ලොහාන් රත්වත්තේ

ලොහාන් රත්වත්තේ වාහන ණය ගැන ඉදිරිපත් කරන අදහස සහමුලින්ම වැරදිය

"

"මේක ක්‍රෙඩිට් ලයින් එකක්… ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කළේ නැත්නම් ඒක අපතේ යනවා, ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ වාහන ගෙනාවයි කියලා අපේ ආණ්ඩුවට ණය බරක් ඇති වෙන්නේ නැහැ"

Newfirst.lk | ජූනි 12, 2021

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

තම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසා සිටින්නේ, (අ) ණයවර මාර්ගයක් භාවිතා කිරීම හරහා මහජන මුදල් වැය කිරීමක් සිදු නොවන බැවින් මෙරටට වාහන ගෙන්වීම සඳහා විවෘත කළ ණයවර මාර්ගයක් මඟින් රටේ ණය බර වැඩි නොවන බවත්, ඒ නිසා (ආ) එම ණයවර මාර්ගය භාවිතයට නොගැනීමෙන් එය අපතේ යෑමක් සිදුවන බවත් වේ. 

ප්‍රදාන, ණය සහ ණයවර මාර්ග සම්බන්ධයෙන්  වන නිර්වචනයන් සහ අනුමිතීන් මත පදනම්ව FactCheck.lk මඟින් මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව ඇගැයීමට ලක්කර ඇත. 

ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) විසින් ප්‍රදාන, ණය සහ ණයවර මාර්ගයන් පහත පරිදි නිර්වචනය කර ඇත: 

  • ප්‍රදානයක් යනු මුදල්, භාණ්ඩ හෝ සේවා ලෙසින් පවරා ලබා දෙන්නක් වන අතර, ඒ සඳහා නැවත ගෙවීමක් අවශ්‍ය නොවේ. 
  • ණයක් යනු නැවත ගෙවීමක් අවශ්‍ය වන ලබාදීමකි. 
  • ණයවර මාර්ගයක් යනු, එය භාවිතයට ගන්නා ප්‍රමාණය අනුව පමණක් ගෙවිය යුතු වන යම් කිසි ආකාරයක ණයකි. 

රාජ්‍ය අමාත්‍ය රත්වත්තේගේ ප්‍රකාශයේ (අ) කරුණ සත්‍ය වීමට නම්, වාහන මිලදී ගැනීමට මුදල් ලබාදීම ණයකට වඩා ප්‍රදානයක් හරහා සිදුවිය යුතු වේ. ඔහු සඳහන් කරන්නේ ණයවර මාර්ගයක්එනම් යම් ආකාරයක ණයක් – පිළිබඳව විනා ප්‍රදානයක් සම්බන්ධයෙන් නොවේ. ණයවර මාර්ගය මෙම අවස්ථාවේ සඳහන් වන ආකාරයට වාහන මිලදී ගැනීමට හෝ වෙනත් කරුණකට භාවිතා කළහොත්, එම ණය ප්‍රමාණය මහජන මුදලින් නැවත ගෙවිය යුතු වේ. එනම්, එයද රටේ ණය බරට එකතු වේ. 

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන (ආ) කරුණ ගත් විට, ණයවර මාර්ගයක් භාවිතා නොකිරීම ඔස්සේ එය “නාස්ති වී යන” බව පැවසීම මඟින්, ණයවර මාර්ගයක ප්‍රයෝජනය සැබවින්ම වාසියක් බවත්, මහජනතාවට එය කිසිදු බරක් ලබා නොදෙන බවත් අමාත්‍යවරයා හඟවයි. එය නිවැරදි නැත. 

ණය ආකාරයක් වන ණයවර මාර්ග යනු, නැවත ගෙවීමක් අවශ්‍ය නොවන යමක්, එනම් ප්‍රදානයකට සමාන යමක් ලෙසින් රාජ්‍ය අමාත්‍යවරයා සාවද්‍ය ආකාරයෙන් හඳුන්වා දී ඇත. එසේම, ණයවර මාර්ගයක් භාවිතා කිරීමේදී එය සැබවින්ම මහජනතාවට පිරිවැයක් වුවත්, රාජ්‍ය අමාත්‍යවරයා විසින් එය මහජනතාවට සිදුවන වාසියක් ලෙසින් දක්වා ඇත. එයද සාවද්‍ය වේ.  

මේ අනුව රාජ්‍ය අමාත්‍ය රත්වත්තේගේ ප්‍රකාශය අතිශයින්ම වැරදි යැයි අපි මින් නිගමනය කරමු. 

 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ  තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

 ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයසංවර්ධන ආධාර කමිටු වාග්මාලාව (DAC Glossary), ප්‍රවේශයhttps://www.oecd.org/dac/financing-sustainable-development/development-finance-data/dac-glossary.htm [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූලි 8] 

ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයසංඛ්‍යාලේඛන යෙදුම් සඳහා වාග්මාලාව, “ණයවර මාර්ග (Lines of credit)”, ප්‍රවේශය:  https://stats.oecd.org/glossary/detail.asp?ID=1534 [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූලි 8] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.