නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් සදොස් දත්ත, සදොස් ලෙසින් භාවිත කරයි

"

අද 560,000 ක් සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. 340,000 ක් උසස් පෙළ විභාගයට ලියනවා. 65,000 - 1,000,000 ත් අතර විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලයට යන්නේ 28,000 ක වගේ පිරිසක්.

මව්බිම | ජූලි 11, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2019 මැයි මස 11 වෙනි දින මව්බිම පුවත්පත මගින් වාර්තා කළ ආකාරයට, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඉහත දැක්වෙන ප්‍රකාශය සිදුකර ඇත. එහිදී ඔහු විසින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 560,000 දෙනෙකු සහභාගි වන බවටත්, එයින් 28,000 ක් (ආසන්න වශයෙන් උක්ත සංඛ්‍යාවෙන් 5% ක ප්‍රතිශතයක්) සරසවි වරම් ලබාගන්නා බවත් නිශ්චිත අංකයන් දක්වා ඇත.

FactCheck.lk මගින් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාවන් මෙන්ම ප්‍රකාශයේ හරයද, විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (G.C.E. O/L) හා අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ (G.C.E. A/L) විභාගයන්ගේ දත්ත සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් (UGC) ලබාගත් සරසවි ප්‍රවේශ දත්ත ඇසුරු කරගනිමින් විමසුමට බඳුන් කොට ඇත.

1 වගුවේ පෙන්නුම් කරන ආකාරයට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් උපුටා දක්වා ඇති නිශ්චිත දත්ත අඩු තරමින් අවස්ථා තුනකදී සදොස්ව ඇත. එනම් (අ) අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින සංඛ්‍යාව; (ආ) අ.පො.ස. උසස් පෙළ සමත් වන සංඛ්‍යාව; සහ සරසවි ප්‍රවේශය ලබන සංඛ්‍යාවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ හරයද සදොස් වන අතර, එසේ වන්නේ ඔහු විසින් භාවිතා කළ අගයන්ගේ සදොස් බව මත පමණක් නොවේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් සංඛ්‍යාව දැක්වීමේදී, මන්ත්‍රීවරයා දැක්වූ සංඛ්‍යාව මගින් දක්වන්නේ පළමු වතාවට සාමාන්‍ය පෙළ සඳහා අසුන් ගන්නා සිසුන් පමණක් නොවන අතර; ඉන් පෙර වසරවලට අයත් වන, අඩු තරමින් එක් විෂයයක් සඳහා හෝ නැවත පෙනී සිටිනා සිසුන්ද ඊට අයත් වේ. 2018 වසරේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පළමු වතාවට පෙනී සිටි (විෂයයන් 5 ක් හෝ ඊට වැඩි ගණනක් සඳහා) පාසැල් අයදුම්කරුවන් සංඛ්‍යාව 296,029 ක් පමණක් විණි. එසේම 2018 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පුද්ගලික අයදුම්කරුවන් 139,129 ක සංඛ්‍යාවක්ද පෙනී සිටි අතර, ඉන් 19,621 ක් පමණක් අඩු තරමින් විෂයයන් පහකට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා අසුන් ගෙන ඇත. කෙසේ වුවත් ලබාගැනීමට ඇති දත්ත තුළ, පුද්ගලික අයදුම්කරුවන් පළමු වතාවට විභාගයට පෙනී සිටින්නේද නැද්ද යන්න විශේෂයෙන් සඳහන් නොවේ. මෙහි අරුත වන්නේ, සාමාන්‍ය එක් වසරකට අයත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පාසැල් අයදුම්කරුවන් කණ්ඩායමකින් සරසවි වරම් ලබාගන්නේ 9.6% ක පමණ පිරිසක් බවයි. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත සංඛ්‍යාලේඛනයන්හි දැක්වෙන 5% ක ප්‍රමාණයට වඩා වැඩි පිරිසකි.

මෙසේ සදොස් දත්ත සදොස් ආකාරයෙන් භාවිතා කිරීම නිසා, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රගමනයේ තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මගින් සදොස් තොරතුරු සහ සදොස් අර්ථයක් ලබාදී ඇත. එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය සාවද්‍ය බව අපි ප්‍රකාශ කරමු.

*FactCheck.lk හි විනිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: අධ්‍යාපන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අයදුම්කරුවන්ගේ සාධනය (2016-2018)



මූලාශ්‍රය