ණය
ගෙව්වාට වඩා වැඩියෙන් ශ්‍රී ලංකාව විදෙස් ණය ගත් බව මන්ත්‍රී රණවක පෙන්වයි
එ.ජ.ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවූ බව මහ බැංකුව වාර්තා කරත් එම කාලය ඇතුළතම බහුපාර්ශ්වික මූලාශ්‍රවලින් එ.ජ.ඩොලර් බිලියන 3 ක් ණයට අරගෙන තිබෙනවා.
පාඨලී චම්පික රණවකගේ X ගිණුම | අප්‍රේල් 8, 2024
Posted on: 15 මැයි, 2024
නිවැරදියි
පා.ම. අනුර කුමාර රනිල්ගේ යහපාලන ණය වැඩිකර කියයි
2015 රනිල් වික්‍රමසිංහ බලයට එනකොට අපි ණය අරන් තිබුණේ රු. ට්‍රිලියන 8.5 යි…2020 දී රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15 යි... ආසන්න වශයෙන් ගත්තොත් රනිල්ගේ අවුරුදු 5 ට රට ණය කරා රුපියල් ට්‍රිලියන 6.5 න්
JVP Sri Lanka ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 22, 2023
Posted on: 12 දෙසැම්බර්, 2023
වැරදියි
විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය
මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත.
නිව්ස්වයර් | ජනවාරි 7, 2022
Posted on: 2 පෙබරවාරි, 2022
වැරදියි
ණය සැසඳීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවැරදි නොවන ගණනය කිරීමක
මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගන්නකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 2 යි. එතුමා රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10 කට ණය ප්‍රමාණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. [නමුත්] අපට [නැවත] රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 13 යි. තමුන්නාන්සේලා [යහපාලන රජය] අවුරුදු 5 කට ගත්තා, ට්‍රිලියන 6 ක්.
හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021
Posted on: 27 ජනවාරි, 2022
වැරදියි
මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න, ණය වැඩිවීම සම්බන්ධයෙන් පිට පිට පටලවා ගනී
එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව භාරදෙනකොට අපේ විදේශ ණය තිබුණේ සියයට 72යි. නමුත් යහපාලන ආණ්ඩුවට පසු මේ ආණ්ඩුව බලයට එන අවස්ථාව වන කොට ඒ ණය ප්‍රමාණය සියයට 96 දක්වා වැඩි වෙලා තිබුණා. එතකොට විශාල ණය ප්‍රමාණයක් ඒ අය බලයේ සිටි අවුරුදු පහ තුළ අරගෙන තිබෙන බව අපි කියන්න ඕනෑ.
හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 15, 2021
Posted on: 17 දෙසැම්බර්, 2021
වැරදියි
ශ්‍රී ලංකාවේ වාර්තාගත ණය පොලී ගෙවීම් පිළිබඳව මන්ත්‍රී වික්‍රමරත්නගේ ගණන් හිලවු නිවැරදියි!
රජයේ ආදායමෙන් 70% ක් ණය සඳහා පොලී නැවත ගෙවීමට වැය වෙනවා. ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාව හැරෙන්නට ණය සඳහා වැඩිම පොලියක් ගෙවන ලෝකයේ එකම රට වෙන්නේ ලෙබනනය පමණයි.
ඩේලි එෆ්ටී | අගෝස්තු 5, 2021
Posted on: 30 සැප්තැම්බර්, 2021
නිවැරදියි
ශ්‍රී ලංකාවේ ණය වගකීම්වල සැඟවුණු පැතිකඩක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක සඳහන් කරයි
රාජ්‍ය අංශයේ ණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 109.7%ක් ලෙස මහ බැංකුව වාර්තා කර තිබෙනවා. මෙය ඉතිහාසයේ ඉහළම අගයයි. රජය විසින් ස්වෛරි බැඳුම්කර වටිනාකම අඩුවෙන් දැක්වීම නොසලකා හැරියොත් මෙය දළ දේශිය නිෂ්පාදිතයෙන් 113% ඉක්මවා යනවා.
දිනමිණ | ජූනි 2, 2021
Posted on: 5 අගෝස්තු, 2021
නිවැරදියි
ලොහාන් රත්වත්තේ වාහන ණය ගැන ඉදිරිපත් කරන අදහස සහමුලින්ම වැරදිය
"මේක ක්‍රෙඩිට් ලයින් එකක්… ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කළේ නැත්නම් ඒක අපතේ යනවා, ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ වාහන ගෙනාවයි කියලා අපේ ආණ්ඩුවට ණය බරක් ඇති වෙන්නේ නැහැ"
Newfirst.lk | ජූනි 12, 2021
Posted on: 8 ජූලි, 2021
මුළුමනින්ම වැරදියි
චීන ණය බර ගැන මන්ත්‍රී රෝහණ බණ්ඩාර කරන ප්‍රකාශයත් ඒ තරමටම බරය
"ශ්‍රී ලංකාවට දී ඇති ණයවලින් 14%ක් ලබා දී ඇත්තේ චීනයයි"
දිනමිණ | මැයි 10, 2021
Posted on: 3 ජූනි, 2021
නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: ගෙවීමට ඇති ණය පිළිබඳව කරන ප්‍රකාශයේ වරදක් නැතුවාම නොවේ
මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ.ඩොලර් බිලියන 14 ක් ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරන වෙනත් කිසිදු ණය හිමියෙකු, [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන්...
