උදය ගම්මන්පිල

ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන්ට හේතු දැක්වීමේදී අමාත්‍ය ගම්මන්පිල වැරදි පාරක

"

"දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන මිලට අරගෙන අඩු මිලට විකිණීම නිසා 2020 අග වන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණු අලාභය රුපියල් බිලියන 331 ක්"

අමාත්‍ය ගම්මන්පිලගේ නිල ෆේස්බුක් පිටුව | ජූනි 11, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

බලශක්ති අමාත් උදය ගම්මන්පිල විසින් සිය ප්රකාශයේ සඳහන් කරන්නේඉහළ මිලකට ඉන්ධන මිලට ගෙන ඊට වඩා අඩු මිලකට විකිණීම හේතුවෙන් ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) අලාභයන් එක්රැස් වී තිබෙන බවයි. 

ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ මුදල් අමාත්යාංශයේ (MoF) වාර්ෂික වාර්තාවන්හි ඉදිරිපත් කෙරී ඇති දත්ත ගණනය කර බැලූ විට පෙනී යන්නේ, 2020 වන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වී ඇති අලාභය රුපියල් බිලියන 335 ක් වී ඇති බවයි. එසේම මෙම අලාභයන් සිදුවීම පසුපස ඇති හේතු හඳුනාගැනීම සඳහා අවශ්‍ය ගිණුම්කරණ තොරතුරුද මෙම වාර්ෂික වාර්තා ඔස්සේ ඉදිරිපත් වී තිබේ.  

මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙන්නේ, 2013 සිට සෑම වසරකම ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාව දළ ලාභයක් ලබා තිබෙන බවයි. එනම් 2013 වසරේ සිට වූ ආදායම, බදුද ඇතුළත් විකුණුම් පිරිවැය අභිබවා ගොස් ඇත (නිදර්ශකය 1). එනිසා, ඉහළ මිල ගණන්වලට ඉන්ධන මිලදී ගෙන අඩු මිල ගණන්වලට විකුණූ බවට අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය, ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාවේ ප්‍රකාශිත ගිණුම්වල සඳහන් තොරතුරුවලට පරස්පර වේ. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම් සහ ක්ෂය වීමේ පිරිවැය මෙයට එකතු කර ගණනය කළද, පසුගිය වසර 10 පුරාවට ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාව රුපියල් බිලියන 29 ක ලාභයක් ලැබීමට සමත්ව ඇත. 

මෙම කාලසීමාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාවේ සමුච්චිත අලාභයන්ට ප්‍රධාන හේතුව වී ඇත්තේ, එහි ශේෂ පත්‍රයේ දැක්වෙන අය කර නොගත් හිඟ මුදල්, පියවා නොමැති ණය සහ මූල්‍ය නොගැලපීම් නිසා වූ මූල්‍ය පිරිවැය සහ විනිමය අලාභයන් වේ. 2011 සිට 2020 දක්වා කාලය තුළ මෙසේ දැරීමට සිදු වූ මුළු මූල්‍ය පිරිවැය සහ විනිමය අලාභය රුපියල් බිලියන 335 ක් වී ඇත. 

මෙම විශ්ලේෂණයෙන් පෙනී යන්නේරුපියල් බිලියන 335 ක් වූ සමස්ත එකතු වූ අලාභය, පසුගිය වසර 10 ක කාලයක් තුළ දැරීමට සිදු වූ දුර්වල භාණ්ඩාගාර කළමනාකරණය හා සම්බන්ධ අලාභයන්ට සමාන වන බවයඑසේම, අනෙකුත් සියලුම වියදම් අඩු කිරීමෙන් පසුවද මෙම කාලසීමාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාව විකුණුම් ආදායම් ඔස්සේ රුපියල් බිලියන 29 ක සමුච්චිත ලාභයක් උපයාගෙන ඇති බවද මෙම විශ්ලේෂණයෙන් පෙනී යන කරුණකි. මෙම සොයාගැනීම අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා පරස්පර විරෝධී වේ. 

 අනුවඅමාත්යවරයාගේ එම ප්රකාශය නිවැරදි නොවේ යැයි අපි වර්ගීකරණය කරමු. 

 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම  FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම  ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

නිදර්ශකය 01: ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාවේ මූල්‍ය තොරතුරු 



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයවාර්ෂික වාර්තා (2011 – 2020), ප්‍රවේශයhttps://www.treasury.gov.lk/web/annual-reports#2020 [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූලි 15] 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවවාර්ෂික වාර්තා (2011-2018), ප්‍රවේශයhttp://ceypetco.gov.lk/annual-reports/ [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූලි 15] 

සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්https://www.facebook.com/100044544934777/videos/344874720313784 [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූලි 15] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.