මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ගිණුම්කරණ ක්‍රමය වරදවා ගනී

"

"...2014 පැවති මගේ රජය ජාතික ආදායමෙන් (දළ දේශීය නිෂ්පාදිතයෙන්) 5.7% කට අඩු කර තිබූ අය-වැය හිඟය වෙනුවට අපට 2019 දී පැවරුවේ 9.6% කට වඩා වැඩි අය-වැය පරතරයක්... [රජය විසින් කර ඇති වියදම් සඳහා සැපයුම්කරුවන්ට හා ප්‍රතිලාභීන්ට නොගෙවා ඇති ] හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 243 ක් වී තිබූ අතර, විදේශ ණයවලින්

2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීම | නොවැම්බර් 13, 2020

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නට යෙදුණේ, 2019 දී අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.6% ක් දක්වා වැඩිවී ඇති බවයි.

මෙම ප්‍රකාශය ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk මගින් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පරිශීලනය කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම්කරණ පද්ධතිය මගින්, නවීකරණය කරන ලද මුදල්-මත පදනම් වූ ගිණුම්කරණ ක්‍රමයක් භාවිතා කරයි. මෙම ගිණුම්කරණ ක්‍රමය යටතේ, වියදම් සහ ආදායම් හඳුනාගනු ලබන්නේ මුදල් ගෙවූ විට හෝ මුදල් ලැබුණු විට පමණි. එනම්, මූල්‍ය වර්ෂය අවසානයේදී වියදම් නොකළ අයවැය ප්‍රතිපාදන අවලංගු වේ.

නවීකරණය කරන ලද මුදල්-මත පදනම් වූ ගිණුම්කරණ ක්‍රමයට අනුව, 2014 වසරේ අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.7% ක් වී ඇති අතර, 2019 දී අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.8% ක් වී ඇත.

2019 වසරේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව විගණනය කළ විගණකාධිපතිවරයා විසින් හඳුනාගන්නට යෙදුණේ, 2019 දී රුපියල් බිලියන 243 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6% ක්) වූ සිදුකළ යුතු මුදල් ගෙවීම්මූල්‍ය ප්‍රකාශයන් තුළට ඇතුළත්ව නොමැති බවයි. මීට සමාන අයුරින්, 2014 වසරේ විගණකාධිපතිවරයාගේ වාර්තාව තුළද, මූල්‍ය ප්‍රකාශයන් තුළට ඇතුළත් නොවූ රුපියල් බිලියන 190 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක්) වූ සිදුකළ යුතු මුදල් ගෙවීම් හඳුනාගැනී තිබිණි.

මෙම සිදුකළ යුතු මුදල් ගෙවීම් ඇතුළත් කොට බැලූ විට, 2014 දී අය-වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5% ක් වී ඇති අතර, 2019 දී එය 8.4% ක් වී ඇත.

2014 වසරේ සිදුකළ යුතු මුදල් ගෙවීම් ඇතුළත් නොකළ අය-වැය හිඟය වූ 5.7% ක සංඛ්‍යාව සමග, 2019 වසරේ සිදුකළ යුතු මුදල් ගෙවීම් ඇතුළත් කළ අය-වැය හිඟය වූ 8.4% ක සංඛ්‍යාව සැසඳීම දෝෂ සහගත වේ. එසේම, සිදුකළ යුතු මුදල් ගෙවීම්වියදම් ලෙසින් සලකා ගනිමින්, ආදායම සඳහා ඒ හා සමාන පදනමක් යොදා නොගනිමින් අය-වැය හිඟය ගණනය කිරීමද නිරවද්‍ය නොවේ.

මෙසේ බලන විට, අග්‍රාමාත්‍යවරයා විසින් සදොස් සංසන්දනයක් කර ඇතිවා සේම,  2019 වසර සඳහා වූ ප්‍රතිශතයන් සිදුකළ යුතු මුදල් ගෙවීම්සහිතව මෙන්ම රහිතවද අග්‍රාමාත්‍යවරයා දැක්වූ ප්‍රතිශතයට වඩා පහළින් පවතී. එනිසා, අපි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍ය වේ යැයි දක්වමු.

 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

අතිරේක සටහන්:

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ 2019 වාර්ෂික වාර්තාවේ, රාජ්‍ය ණය පිළිබඳ 1.6.2.1 කොටසේ විගණකාධිපතිවරයා විසින් නිරීක්ෂණය කොට ඇත්තේ, 2019, 2018 සහ ඊට පෙර වසර වල සමස්තය රුපියල් බිලියන 210 ක් වන විදේශ ණය, විදේශ ණය ගැනීම් ලෙසින් ගිණුම්ගත වී නොමැති බවයි. ගණනය නොකළ විදේශ ණය අයවැය ශේෂයට එකතු නොවේ. අයවැය ශේෂයෙන් සඳහන් කෙරෙන්නේ වියදම සහ ආදායම අතර වෙනස පමණි. ගණනය නොකළ ණය, රාජ්‍ය ණය තුළ පිළිබිඹු වනු ඇත. එසේම එම රුපියල් බිලියන 210 න් කෙතරම් ප්‍රමාණයක් 2019 දී උපලබ්ධි වූවාද යන්නද පැහැදිලි නැත. එනිසා, මෙම ගිණුම්ගත කෙරී නොමැති රුපියල් බිලියන 210 ක මුදල අපගේ ගණනය කිරීම් වලට ඇතුළත් කොට නොමැත.

 

නිදර්ශකය 1: අය-වැය හිඟය (දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස)



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2014, ප්‍රවේශය:

http://122.255.3.82/documents/10181/12870/2014/a9d95930-b101-40dc-9b1b-cd1ebb2a82ba

මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2019, ප්‍රවේශය:

http://122.255.3.82/documents/10181/12870/Annual+Report+2019-20200625-rev2-eng/5952fd01-ba62-4186-a270-fe87fd87fd5c