Anura Kumara Dissanayake

පා.ම. අනුර කුමාර රනිල්ගේ යහපාලන ණය වැඩිකර කියයි

"

2015 රනිල් වික්‍රමසිංහ බලයට එනකොට අපි ණය අරන් තිබුණේ රු. ට්‍රිලියන 8.5 යි…2020 දී රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15 යි... ආසන්න වශයෙන් ගත්තොත් රනිල්ගේ අවුරුදු 5 ට රට ණය කරා රුපියල් ට්‍රිලියන 6.5 න්

JVP Sri Lanka ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 22, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2015 සිට 2019 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ පෙර නොවූ විරූ ලෙස රටේ ණය බර ඉහළ ගිය බව පා.ම. අනුර කුමාර දිසානායක මහජන රැස්වීමකදී පැවසීය. 2015 සිට 2020 දක්වා කාලය තුළ රටේ ණය රුපියල් ට්‍රිලියන 15 දක්වා රුපියල් ට්‍රිලියන් 6.5 කින් ඉහළ ගිය බව (76.5% වැඩිවීමක්) මෙම තර්කය තහවුරු කිරීම සඳහා ඔහු විසින් පවසන ලදි.

මෙම කරුණුවල වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව පරිශීලනය කර ඇත. පා.ම. සඳහන් කර ඇති සංඛ්‍යා සහ ගණනය කිරීම් සැලකීමේදී FactCheck.lk හි වැටහීම වන්නේ මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ රාජ්‍ය අංශයේ සමස්ත ණය ප්‍රමාණය (මෙහිදී වඩා කුඩා වැඩිවීමක් පෙන්නුම් කෙරෙනු ඇත) නොව මධ්‍යම රජයේ ණය ප්‍රමාණය සම්බන්ධයෙන් බවයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ වසර පහක කාලය තුළ පෙර නොවූ විරූ ලෙස ණය බර වැඩි වූ බව පා.ම.ගේ ප්‍රධාන තර්කය වේ. හේතු තුනක් මත මෙය නිවැරදි නොවන සහ නොමඟයවනසුළු ප්‍රකාශයක් වේ.

පළමුව, සැලකිල්ලට ගත් වර්ෂයන් සම්බන්ධයෙන් පා.ම. හට වැරදීමක් සිදුවී ඇති අතර ඒ හේතුවෙන් ඔහු උපුටා දක්වා ඇති සංඛ්‍යා ද නිවැරදි නොවේ. එනම්, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ කාල පරිච්ඡේදය 2014 අවසානයේ සිට 2019 අවසානය දක්වා වූ නමුත් පා.ම. යොදා ගෙන ඇත්තේ 2015 අවසානයේ සිට 2020 අවසානය දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළ වන සංඛ්‍යා වේ. එම කාලපරිච්ඡේදය තුළ ණය ප්‍රමාණයේ සිදු වූ වැඩිවීම රුපියල් ට්‍රිලියන 5.5ක් වූ අතර ඒ අනුව, සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13 දක්වා වැඩි විය.

දෙවනුව , ‘ශුද්ධ නව ණය’ සහ පවතින විදේශ මුදල් ණයවල රුපියල් අගය රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉහළ යාම යන කරුණු දෙක අතර වෙනසක් පවතී. පා.ම. විසින් ශුද්ධ නව ණය ලෙස සංඛ්‍යා ඉදිරිපත් කිරීමේදී වැරදීමකින් මෙම කරුණු දෙක එකක් ලෙස ගෙන තිබේ.

2014 සිට 2019 දක්වා වූ කාලය තුළ ලබා ගත් ‘ශුද්ධ නව ණය’ වැඩිවීම 42.8%ක් බව වෙරිටේ රීසර්ච් විසින් පළ කර ඇති ප්‍රකාශනයක් පෙන්වා දෙයි. මධ්‍යම රජයේ ණය සම්බන්ධයෙන් ද මෙය බොහෝ දුරට එකම ප්‍රතිඵලය ලබා දේ.

(1) නිවැරදි නොවන වර්ෂයන් සැලකිල්ලට ගැනීමත්, (2) ශුද්ධ නව ණය පමණක් නොව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් නැවත ඇගයීමට ලක් කර ඇති දැනට පවතින ණය ප්‍රමාණය ද ඊට ඇතුළත් කර තිබීමත් හේතුවෙන් පා.ම. සඳහන් කළ 76.5% ක වැඩිවීම නිවැරදි නොවේ.