සන්ඩේ ඔබ්සර්වර් | පෙබරවාරි 28, 2021
Posted on: 31 මාර්තු, 2021
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින්, ගෙවීමට ඇති නියම විදේශීය ණය ප්‍රමාණය තිරය ඉදිරියට ගෙන එයි
ආසන්න වශයෙන් මසකට ඩොලර් මිලියන 400 ක ණය ගෙවන්න තිබෙනවා. ලංකාවේ මුළු ණය වලින් සියයට 48ක් දක්වා විදේශ ණය වැඩි වී තිබෙනවා.
ලංකාදීප | ඔක්තෝබර් 12, 2020
Posted on: 26 නොවැම්බර්, 2020
නිවැරදියි
ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වන කාරණය සැබෑය
...දැන් මේගොල්ලෝ කෑගැහුවානේ අවුරුදු පහකට රුපියල් බිලියන පන්දාස් හත්සීයකින් ණය වැඩි වුණා කියලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ මාස හතරට [ආසන්න වශයෙන්] බිලියන දාහකින් වැඩිවෙලා... ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මාසෙකට වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා දෙකහමාර ගුණයකින් ණය වැඩි වෙලා.
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | ජූලි 7, 2020
Posted on: 1 ඔක්තෝබර්, 2020
නිවැරදියි
නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ගත් ණය පිළිබඳව මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදුකරන අර්ථකථනය එතරම්ම නිවැරදි නොවිය හැකිය
ඒ වගේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව ස්වෛරී රාජ්‍යයක් හැටියට ජාත්‍යන්තරයෙන් ණයක් ඉල්ලුවාම ඒ අය ඇපයක් ඉල්ලලා තියෙනවා. ඒකට හේතුව තමයි ජාත්‍යන්තරය දකිනවා අපිට ඉදිරි මාස කිහිපය තුළ මේ යන ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දීමට සිද්ධ වෙනවා කියලා.
අරුණ | ජූලි 20, 2020
Posted on: 20 අගෝස්තු, 2020
තරමක් නිවැරදියි
ණය බර පිළිබඳව උදය ගම්මන්පිල: සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් නිවැරදියි, නිගමනය සම්බන්ධයෙන් එතරම් නිවැරැදි නොවෙයි
2005 දී අපි රට භාරගන්නා විට ලංකාවේ ණය බර 103% යි… ණය බර 72%ට බැස්සුවා. එජාපය රට පාලනය කළ වසර පහට ඒක නැවතත් 87% දක්වා ඉහළ නැංවුවා.
මව්බිම | ජූලි 8, 2020
Posted on: 23 ජූලි, 2020
නිවැරදියි
ජපාන ණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක 100% ක් නිවැරදියි
රටක් හැටියට වැඩිම ණය අඩු පොලියට දීලා තියෙන්නේ ජපානය
අරුණ | ජූනි 16, 2020
Posted on: 8 ජූලි, 2020
නිවැරදියි
රජයට අයත් ගුවන්සේවා සමාගම්වල ණය සම්බන්ධයෙන් මන්ත්‍රී රණවක ප්‍රකාශ කළ අගය තිබෙන්නේ නියම අගයට වඩා මඳක් ඉහළිනි
ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් හරහා රටේ සෑම පුද්ගලයෙකුම රුපියල් දොළොස් දහස් පන්සීයක ණයකරුවෙකු කර ඇති බවත් හෙතෙම පැවසීය.
දිවයින | අගෝස්තු 28, 2019
Posted on: 4 පෙබරවාරි, 2020
වැරදියි
රජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් වසර හතරක් නොව වසර දෙකක කාලය සලකන්නේ නම් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නිවැරදිය.
රජය විසින් කළ සමස්ත ණය ගැනීම් සම්පූර්ණයෙන්ම යෙදවී තිබෙන්නේ ණය නැවත ගෙවීමටයි.
ඩේලි එෆ්ටී | ජූනි 19, 2019
Posted on: 22 අගෝස්තු, 2019
තරමක් නිවැරදියි
මන්ත්‍රී හර්ෂණ රාජකරුණා: පාර්ලිමේන්තුවෙහි කතා නොකෙරූ මන්ත්‍රීවරුන් පිළිබඳව නිවැරදිය.
සමස්තයක් ලෙස ගත් විට 95%ක්ම මන්ත්‍රීන් [2018 වසරේදී පාර්ලිමේන්තුවේ] කතා කර තිබෙනවා. 5%ක් තමයි කතා කර නැත්තේ.
සිළුමිණ | මාර්තු 3, 2019
Posted on: 4 අප්‍රේල්, 2019
නිවැරදියි
මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය
පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය...
ද අයිලන්ඩ් | ජනවාරි 12, 2019
Posted on: 21 මාර්තු, 2019
වැරදියි