/pol-archives [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 06] 

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවපැරණි මිල ගණන්ප්‍රවේශය: http://ceypetco.gov.lk/historical-prices/ [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 06] 

 OANDA, පැරණි අනුපාත මුදල් පරිවර්තකයප්‍රවේශයhttps://www.oanda.com/fx-for-business/historical-rates [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 06] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.