විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින්, 2011 දී තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ නැගෙනහිර-බටහිර ආර්ථික කොරිඩෝරය සඳහා වන සැලසුම්, වැරදිසහගත ලෙසින් එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවට බැර කරයි.

"

…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.

අද | නොවැම්බර් 7, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පසුගිය සතියෙන් උපුටා දක්වා ඇති ඉහත ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් නැවත නැවතත් ප්‍රකාශ කළ අතර, ඔහු විසින් එය ජූලි 31 වන දින පාර්ලිමේන්තුවේදී පවසන්නට යෙදිණි. එයින් මන්ත්‍රීවරයා අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වන ආර්ථික කොරිඩෝවක් සඳහා එක්සත් ජනපදයේ සහශ්‍ර අභියෝගතා සංස්ථාව (MCC) මගින් යෝජනා කොට ඇති බවයි.

FactCheck.lk මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය, මහජනයාට ලබාගැනීමට ඇති තොරතුරු භාවිතා කරමින් විමසුම් කොට ඇත. එම තොරතුරු වන්නේ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි (MCCA) ‘ක්‍රියාත්මක සංස්කරණය’, යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා 2050 සැලසුම සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව (DNPP) මගින් ප්‍රකාශයට පත් කරන ලද 2011-2030 ජාතික භෞතික සැලසුම මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එම්.ඩබ්.ජේ.ජී.මෙන්ඩිස්ගේ එකතු කළ රචනාවන් වේ.

අප විසින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු 83 ම කියවා ඇති අතර, මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයේ ආර්ථික කොරිඩෝවක් සම්බන්ධ කිසිදු සඳහනක් අපට එහි හමු නොවුණි. ඒ වෙනුවට 2010-2015 කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන විට ඔහු විසින් අධීක්ෂණය කළ 2011 දී සකස් කළ රජයේ 2011-2030 ජාතික භෞතික සැලැස්මෙහි, ආර්ථික කොරිඩෝවක් සඳහා වන සැලසුම් අපට හමුවිණි.

2016 වසරේදී ප්‍රකාශයට පත් වී ඇති යාවත්කාලීන කළ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා 2050 සැලසුම තුළද, උක්ත අදහස්ම ග්‍රහණය කරගනිමින් ඒ වඩා විස්තාරණය කොට ඇත. මෙම රජයේ සැලසුම් නිර්මාණය වී ඇත්තේ 1973 දක්වා දිව යන කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් යා කිරීමේ පූර්ව සැලසුම් මත වේ.

සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු අංක 28 සිට 34 දක්වා වන අන්තර්ගතයෙහි ඉඩම් කළමනාකරණයේ තාක්ෂණික හා ප්‍රතිපත්තිමය අංශයන්හි මුල් පිරීම් පහක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන ලබාදීම් විස්තර කොට ඇත. ඒවා නම් සිතියම්ගත කිරීම්, ලියාපදිංචි කිරීම්, තක්සේරු කිරීම්, පාලනය කිරීම් හා ප්‍රතිපාදන පිරිනැමීම් වේ. සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු අංක 39 හි සඳහන් වන මූල්‍ය සාරාංශය මගින් මාර්ග සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සීමාසහිත මූල්‍ය ප්‍රතිපාදනයන් සම්බන්ධව පමණක් විස්තර කෙරෙන අතර, එයද සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුමෙහි පිටු අංක 24 හි වැඩි විස්තර සහිතව සඳහන් කෙරෙනා ආකාරයට මාර්ගයන්හි ආරක්ෂාව හා ගමනේ වේගය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රටේ මධ්‍යම වළල්ලේ මාර්ග ජාලය සඳහා වේ (නැගෙනහිර-බටහිර කොරිඩෝවක් සඳහා නොවේ).

සමස්තයක් ලෙසින් ගත් විට, සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම මගින් මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත ආකාරයට නැගෙනහිර-බටහිර කොරිඩෝවක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කොට නැත. එමෙන්ම නැගෙනහිර-බටහිර කොරිඩෝවක් සඳහා ප්‍රතිපාදන වෙන් කිරිමක්ද සිදුවී නැත. එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ උක්ත ප්‍රකාශය සාවද්‍ය යැයි අපි ප්‍රකාශ කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය