අනුර දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින්, ගෙවීමට ඇති නියම විදේශීය ණය ප්‍රමාණය තිරය ඉදිරියට ගෙන එයි

"

ආසන්න වශයෙන් මසකට ඩොලර් මිලියන 400 ක ණය ගෙවන්න තිබෙනවා. ලංකාවේ මුළු ණය වලින් සියයට 48ක් දක්වා විදේශ ණය වැඩි වී තිබෙනවා.

ලංකාදීප | ඔක්තෝබර් 12, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප‍්‍රකාශය නිවැරදි ද, යන්න විමසා බැලීම සදහා FactCheck.lk, දැනට සම්පූර්ණ වසරක දත්ත අන්තර්ගතව තිබෙන 2019 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව පරිශීලනය කොට ඇත.

2019 වසර සඳහා වන ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු ශ්‍රී ලංකාවේ විදේශ ණය මුදල (ණය මුදල් වාරිකයේ සහ පොලියේ එකතුව) ඇමරිකානු ඩොලර් මිලියන 4,444.7 ක් විණි. එනම් එය මසකට ඇමරිකානු ඩොලර් මිලියන 371 ක් වේ. මෙම සංඛ්‍යාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශිත ඇමරිකානු ඩොලර් 400 ක සංඛ්‍යාවට ආසන්න වේ.

ඉහත දක්වන ලද විදෙස් ණය බර, මධ්‍යම රජය මත පැටවී තිබෙන විදෙස් ණය බර බව සදහන් කළ යුතුය. රජය සතු ව්‍යවසායයන් මත පැටවී තිබෙන විදෙස් ණය බර සම්බන්ධයෙන් වන තොරතුරු ලබාගැනීම දුෂ්කරය. එසේ වුවත්, එම ව්‍යවසායයන් මත පැටවී තිබෙන විදෙස් ණය මෙතරම් යැයි ඇස්තමේන්තුවක් කිරීමට හැකියාවක් තිබේ. එනම්, මධ්‍යම රජය ගෙවිය යුතුව තිබෙන විදෙස් ණය ප‍්‍රමාණය හා සාපේක්ෂව ගත්විට, රජය සතු ව්‍යවසායයන් හට අයත්වේ යැයි ගත හැකි විදෙස් ණය ප‍්‍රමාණයක් එසේ ගෙවිය යුතුව ඇතැයි නිගමනය කරයි. මෙම ගණනය කිරීම අනුව රාජ්‍ය අංශය ගෙවිය යුතුව තිබෙන විදෙස් ණය ප‍්‍රමාණය මසකට ඩොලර් මිලියන 390.7ක් දක්වා ඉහළ යන අතර, එය මන්තී‍්‍රවරයා දක්වා තිබෙන ඩොලර් මිලියන 400ක දළ අගයට සමාන වේ. එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

නිදර්ශකය 1: 2019 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ණය නැවත ගෙවීම්

 

 



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2019, වගු අංක 5.9, පි. 123, ප්‍රවේශය: http://122.255.3.82/documents/10181/12870/Annual+Report+2019-20200625-rev2-eng/5952fd01-ba62-4186-a270-fe87fd87fd5c

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2019, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, වගු අංක 91, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports