එජාප උපනායක විජයවර්ධන, කොවිඩ්-19 මරණ සංඛ්‍යාව පිළිබඳව වැරදි අතට බර විශ්ලේෂණයක් සිදු කරයි
පැයකට රෝගීන් 10 ක් මිය යන බව පැවසෙනවා. රෝගීන් මිය යාමේ වේගය 1.5% ක්. කොවිඩ් රෝගයෙන් ආසියාවේ වැඩිම මරණ අනුපාතය වාර්තා වන රට බවට ලංකාව පත්වෙලා.
අරුණ | අගෝස්තු 12, 2021
Posted on: 23 සැප්තැම්බර්, 2021

තරමක් නිවැරදියි
දේශීය කිරි නිෂ්පාදනය පිළිබඳව රඹුක්වැල්ල අමාත්‍යවරයා කරන ප්‍රකාශය නිවැරදියි
(දේශීය) කිරි නිෂ්පාදනය, තවමත් මුළු අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ තමයි
ඩේලි නිව්ස් | අගෝස්තු 11, 2021
Posted on: 16 සැප්තැම්බර්, 2021

නිවැරදියි
සීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ
සීනි බදු වංචාව නිසා [ශ්‍රී ලංකා] රජයට රුපියල් බිලියන 20ක දැවැන්ත අලාභයක් සිදු වුණා.
සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුව | අගෝස්තු 27, 2021
Posted on: 9 සැප්තැම්බර්, 2021

නිවැරදියි
ඉන්ධනවල අඩුම මිල ගැන අමාත්‍ය පතිරණ: ඩීසල් ගැන නිවැරදියි, පෙට්‍රල් ගැන වැරදියි
දකුණු ආසියානු කලාපයේ රටවල් එක්ක බැලුවාම තවමත් අපේ රටේ ඉන්ධන මිල කලාපයේ අනෙකුත් රටවලට වඩා අඩුයි. මේ කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට වඩා අඩු මිලට ඩීසල් ලබාදෙන්නේ පාකිස්තානය පමණයි. කලාපයේ අනෙකුත් රටවල් සියල්ලටම සාපේක්ෂව තවමත් පෙට්‍රල් සහ ඩීසල් අඩු මිලට ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේයි.
හැන්සාඩ් | ජූලි 20, 2021
Posted on: 2 සැප්තැම්බර්, 2021

තරමක් නිවැරදියි
දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හා චීනයට හිමිව තිබූ ස්ථාන පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුළුමනින්ම වැරදියි
අපි යහපාලන ආණ්ඩුවට රට බාර දෙනකොට ලෝකයේ ආර්ථික වර්ධනය වැඩිම රට බවට චිනය පත්වෙද්දි, අපේ රට දෙවැනි ස්ථානයේ තමයි තිබුණේ.
ලංකාදීප | ජූලි 30, 2021
Posted on: 27 අගෝස්තු, 2021

මුළුමනින්ම වැරදියි
ජනගහනයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ
කෘෂිකර්මාන්තයෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය 10%කට වඩා අඩු වුණාට කෘෂිකර්මාන්තයෙන් ජිවත්වන ජන කොට්ඨාසය මේ රටේ ජනතාවගෙන් 1/3ක්. 30%කට වැඩියි.
මව්බිම | ජූලි 1, 2021
Posted on: 19 අගෝස්තු, 2021

නිවැරදියි
බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
2014 දී මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලය වන විට බදු ආදායම රුපියල් බිලියන 1,050 ක් වුණා. ඉන් අනතුරුව පැමිණි අනුප්‍රාප්තික යහපාලන රජය වසරකට රුපියල් බිලියන 1,700 කට වඩා එකතු කිරීම සඳහා බදු අනුපාත පැනවීම නිසා, බදු බර පමණ ඉක්මවා ගියා.
ඩේලි නිව්ස් | ජූනි 24, 2021
Posted on: 13 අගෝස්තු, 2021

තරමක් නිවැරදියි
ශ්‍රී ලංකාවේ ණය වගකීම්වල සැඟවුණු පැතිකඩක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක සඳහන් කරයි
රාජ්‍ය අංශයේ ණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 109.7%ක් ලෙස මහ බැංකුව වාර්තා කර තිබෙනවා. මෙය ඉතිහාසයේ ඉහළම අගයයි. රජය විසින් ස්වෛරි බැඳුම්කර වටිනාකම අඩුවෙන් දැක්වීම නොසලකා හැරියොත් මෙය දළ දේශිය නිෂ්පාදිතයෙන් 113% ඉක්මවා යනවා.
දිනමිණ | ජූනි 2, 2021
Posted on: 5 අගෝස්තු, 2021

නිවැරදියි
සංචාරක ව්‍යාපාරයේ ආදායම කඩාවැටීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර තිතටම හරි!
"පාස්කු ප්‍රහාරයෙන් පස්සේ, ඒ වගේම ඇති වෙලා තියෙන මේ කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක, සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙන්නේ. රටට ලැබෙන්න තිබිච්ච ඩොලර් බිලියන 5ක් අපට අහිමි වුණා මේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා අවුරුද්දකට"
ඩේලි මිරර් ඔන්ලයින් | ජූලි 13, 2021
Posted on: 29 ජූලි, 2021

නිවැරදියි
කොවිඩ්-19 කළමනාකරණය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ – ජය කණුවට තව දුරය
දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී ලංකාවයි.
මව්බිම | ජූලි 12, 2021
Posted on: 22 ජූලි, 2021

වැරදියි