සජිත් ප්‍රේමදාස

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ධීවර කර්මාන්තය පිළිබඳව විපක්ෂ නායක ප්‍රේමදාස නිවැරදියි

"

"2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි"

දිවයින | ජූනි 3, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට පසුගිය වසර දෙක පුරාවට බොහෝ දුක් පීඩාවන් අත්විඳින්නට සිදු වූ අතර මෑතකදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයෙන් මෙම පීඩාවන් තවදුරටත් නරක අතට හැරිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉහත දැක්වෙන ප්‍රකාශය කරනු ලැබුවේ මෙම තත්ත්වය සන්දර්භය ලෙසින් ගනිමිනි. ඔහුගේ එම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව විමසීම සඳහා, FactCheck.lk  මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන වාර්තාව පරිශීලනයට ගෙන ඇත. 

2019 වසරේදී ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය සහ කරදිය ජලජීව වගාව ඔස්සේ රටට ලැබුණු දළ ආදායම රුපියල් මිලියන 169,976 ක් විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2019 වසරේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) රුපියල් මිලියන 15,016,142 විණි. ඒ අනුව, 2019 වසරේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට කරදිය ධීවර කර්මාන්තය සහ කරදිය ජලජීව වගාව මගින් ලැබුණු දායකත්වය 1.1% බව පෙනී යයි. 

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



Additional Note

අතිරේක සටහන් (1): ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය කොටස් දෙකකින් සමන්විත වේ. ඒවා නම්, (අ) කරදිය ධීවර කර්මාන්තය හා කරදිය ජලජීව වගාව (රුපියල් මිලියන 169,976) සහ, (ආ) මිරිදිය මසුන් ඇල්ලීම හා මිරිදිය ජලජීව වගාව (රුපියල් මිලියන 27,013) වේ. එනිසා, කරදිය නොවන ධීවර කර්මාන්තයද එක් කොට ගතහොත්, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය මගින් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන සමස්ත දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.31% ක් ලෙස ගණනය කළ හැක. කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය සැළකීමේ දී, ඔහු විසින් සඳහන් කෙරෙනුයේ කරදිය ධීවර කර්මාන්තය පිළිබඳ පමණක් වන අතර එය ඔහුගේ ප්‍රකාශයේ සනදර්භය සමඟ ගැලපේ. අතිරේක සටහන් (2): 2020 වසර වන විට මෙම කර්මාන්ත ක්ෂේත්‍රය සංකෝචනයකට ලක්ව ඇති අතර, 2020 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ධීවර කර්මාන්තයෙන් ලැබී ඇති සමස්ත දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.1% ක් වී ඇත.


මූලාශ්‍රය

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන 2020 (ESS), පි. 16 ප්‍රවේශය:  https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/otherpub/ess_2020_e1.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 29] 

 

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන 2019 (ESS), ප්‍රවේශය:  https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/otherpub/ess_2019_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 29] 

 

ධීවර අමාත්‍යාංශයධීවර සංඛ්‍යාලේඛන 2020, පි. 57, ප්‍රවේශය:  https://www.fisheriesdept.gov.lk/web/images/Statistics/FISHERIES-STATISTICS–2020-.pdf  [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 29] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.