දයාසිරි ජයසේකර

සංචාරක ව්‍යාපාරයේ ආදායම කඩාවැටීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර තිතටම හරි!

"

"පාස්කු ප්‍රහාරයෙන් පස්සේ, ඒ වගේම ඇති වෙලා තියෙන මේ කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක, සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙන්නේ. රටට ලැබෙන්න තිබිච්ච ඩොලර් බිලියන 5ක් අපට අහිමි වුණා මේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා අවුරුද්දකට"

ඩේලි මිරර් ඔන්ලයින් | ජූලි 13, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සහ කොවිඩ්-19 වසංගතයෙන් අනතුරුව සිදුවූ “බිඳ වැටීම” පිළිබඳව සොයාබැලීම සඳහා  FactCheck.lk විසින් 2019 අප්‍රේල් මාසයෙන් පසුවත් 2020 මාර්තු මාසයෙන් (කොවිඩ්-19 සංචරණ සීමා හඳුන්වා දුන් කාලවකවානුව) පසුවත් සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායමඊට පෙර සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම හා  සංසන්දනය කරන්නට යෙදිණිමෙම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරෙන විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන තුළින් ලබා ගෙන ඇත. 

2018 වසරේදී සංචාරක කර්මාන්ත  තුළින් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,380.6 ක් වූ බව වාර්තාගතව තිබිණි. 2019 වසරේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,606.9ක් ලෙස වාර්තාගත වී ඇති අතර මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 773.7 ක පහත බැස්මකි(17.7% ක පහත වැටීමක්). මෙම පහත බැසීම (සහ තවදුරටත් සිදු වූ පහත බැසීම්) සම්පූර්ණයෙන්ම පාහේ 2019 අප්‍රේල් මාසයෙන් පසුව සිදුවී ඇති අතර, 2018 මැයි සිට දෙසැම්බර් දක්වා කාලය හා සැසඳීමේදී, 2019 මැයි සිට දෙසැම්බර් දක්වා කාල පරාසය තුළ, ඇමෙරිකානු ඩොලර් මිලියන 816.8 ක පහත වැටීමක් සිදුව තිබේ (නිදර්ශක අංක 1 සහ 2 බලන්න). 

2020 වසර වන විට සංචාරක කර්මාන්තයෙන් වාර්තා වූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 682.4 ක් දක්වා තව දුරටත් පහත බැස ඇත (2018 වසර හා සැසඳීමේදී 84.4% ක පහත වැටීමක්). මෙම වසර තුළ වාර්තා වූ සියලුම සංචාරක ඉපැයීම් පාහේ වාර්තාගතව ඇත්තේ 2020 ජනවාරි සිට මාර්තු දක්වා වන අතර, ඉන් පසු පැමිණි මාස නවය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියනයකටත් වඩා අඩු බව වාර්තා වී ඇත. 

පාස්කු බෝම්බ ප්‍රහාරයත්, කොවිඩ්-19 වසංගතයත් සමඟින් සංචාරක කර්මාන්තය “බිඳ වැටුණු” බවට රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කෙරුණු නිර්වචනය මෙම සංඛ්‍යා ඔස්සේ තහවුරු වේ 

එසේම මෙම පාඩුව මෙම වසර දෙකේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක සාමාන්‍යයක් ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායමේ වාර්ෂික වර්ධනය 2018  පෙර 10% ඉක්මවා ගොස් තිබේ. 10% ක් පමණක් වූ වර්ධන වේගයක් සහිතව වුවත්, 2019 සහ 2020 වසරවලදී සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,818.7 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 5,300.6 ක් වන්නට තිබුණි. එය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක සාමාන්‍යයකි. 

ඒ අනුව ගත් විට, රාජ්‍ය අමාත්‍ය ජයසේකර ප්‍රකාශ කළ පරිදි (අ) පාස්කු ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතු කොට ගෙන සංචාරක කර්මාන්තය බිඳ වැටුණු බව; සහ (ආ) ඒ් හේතුවෙන් වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් අහිමි වූ බව දත්ත ඇසුරින් සනාථ වේ. ඒ අනුව ඔහුගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි සඳහන් කරමු. 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

නිදර්ශකය 1: ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය හරහා මාසිකව ඉපැයූ ආදායම: 2017 සිට 2021 දක්වා (ඇ.ඩොලර් මිලියන) 

නිදර්ශකය 2: ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම පිළිබඳ සාරාංශය: 2018 සිට 2020 දක්වා (ඇ.ඩොලර් මිලියන) 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවසංඛ්‍යාතිසංඛ්‍යාලේඛනවිදේශීය අංශය , සංචාරක ඉපැයීම් (2009 ජනවාරි සිට) වගුවප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූලි 19] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.