මහින්ද අමරවීර

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරවීර විසින් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා යන වියදම වැඩි කොට දක්වයි

"

රජයේ ආදායමෙන් 85% කටත් වඩා වැයවෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු මාධ්‍ය දැනුවත් කිරීම | සැප්තැම්බර් 1, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරවීර විසින් සිදු කෙරුණු මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සෙවීම උදෙසා, FactCheck.lk මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්ෂික වාර්තාවන් පරිශීලනයට ගෙන ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන්හි දත්ත මගින් පෙන්නුම් කරන්නේ, 2016 සිට 2019 දක්වා කාලය තුළ  රාජ්‍ය සේවකයන් සඳහා ගෙවා ඇති වැටුප්, වේතන සහ විශ්‍රාම වැටුප් සඳහා වැය වී ඇති මුදල රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට, 44% ක සාමාන්‍යයක් පමණක් වන බවයි. එය මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අගයට වඩා අතිශයින්ම පහළ අගයකි. 2020 දී රාජ්‍ය සේවක වැටුප්, වේතන සහ විශ්‍රාම වැටුප් සඳහා රාජ්‍ය ආදායමෙන් 77% ක් වැය වී ඇත. ප්‍රධාන වශයෙන් එම වැඩිවීමට හේතුවී ඇත්තේ රාජ්‍ය ආදායම 28% කින් පහළ වැටීමත්, රාජ්‍ය සේවක වැටුප්, වේතන සහ විශ්‍රාම වැටුප් සඳහා වන වියදම 15% කින් ඉහළ නැගීමත් වේ. 

රාජ්‍ය සේවක වැටුප්, වේතන සහ විශ්‍රාම වැටුප් සඳහා වැය වී ඇති රාජ්‍ය ආදායම ප්‍රතිශතයක් ලෙසින් ගත් විට සාමාන්‍යයෙන් 50% කට අඩු මට්ටමක පැවත තිබේ. මෙම ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස වැඩි වූ 2020 වසරේදී පවා එම ප්‍රතිශතය මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත අගයට වඩා සැලකිය යුතු තරම් අඩු අගයක් පෙන්වීය 

ඒ අනුව, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි ප්‍රකාශ කරමු. 

 

**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවවාර්ෂික වාර්තා (2016 – 2020), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 සැප්තැම්බර් 07] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.