මහින්දානන්ද අලුත්ගමගේ

ඇමති අලුත්ගමගේ ණයවර කාඩ්පත් සහ බදු ගොනු සංඛ්‍යාවන් අතිශයෝක්තියට න

"

අපේ රටේ බදු ගොනු ආසන්න වශයෙන් 1,000 ක් පමණ තිබෙනවා. අපේ රටේ ණයවර කාඩ්පත් මිලියන 10 කට වඩා තිබෙනවා. ඒ එක් එක් ණයවර කාඩ්පත් හිමියෙකු ආසන්න වශයෙන් රුපියල් මිලියන 1 ක සිට මිලියන 1.5 ක් දක්වා පමණ ගනුදෙනු සිදු කරනවා.

සන්ඩේ ඔබ්සර්වර් | සැප්තැම්බර් 12, 2021

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍ය අලුත්ගමගේ විසින් සිදුකළ උක්ත ප්‍රකාශයේ කරුණු තුනකි. ඒවා නම්, (අ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති බදු ගොනු සංඛ්‍යාව ආසන්නව 1,000 ක් පමණ වන බවත්, (ආ) රටේ ණයවර කාඩ්පත් මිලියන 10 කට වැඩියෙන් නිකුත් කොට ඇති බවත්, එසේම, (ඇ) ඒ සෑම කාඩ්පත් හිමියෙකුම රුපියල් මිලියන 1 කට වඩා වැඩි ප්‍රමාණයක ගනුදෙනු සිදුකරන බවත් වේ. එහිදී එම අගයසාමාන්‍ය ණයවර කාඩ්පත් හිමියෙකු විසින් සන්තකව තබාගෙන ඇති සියලුම ණයවර කාඩ්පත්වල වාර්ෂික ගනුදෙනුවල එකතුවකට වඩා, එක් ණයවර කාඩ්පතකින් වාර්ෂිකව සිදුකරන ගනුදෙනුවල සම්පූර්ණ අගය වන බව සන්දර්භයෙහි තබා, FactCheck.lk මගින් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන තෙවන කරුණ අර්ථකතනය කර ඇත. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සනාථ කර ගැනීම උදෙසා, FactCheck.lk විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්ත පරිශීලනය කොට ඇත. 

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන (අ) කරුණ ගත් විට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2019 වසර සඳහා වන වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව, ලියාපදිංචිව සිටින සම්පූර්ණ බදු ගෙවන්නන් සංඛ්‍යාව 1,705,233 ක් වේ (නිදර්ශක අංක 1 බලන්න). අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන්නට ඇත්තේ තනි පුද්ගලයින් සහ බදු ගෙවනා සේවානියුක්තිකයින් පමණක් (ආයතන සහ වෙනත් සමාගම් සමූහයන් නොව) යැයි උපකල්පනය කළද, එම සංඛ්‍යාව අමාත්‍යවරයා සඳහන් කළ 1,000 ක සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙසින් විශාල වේ (නිදර්ශක අංක 1 බලන්න).  

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන (ආ) කරුණ ගත් විට, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසරේ දෙවන කාර්තුව සඳහා වන ගෙවීම් සංග්‍රහයට අනුව, නිකුත් කර ඇති සමස්ත ණයවර කාඩ්පත් සංඛ්‍යාව 2,045,716 ක් වේ. වෙනත් ලෙසකින් දක්වන්නේ නම්, නිකුත් කර ඇති සමස්ත ණයවර කාඩ්පත් සංඛ්‍යාව අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාවෙන් 20% ක් පමණ වේඑමෙන්ම, 2020 වසර සඳහා සිදුවී ඇති සමස්ත ණයවර කාඩ්පත් ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 221.8 ක් ලෙස දැක්වේ. ඒ අනුව, එක් ණයවර කාඩ්පතක් සඳහා වාර්ෂිකව වැටෙන ගනුදෙනුවල වටිනාකමේ සාමාන්‍යය රුපියල් 111,765 කි. මෙයද, අමාත්‍යවරයා විසින් සිය ප්‍රකාශයේ සඳහන් කළ රුපියල් මිලියන 1 ත් 1.5 ත් අතර වූ අගයට වඩා විශාල වශයෙන් අඩු අගයකි (නිදර්ශක අංක 2 බලන්න).  

මෙසේ ගත් විට, අමාත්‍යවරයා විසින් සිය ප්‍රකාශය තුළ, ණයවර කාඩ්පත් සංඛ්‍යාවබදු ගොනු සංඛ්‍යාව සහ ණයවර කාඩ්පතක් හරහා සිදුවන ගනුදෙනුවල වටිනාකම යන සියලුම කරුණු සඳහා විශාල වශයෙන් අතිශයෝක්තිගත සංඛ්‍යාවන් ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. 

ඒ අනුව අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය මුළුමනින්ම වැරදි යැයි අපි පවසමු. 

සටහන: මෙම ප්‍රකාශය යොමු වන අත නොසලකා හැරියද, අමාත්‍යවරයා විසින් ණයවර කාඩ්පත් හිමියන් ඉතා කුඩා අනුකුලකයක් ලෙසින් වෙන් කොට හඳුනාගැනීමට අදහස් කළේ නම්, අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාවන් වලංගුවීමට නම්, සෑම ණයවර කාඩ්පත් හිමියෙකුම අඩු තරමින් ණයවර කාඩ්පත් 10 ක සාමාන්‍යයක් හෝ සන්තකව තබාගෙන, එම කාඩ්පත් 10 ඔස්සේම සාමාන්‍යයක් ලෙස වෙන් වෙන්ව වාර්ෂිකව රුපියල් 100,000 ක් බැගින් වන වියදමක් සිදු කළ යුතු වේ 

** FactCheck.lk හි විනිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවප්‍රකාශනවාර්ෂික කාර්ය සාධන වාර්තාව 2019, ප්‍රවේශයhttp://www.ird.gov.lk/en/publications/Annual%20Performance%20Report_Documents/IR_PR_2009_E.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 ඔක්තෝබර් 5] 

ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය පද්ධතිය, මූල්‍ය යටිතල පහසුකම්, ගෙවීම් හා පියවීම් පද්ධතිය, ගෙවීම් සංග්‍රහය දෙවන කාර්තුව 2021, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/Payments_Bulletin_2Q2021_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 ඔක්තෝබර් 5] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.