ජනවිකාසය වෙනස් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලට ගණන් පටලැවී ඇත
අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා… ළමා ජනගහනයේ ප්රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.
මන්ත්‍රී උදය ගම්මන්පිලගේ නිල වෙබ් අඩවිය | ජූනි 20, 2019
Posted on: 2019 නොවැම්බර් 28
මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින්, 2011 දී තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ නැගෙනහිර-බටහිර ආර්ථික කොරිඩෝරය සඳහා වන සැලසුම්, වැරදිසහගත ලෙසින් එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවට බැර කරයි.
…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.
අද | නොවැම්බර් 7, 2019
Posted on: 2019 නොවැම්බර් 13
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි
අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා.
දිවයින | ඔක්තෝබර් 25, 2019
Posted on: 2019 නොවැම්බර් 6
නිවැරදියි
මහින්ද රාජපක්ෂ රජය යටතේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය, ගෝඨාභය රාජපක්ෂ විසින් අතිශයෝක්තියෙන් දක්වයි
අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.
මාධ්‍ය සාකච්ඡාව | ඔක්තෝබර් 16, 2019
Posted on: 2019 ඔක්තෝබර් 31
වැරදියි
සෞඛ්‍ය අයවැයෙහි සෞඛ්‍යයට ගුණ වැඩිවීමක් ඇතැයි අමාත්‍ය අබේසිංහ ප්‍රකාශ කරයි
2010 දී නිදහස් සෞඛ්‍යයට වෙන් කර තිබුණේ කෝටි 5,310 ක්, 2015 දී අපි වෙන් කළා කෝටි 13,950 යි. 2016 වසරේ කෝටි 17,400 යි. 2019 වසරේ කෝටි 19,450 ක මුදලක් වෙන් කර තිබෙනවා.
දිනමිණ | අගෝස්තු 22, 2019
Posted on: 2019 ඔක්තෝබර් 22
නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් සදොස් දත්ත, සදොස් ලෙසින් භාවිත කරයි
අද 560,000 ක් සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. 340,000 ක් උසස් පෙළ විභාගයට ලියනවා. 65,000 - 1,000,000 ත් අතර විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලයට යන්නේ 28,000 ක වගේ පිරිසක්.
මව්බිම | ජූලි 11, 2019
Posted on: 2019 ඔක්තෝබර් 15
වැරදියි
අමාත්‍ය බදියුදීන්: අපනයන සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් ඉදිරිපත් කරයි
...තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ, ඉලෙක්ට්‍රොනික, මුද්‍රණ සහ ඇසුරුම් සේවාවන් පමණක්, සෑම වසරකම අපනයන ආදායමට ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ප්‍රමාණයකින් දායකත්වය ලබාදේ.
ඩේලි එෆ්ටී | අගෝස්තු 28, 2019
Posted on: 2019 ඔක්තෝබර් 9
නිවැරදියි
අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ආදායම් විසමතාවය සම්බන්ධයෙන් යල් පැන ගිය සංඛ්‍යාලේඛනයන් ගෙන හැර දක්වයි
“පොහොසත්ම සියයට 20 රටේ ජාතික ආදායමෙන් සියයට 54 ක් භුක්ති විඳිනකොට මේ රටේ දුප්පතුන් සියයට 20 ක් භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4 ක්...”
ලංකාදීප | ජූලි 9, 2019
Posted on: 2019 ඔක්තෝබර් 3
වැරදියි
ණය ගැනීමේ සීමාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණවර්ධන සාවද්‍ය අනතුරු හැඟවීමක් සිදුකරයි
"මේ ආණ්ඩුව වසරකට විදේශිකයන්ගෙන් අසීමිතව ණය ගන්න පනතක් පාර්ලීමේන්තුවේ සම්මත කරගත්තා.
මව්බිම | අගෝස්තු 4, 2019
Posted on: 2019 සැප්තැම්බර් 26
වැරදියි
හමුදාව විසින් අත් කොට ගෙන සිටි ඉඩම් නිදහස් කර ඇති ප්‍රතිශතය සම්බන්ධයෙන් සේනාධිරාජා නිවැරදියි; එනමුත් ඒ උතුරු පළාත තුළ පමණක් නොවේ
උතුරු පළාතේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75%ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙනවා.
දිනමිණ | අගෝස්තු 16, 2019
Posted on: 2019 සැප්තැම්බර් 11
නිවැරදියි