තෙවනුව , රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම ද එකට සම්බන්ධ කරගනිමින් (පා.ම. සිදු කර ඇති පරිදි) 2014 සිට 2019 දක්වා (නිවැරදි වර්ෂයන් මතගණනය කරන ලද) වූ කාලය තුළ ණය ප්‍රමාණයේ රුපියල් අගය ගණනය කළ විට ලැබෙන සංඛ්‍යා මගින් පවා පා.ම. ඉදිරිපත් කළ තර්කය තහවුරු නොකෙර්. එම වැඩිවීම 74.1%ක් වූ නමුත් එය පා.ම. පවසන පරිදි සුවිශේෂී වැඩිවීමක් නොවේ . ඇත්ත වශයෙන්ම එය 1950 සිට මේ දක්වා කාලය තුළණය ප්‍රමාණයේ රුපියල් අගය අඩුම වේගයකින් වැඩි වූ වසර පහක කාලසීමාවන්ගෙන් එකකි (අංක 1 ප්‍රස්තාරය බලන්න).

සැලකිල්ලට ගත් කාලපරිච්ඡේදය, ශුද්ධ ණය ප්‍රමාණය ගණනය කළ ආකාරය, සහ 2014-2019 අතර ණය ප්‍රමාණයේ රුපියල් අගය අසාමාන්‍ය ලෙස වේගයෙන් වැඩි වූයේ යැයි පැවසීම යන කරුණු තුන හේතුවෙන් පා.ම. අනුර කුමාරගේ ප්‍රකාශය නිවැරදි නොවේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන : 2014-2019 හි ණය ප්‍රමාණයේ සිදු වූ 74.1% ක වැඩිවීම මගින් 11.7% ක වාර්ෂිකව සංයුක්ත කරන ලද වැඩිවීමේ සීඝ්‍රතාවක් දක්වයි. මෙය රුපියල්වලින් සැලකූ විට ඵලදායී පොලී අනුපාතවලට ද අනුකූල වේ. 2014-2019 සිට රාජ්‍ය ණය ප්‍රමාණයේ සිදු වූ වැඩිවීමෙන් 89.8% ක්ම එලෙස වැඩි වී ඇත්තේ 2015 ආරම්භයේ පැවති ණය ප්‍රමාණයට අදාළ පොලී පිරිවැය හේතුවෙන් බව පර්යේෂණ ප්‍රකාශනයක් පෙන්නුම් කරයි. ණයඉහළ යාම ගණනය කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා පහත ලිපි කියවන්න:

මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය, FactCheck.lk. https://factcheck.lk/factcheck/mp-mahinda-rajapaksa-miscalculates-the-increase-in-debt-and-its-causes/

ණය සැසඳීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවැරදි නොවන ගණනය කිරීමක, FactCheck.lk

https://factcheck.lk/factcheck/minister-bandula-gunawardana-uses-an-incorrect-calculation-to-compare-debt/

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පසුගිය ණය සේවා පිරිවැයට කිසිදු හානියක් කර නැත, FactCheck.lk.

https://factcheck.lk/factcheck/deputy-unp-leader-ruwan-wijewardene-does-no-disservice-to-past-debt-servicing-costs/

 

අංක 1 වගුව: මධ්‍යම රජයේ ණය, රුපියල් ට්‍රිලියන

අංක 1 ප්‍රස්තාරය: වසර පහකට පෙර කාල පරිච්ඡේදයට සාපේක්ෂව ණය ප්‍රමාණයේ රුපියල් අගයෙහි වර්ධනය (1955 සිට 2022 දක්වා)



මූලාශ්‍රය

වාර්ෂික වාර්තාව 2022, ශ්‍රී ලංකා මහ බැංකුව. https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2022

මුසම්මිල්, එම්., අරංගල, එම්., රාජකුලේන්ද්‍රන්, ආර්.පී, සහ ද මෙල්, එන්. (2022). ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයේ සිදු වූ වැඩි වීම විග්‍රහ කිරීම (De-mystifying the Increase in Sri Lanka’s Debt )(Verité Research, 10(1), 1-4. https://www.veriteresearch.org/wp-content/uploads/2022/03/VR_ENG_Insights_Feb2022_Demystifying-the-increase-in-Sri-Lankas-debt.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.