පාඨලී චම්පික රණවක

රජයට අයත් ගුවන්සේවා සමාගම්වල ණය සම්බන්ධයෙන් මන්ත්‍රී රණවක ප‍්‍රකාශ කළ අගය තිබෙන්නේ නියම අගයට වඩා මඳක් ඉහළිනි

"

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් හරහා රටේ සෑම පුද්ගලයෙකුම රුපියල් දොළොස් දහස් පන්සීයක ණයකරුවෙකු කර ඇති බවත් හෙතෙම පැවසීය.

දිවයින | අගෝස්තු 28, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් තම ප්‍රකාශය ඔස්සේ උත්සාහ කරන්නේ, පසුව අතිරේක ජාතික ණය බවට පත්වන රජයට අයත් ගුවන් ප්‍රවාහන සේවාවන් ඔස්සේ සිදුවී ඇති ශුද්ධ අලාභය ගණනය කිරීමටයි.

රජයට අයත් ගුවන්සේවා සමාගම් හරහා සිදුව තිබෙන ශුද්ධ අලාභය, ජාතික ණය බර මත අමතර බරක් පටවන බව යන කාරණය මුල් කරගනිමින්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨළී චම්පික රණවක උත්සාහ කරන්නේ එම ගුවන්සේවා සමාගම් හරහා සිදුව තිබෙන ශුද්ධ අලාභය මෙපමණ යැයි ගෙනහැර දැක්වීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇගයුම් කිරීම සඳහා FactCheck.lk මගින්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් (SLA) සමාගමේ 2018/19 වසර සඳහා ප්‍රකාශිත වාර්ෂික වාර්තාව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) මගින් ප්‍රකාශිත ජනගහන දත්ත උපයෝගී කොටගෙන ඇත. මිහින් ලංකා සමාගම 2016 දී ඈවර කරන ලද බැවින්, ඒ හා සම්බන්ධ නිශ්චිත දත්ත ලබාගැනීමට නොතිබුණි. එසේ හෙයින් මිහින් ලංකා සමාගමේ සමස්ත අලාභය ලෙස එම සමයේ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ රුපියල් බිලියන 17.27ක අගය මෙම ගණනය කිරීම සදහා අප භාවිතා කර ඇත. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිමිකාරීත්වයෙන් වැඩි කොටසක් රජය යටතේ පවතී (99.11%). සේවක අර්ථසාධක අරමුදල සතුවද සුළු හිමිකාරීත්වයක් ඇත (0.96%). මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත සංඛ්‍යාවන්, 2012 වසරේ ජනලේඛන සංඛ්‍යා දත්ත (මිලියන 20.36) සහ 2019 වසරේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමස්ත බැරකම් (ශ්‍රී.ල.රු.මිලියන 250,359) භාවිතා කරමින් ගලපා බැලිය හැකිය. එහෙත් මෙම ක්‍රමවේදය මෙන්ම එයින් ලැබෙන සංඛ්‍යාවන්ද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබෙන අගයට වඩා සැළකිය යුතු ලෙස වෙනස්ය. ශුද්ධ අලාභය සමස්ත බැරකම් හා සමාන නොවේ. සමස්ත බැරකම්වලට තුන්වෙනි පාර්ශවයන්ට ඇති කෙටි කාලීන සහ දිගු කාලීන ණය  ඇතුලුවවරණීය කොටස්, පොලී දරණ බැරකම්, ගෙවීමට ඇති වෙළෙඳ බිල්, සේවා සඳහා අත්තිකාරම් සහ වෙනත් දෑ අයත් වේ. කෙසේවුවත් ශුද්ධ අලාභයට ඇතුළත් වන්නේ ආයෝජිත ප‍්‍රාග්ධනයේ වටිනාකම, සමාගමේ වත්කම්වල වටිනාකමට වඩා කොපමණ ප‍්‍රමාණයකින් වෙනස් වන්නේ ද, යන අගයයි. මෙම ගුවන් සේවාවන්හි ශුද්ධ අලාභය 2019 අප්‍රේල් වන විට රුපියල් මිලියන 236,998 ක් වී තිබේ (වගුව 1 බලන්න). 2019 වසර සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු කොට ඇති ජනගහනය වන්නේ මිලියන 21.8 කි. මේ සියල්ල එක් තැන් කොට ගණනය කළ විට, ජනගහනයෙන් එක් පුද්ගලයෙකුට දරන්නට වන අලාභය රුපියල් 10,871 ක් වේ. එය මන්ත්‍රීවරයා සඳහන් කළ රුපියල් 12,500 ක අගය නොවේ.

පැහැදිලිවම මෙතැන අතිවිශාල ශුද්ධ අලාභයක් පවතින අතර, එම අලාභයෙන් වැඩි කොටසක් ඒක පුද්ගල ණය ප‍්‍රමාණය ඉහළ නැඟ තිබීමට දායකත්වයක් දක්වයි. නමුත් මෙම කරුණ පෙන්වාදීම සඳහා මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇති අගය, දත්ත ඔස්සේ බොහෝ දුරට නිශ්චය කළ හැකි අගයට වඩා අඩු තරමින් සියයට 15කින්වත් වැඩිය. මෙනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ ඉහත ප්‍රකාශය සාවද්‍ය යැයි අපි කියමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා සමාගම් වල අලාභයන් ගණනය කිරීම



මූලාශ්‍රය