පා.ම. අනුර කුමාර දිසානායක විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ පිළිබඳ දත්ත නිවැරදිව ගෙන හැර දක්වයි.
2021 මුල් මාස පහේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආදායම වැඩි වුණා. ඩොලර් මිලියන 450 න් වැඩි වුණා. ඒත් හයවැනි මාසයේ ඉඳන් කඩා ගෙන වැටෙන්න පටන් ගත්තා...එහෙම ඇවිත් මේ ජනවාරි මාසයේදී 62% න් [ප්‍රේෂණ] අඩු වුණා.
ලංකාදීප | මාර්තු 7, 2022
Posted on: 2022 මැයි 5
නිවැරදියි
ආර්ථික අර්බුදය ගැන කතා කරපු හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට තෙවරක්ම වරදී!
2015 සිට 2019 කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් 7% සිට 2% දක්වා කඩා වැටිලා තිබුණා. විදේශ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 15 න් වර්ධනය වුව ද විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 න් පමණ පහළ ගොස් තිබුණා.
News19.lk | මාර්තු 23, 2022
Posted on: 2022 අප්‍රේල් 28
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අමාත්‍යවරයෙක් ලෙස පත් කළ යුතු වීම ගැන කරන ප්‍රකාශය මුළුමනින්ම වැරදියි!
ඒ අතර අපිට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ, පාර්ලිමේන්තුව කැඳවන්න නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් අනෙකුත් ප්‍රධාන තනතුරු දිවිරුම් දෙන්න ඕනේ කැබිනට් මණ්ඩලේ, ඒ තනතුරුවල වාඩි වෙන්න නම්. ඒ අනුව තමයි ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු දිනෙෂ් ගුණවර්ධන ඇමතිතුමන් මහා මාර්ග අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන...
ඩේලි මිරර් ඔන්ලයින් | අප්‍රේල් 5, 2022
Posted on: 2022 අප්‍රේල් 21
මුළුමනින්ම වැරදියි
ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම ඇගයීමේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මුළුමනින්ම වැරදි දැක්මක
පසුගිය වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සය මාසික පෙර දැක්ම අතිශයින්ම සාර්ථක වී ඇති අතර ඒ හරහා අපේක්ෂිත ලැබීම් අප වෙත ලැබී තිබෙනවා.
ද මෝර්නිං | මාර්තු 3, 2022
Posted on: 2022 අප්‍රේල් 8
මුළුමනින්ම වැරදියි
කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී රාජ්‍ය අමාත්‍ය ජයසේකර නිවැරදි දත්ත දායක කර ගෙන නොමැත
[වර්තමානයේදී] විශාල අර්බුදයකට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත කරුවන් ඉන්නේ, 77 න් පස්සේ හැම ආණ්ඩුවක්ම මේ සියලු අර්බුදයන්ට වග කියන්න ඕනේ... හැම විටම අපේ 54% කට තිබූ කර්මාන්ත ක්ෂේත්රය 27% දක්වා සම්පූර්ණයෙන් කඩා වැටුණා.
අද දෙරණ | පෙබරවාරි 4, 2022
Posted on: 2022 අප්‍රේල් 6
වැරදියි
ජාතික ධජය පිළිබඳ අමාත්‍ය වීරසේකරගේ ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයෙන් පිටයි
අපගේ මාතෘභූමියේ ජාතික ධජය විකෘති කිරීමට හෝ ඊට අගෞරව කිරීමට කිසිවෙකුටත් ඉඩක් නැත. ඕනෑම අයෙකු එසේ සිදුකළහොත්, ඒ පිළිබඳව පූර්ණ වශයෙන් විමර්ශනය කර, අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ එන විධිවිධාන යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇත.
සරත් වීරසේකරගේ නිල ට්විටර් ගිණුම | පෙබරවාරි 4, 2022
Posted on: 2022 අප්‍රේල් 1
වැරදියි
මහ බැංකු අධිපති කබ්රාල්, සංචාරක කර්මාන්තය පිළිබඳ ඉදිරිපත් කරන දත්ත සත්‍යයෙන් බොහෝ දුරස් ය!
සංචාරක ව්‍යාපාරය ඩොලර් බිලියන 10 ක කර්මාන්තයක් වන අතර, පසුගිය අවුරුදු දෙකේදී අපිට එහි ඵල නෙළා ගැනීමට නොහැකි වී තිබෙනවා.
බ්ලූම්බර්ග | පෙබරවාරි 8, 2022
Posted on: 2022 මාර්තු 23
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල – ඉන්ධන ගැන අඩුවක් නැතුව කරුණු කියයි
ඛනිජ තෙල් සංස්ථාව, ඔක්ටේන්-92 සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 19 ක අලාභයක් ලබනවා...ඒ වගේම ඩීසල් ලීටරයකින් අලාභය රුපියල් 52 ක්...ඔක්ටේන්-92 ලීටරයකට රුපියල් 42 ක් රජය බදු වශයෙන් අය කර ගන්නවා...ඒ වගේම ඩීසල් ලීටරයකට බද්ද රුපියල් 17 ක්.. [ඛනිජ තෙල් සංස්ථාවේ දිනකට අලාභය රුපියල් මිලියන 551 ක් වැනි දැවැන්ත
ඩේලි නිව්ස් | පෙබරවාරි 21, 2022
Posted on: 2022 මාර්තු 18
නිවැරදියි
පා.ම. හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩු වැඩි නැතිව පෙන්වා දෙයි
[දැන්] ආසියාවේ අපේ [ශ්‍රී ලංකාවේ] තමයි ඉහළම උද්ධමනය තියෙන්නේ.
අද දෙරණ | පෙබරවාරි 1, 2022
Posted on: 2022 මාර්තු 9
නිවැරදියි
ශ්‍රී ලංකාවේ සංචිත පහළ යෑම පිළිබඳව පා. මන්ත්‍රී වික්‍රමරත්න තිත්ත වුණත් ඇත්ත කියයි
2019 සහ 2021 වර්ෂයන්ට සාපේක්ෂව ගත් විට, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත 80% කින් අඩු වී ඇත. නමුත් [දකුණු ආසියාතික] කලාපයේ අනෙක් රටවල් ගත් විට, ඔවුන්ගේ විදෙස් සංචිත වැඩිවී ඇති බවක් දැක ගත හැක.
ඩේලිඑෆ්ටී | ජනවාරි 25, 2022
Posted on: 2022 මාර්තු 4
නිවැරදියි