අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක: වතු කම්කරුවන්ගේ දරිද්‍රතාවය පිළිබඳව නිවැරදිය

"

(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා

ඩේලි නිවුස් | ජනවාරි 25, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 ජනවාරි 25 වන දින ඩේලි නිවුස් ඉංග්‍රීසි පුවත්පත පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශයක්  මෙලෙස උපුටා දක්වා තිබුණි:

“(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා”

දිසානායක මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 24 වන දින පාර්ලිමේන්තු සැසියේ වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගෙන එන අතරතුරය.

2016 වසරේ ගෘහ ඒකක ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයට අනුව වතු අංශයේ සාමාන්‍ය ගෘහස්ථ ආදායම රු. 34,804 වන අතර සාමාන්‍ය ගෘහස්ථ ආහාර වියදම රු. 16,890 කි. (දත්ත සඳහා 1 වගුව බලන්න.) ඒ අනුව වතු අංශය ගෘහස්ථ ආදායමෙන් ආහාර සඳහා වැය කරන ප්‍රතිශතය 48.5% කි.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක උපුටා දක්වා ඇති දත්ත නිල දත්ත හා ආසන්න වන බැවින් මෙම ප්‍රකාශය සත්‍යයක් ලෙසට අප විසින් නම් කර ඇත.

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: සාමාන්‍ය ගෘහස්ථ ආහාර වියදම, සාමාන්‍ය ගෘහස්ත ආදායම, හා සාමාන්‍ය ආහාර වියදම සාමාන්‍ය ගෘහස්ථ ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස, නාගරික, ගම්බද, හා වතු යන අංශ අනුව



මූලාශ්‍රය

  • ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගෘහ ඒකක ආදායම් හා වියදම් පිළිබද සමීක්ෂණය, ගෘහ ඒකක ආදායම් හා වියදම් පිළිබද සමීක්ෂණ 2016 අවසන් වාර්තාව,   http://www.statistics.gov.lk/HIES/HIES2016/HIES2016_FinalReport.pdf, පිටු අංක 7, 24