අශෝක් අබේසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසිංහ කාබනික කෘෂිකර්මාන්ත සංඛ්‍යාලේඛන පිළිබඳ හරි මගක

"

ලෝකයේ 10% ක් වත් කාබනික වගාවට යොමුවෙච්ච රටවල් තියෙන්නේ 16 ක් පමණ. ඒ [රටවල්] 16 න් එකම ආසියානු රටක් වත් නෑ...

සමගි ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 26, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය කෙරෙන්නේ, ශ්‍රී ලංකාවට කෙටි කාලයකදී 100% ක්ම කාබනික කෘෂිකර්මාන්තයක් වෙත ගමන් කිරීම සාධනීයව කළ හැක්කක් නොවන බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ වැරදි නිවැරදි බව ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk විසින් කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාපාරයන් සඳහා වන ජාත්‍යන්තර සමූහය (IFOAM – Organics International) මඟින් ප්‍රකාශයට පත් කරන ලද ‘කාබනික කෘෂිකර්මාන්ත ලෝකය 2021 – සංඛ්‍යාලේඛන සහ නැගී එන ප්‍රවණතාවන් (The World of Organic Agriculture 2021 – Statistics and Emerging Trends)’ යන වාර්තාව පරිශීලනය කොට ඇත. මෙම වාර්තාව මගින් ගෝලීය කාබනික කෘෂිකර්මාන්තයේ මෑතකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් පුළුල් සමාලෝචනයක් ඉදිරිපත් කෙරෙන අතර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන මගින් ද එය අනුමත කර ඇත. 

කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාපාරයන් සඳහා වන ජාත්‍යන්තර සමූහයේ (IFOAM) 2008 වර්ෂයේ මහා මණ්ඩල සමුළුවේදී සම්මත කරගත්, කාබනික කෘෂිකර්මය පිළිබඳ නිර්වචනය මෙම වාර්තාවේ භාවිතා කෙරී ඇත. එය මෙසේයි: “කාබනික කෘෂිකර්මාන්තය යනු, පසේ, පරිසර පද්ධතීන්හි, සහ මිනිසුන්ගේ නිරෝගීබව පවත්වා ගෙන යන නිෂ්පාදන පද්ධතියකි. එය අහිතකර බලපෑම් සහිත යෙදවුම් භාවිතයට වඩා, පාරිසරික ක්‍රියාවලීන්, ජෛව විවිධත්වය සහ දේශීය තත්වයන්ට අනුගත වූ චක්‍රයන් මත රඳා පවතී...” 

කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙම වාර්තාවේ භාවිතා වී ඇති දත්ත මගින් නියෝජනය වන්නේ, මේ වන විට කාබනික කළමනාකරණය යටතේ ඇති සියලුම භූමීන් වේ. එනම්, මේ වනවිට සම්පූර්ණයෙන්ම කාබනික බවට පරිවර්තනය වී ඇති භූමීන් මෙන්ම, පරිවර්තනය වෙමින් පවතින භූමීන් වේ. නිදර්ශක අංක 1 මගින් පෙන්නුම් කරන පරිදි, සමස්ත කෘෂිකාර්මික භූමියෙන් අඩු තරමින් 10% ක ප්‍රමාණයක් හෝ සම්පූර්ණයෙන්ම කාබනික කළමනාකරණය යටතේ පවත්නා රටවල් ඇත්තේ 16 ක් පමණි. එම රටවල් ලැයිස්තුවට ආසියාතික කලාපයේ එකදු රටක් හෝ ඇතුළත් නොවේ. 

එසේම, 2019 වන විට ශ්‍රී ලංකාවේ කාබනික කළමනාකරණය යටතේ පවතින්නේ රටේ සමස්ත කෘෂිකාර්මික භූමි ප්‍රමාණයෙන් 2.5% ක් පමණක් බවත්, 2018 වසරේ සිට 2019 දක්වා වූ කාලය තුළ කාබනික කළමනාකරණය යටතේ ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 77,169 ක සිට හෙක්ටයාර 70,436 ක් දක්වා, එනම් 8.7% කින් අඩුවී ඇති බවත් එම වාර්තාවෙන් ඇස්තමේන්තුගත කරයි. 

මෙලෙස, ලබාගැනීමට ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

අතිරේක සටහන්: කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාපාරයන් සඳහා වන ජාත්‍යන්තර සමූහය (IFOAM – Organics International) යනු, කාබනික කෘෂිකාර්මාන්ත ව්‍යාපාරය සඳහා වන ලෝකව්‍යාප්ත ආවරණිත සංවිධානයයි. එය, රටවල් 117 ක, අනුබද්ධිත ආයතන 800 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



Additional Note

අතිරේක සටහන්: කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාපාරය සඳහා වන ජාත්‍යන්තර සමූහය (IFOAM - Organics International) යනු, කාබනික කෘෂිකාර්මාන්ත ව්‍යාපාරය සඳහා වන ලෝකව්‍යාප්ත ආවරණිත සංවිධානයයි. එය, රටවල් 117 ක, අනුබද්ධිත ආයතන 800 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි.


මූලාශ්‍රය

විලර්හෙල්ගායාන් ට්‍රැවව්නිචෙක්, ක්ලෝඩියා මෙය්‍යර් සහ බර්නාඩ් ෂ්ලෙටර් (සංස්කරණය) (2021). කාබනික කෘෂිකර්මාන්ත ලෝකය 2021 – සංඛ්‍යාලේඛන සහ නැගී එන ප්‍රවණතාවන් (The World of Organic Agriculture 2021 – Statistics and Emerging Trends)කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBLසහ කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාපාරයන් සඳහා ජාත්‍යන්තර සමූහය (IFOAM _ Organics International)ප්‍රවේශය: https://www.fibl.org/fileadmin/documents/shop/1150-organic-world-2021.pdf 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.