අනුර කුමාර දිසානායක
දිට්වා ආපදාවට වෙන් කළ මුදල්: භාණ්ඩාගාරයේ දිලිසෙන සියල්ල ණයවලින් තොර නොවේ
ඒ වෙනුවන් [දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීමට] අපි සතයක් ණයට ගත්තේ නැහැ. මුදල් මුද්‍රණය කිරීමක් කළේ නැහැ ඒ වෙනුවන්. අපේ භාන්ඩාගාරයේ account එකේ තිබුණා කෝටි 120,000ක්. ඒකෙන් කෝටි 50,000ක් අපි මේකට වෙන් කළා.
අනුර කුමාර දිසානායකගේ යූ ටියුබ් නාලිකාව | පෙබරවාරි 11, 2026
Posted on: 2026 අප්‍රේල් 4
තරමක් නිවැරදියි
ආපදා සහනවලට බිලියන 30 ක් තියෙනවා කිව්වාට ඇත්තටම තියෙනව ද?
ඒ වගේම ප්‍රතිපාදන, ඔබ දන්නවා අපි පසුගිය අයවැය ලේඛනයේ සම්මත කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 30,000කට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අපිට [ඒ මුදල්] වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සියලු ප්රතිපාදනයන් අප මේ සඳහා [ආපදාව ආශ්රිත සහන සැලසීමට] වෙන් කොට තිබෙනවා
ආර්ට් TV | නොවැම්බර් 30, 2025
Posted on: 2026 පෙබරවාරි 3
නිවැරදියි
ජනාධිපති අනුර කුමරාගේ සංචිත ගැන ප්‍රකාශය වැරදියි
අවුරුදු පහ, හයකට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අද අපේ රටේ තියෙනවා.
ජාතික ජන බලවේගයේ YouTube නාලිකාව | අප්‍රේල් 17, 2025
Posted on: 2025 ජූලි 11
වැරදියි
ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් ගැන ජනාධිපති අනුර කුමාර තරමක් නිවැරදියි
දැන් ලෝකේ ඉන්නවා මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක්, ලංකාවේ ඉන්නේ 85,000යි.
JVP Sri Lanka YouTube Page | අගෝස්තු 13, 2024
Posted on: 2024 ඔක්තෝබර් 25
තරමක් නිවැරදියි
ශ්‍රමික ප්‍රේෂණ නිසා භාණ්ඩ හිඟය වැළකෙන හැටි පා.ම. අනුර කුමාර හරියටම කියයි
මතක තබාගන්න අදත් අපේ රට දුවන්නේ ඔබ එවන විදෙස් මුදල්වලින්...අදත් අපේ රටේ තෙල් ටික තියෙන්නේ ගෑස් ටික තියෙන්නේ ඖෂධ තියෙන්නෙ එකක්, ඕගොල්ලෝ එවන විදෙස් විනිමය හේතු කොට ගෙන. දෙක, ණය නොගෙවීම හේතු කොට ගෙන.
අනුර කුමාර දිසානායකගේ YouTube නාලිකාව | ජූලි 21, 2024
Posted on: 2024 අගෝස්තු 29
නිවැරදියි
AKD: හරි දෙයක් කියන්න ගොස් කරුණු පටලවාගනී
අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාතෙන්. උතුරු මැද පළාතේ දායකත්වය 5% යි. වයඹ පළාතේ දායකත්වය 9% යි. ආර්ථිකයට ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගලාගෙන යන්නේ... ග්‍රාමීය දුප්පත් ජනතාවට ආර්ථිකයේ පංගුකරුවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී නැහැ.
අරුණ | ජනවාරි 26, 2023
Posted on: 2023 මාර්තු 2
තරමක් නිවැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 2022 දෙසැම්බර් 1
තරමක් නිවැරදියි
රාජපක්ෂ අයවැය තක්සේරු කිරීමේදී පා.ම. අනුර කුමාර නිවැරදි නොවන වර්ගීකරණයක
රාජපක්ෂවරු කැබිනට් මණ්ඩලයේ 4ක් නියෝජනය කරනවා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ පවුල වෙත - ඒ ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශ වෙත - කොච්චර මුදලක් වෙන් කොට තිබෙනවාද? මුළු වියදම බිලියන 5200 යි, ට්‍රිලියන 5.2 යි. හැබැයි ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල, මිලියන 5200ක් වැය කරන කොට මිලියන 3470ක් වැය ක
Newfirst.lk | නොවැම්බර් 20, 2021
Posted on: 2021 දෙසැම්බර් 1
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක, ගෑස් නළ පද්ධති ගිවිසුමේ ගැටළුකාරීබව ගෙන හැර දක්වයි
... බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම් [යුගදනවි බලාගාරයට අදාළව LNG යටිතලපහසුකම් ඉදිකිරීමට] මෙම ටෙන්ඩරයට කිසිසේත්ම සම්බන්ධ නොවූ ඇමෙරිකානු සමාගමක් [නිව් ෆෝට්රස් එනර්ජි සමාගම] වෙත පවරනවා
ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව | සැප්තැම්බර් 19, 2021
Posted on: 2021 ඔක්තෝබර් 28
නිවැරදියි
අච්චු ගැසූ මුදල් ගැන මන්ත්‍රී අනුර කුමාර දිසානායක අධිතක්සේරුවක
"මේ ආණ්ඩුව බලයට පත්වු දිනයේ සිට මේ අවුුරුද්දේ මාර්තු මාසය වන විට බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා"
මව්බිම | මැයි 3, 2021
Posted on: 2021 ජූනි 25
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි
අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා.
දිවයින | ඔක්තෝබර් 25, 2019
Posted on: 2019 නොවැම්බර් 6
නිවැරදියි
අනුර කුමාර දිසානායක: වතු කම්කරුවන්ගේ දරිද්‍රතාවය පිළිබඳව නිවැරදිය
(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා
ඩේලි නිවුස් | ජනවාරි 25, 2019
Posted on: 2019 ජනවාරි 21
නිවැරදියි
පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දිසානායක මන්ත්‍රීවරයාගේ දත්ත හා ප්‍රකාශ සාවද්‍ය වේ.
මහ බැංකු වාර්තා අනුව 52%ක් නිෂ්පාදනය කරන්නෙ බස්නාහිර. [….] දකුණට 9%යි. කොහොම වුණත් අනෙක් සියලුම පළාත්වලට 48%යි. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නෑ.
මව්බිම | අගෝස්තු 28, 2018
Posted on: 2018 ඔක්තෝබර් 17
මුළුමනින්ම වැරදියි