අජිත් නිවාඩ් කබ්රාල්

මහ බැංකු අධිපති කබ්රාල්, සංචාරක කර්මාන්තය පිළිබඳ ඉදිරිපත් කරන දත්ත සත්‍යයෙන් බොහෝ දුරස් ය!

"

සංචාරක ව්‍යාපාරය ඩොලර් බිලියන 10 ක කර්මාන්තයක් වන අතර, පසුගිය අවුරුදු දෙකේදී අපිට එහි ඵල නෙළා ගැනීමට නොහැකි වී තිබෙනවා.

බ්ලූම්බර්ග | පෙබරවාරි 8, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

රටේ පහත වැටෙමින් පවතින විදෙස් සංචිත සඳහා රුකුලක් ලෙසින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබීම් අත්කර ගැනීමට හැකි වනු ඇත් දැයි යනුවෙන් පුවත් හා තොරතුරු සේවාවක් වන බ්ලූම්බර්ග් හා පැවැත්වුණු සාකච්ඡාවකදී, මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් විමසන ලදි. ඊට ප්‍රතිචාර ලෙසින් මහ බැංකු අධිපතිවරයා අදහස් දක්වන්නේ දැනට පවත්නා විදේශ විනිමය හිඟය තාවකාලික බවත්, සංචාරක ව්‍යාපාරයේ ලැබීම් යථා තත්වයට පත්වීමත් සමඟින් එය පහව යනු ඇති බවත් පවසමිනි. මෙම සන්දර්භය තුළ ඔහු, “ඩොලර් බිලියන 10 ක කර්මාන්තයක්” ලෙස  සංචාරක ව්‍යාපාරය හඳුන්වා දෙන අතර, සංචාරක ව්‍යාපාරය තුළින් ලැබීමට හැකියාව තිබූ එනමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එම කර්මාන්තයෙන් අහිමි වූ ලැබීම් එ.ජ. ඩොලර් බිලියන 10 ක් වැනි අගයක් ගන්නා බව ඒ මගින් ඔහු හඟවයි. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සා බැලීම සඳහා, FactCheck.lk විසින්සංචාරක ආදායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ප්‍රකාශයට පත් කොට ඇති නිල සංඛ්‍යාලේඛන පරිශීලනය කොට ඇත. 



 

2011 සිට 2021 දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලද වාර්ෂික ලැබීම්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වාර්තා කර ඇති ආකාරය ප්‍රදර්ශිතය අංක 1 මගින් දැක්වේ  (මෙම සංඛ්‍යාවන් අධිඇස්තමේන්තුවක් වීමට ඉඩ ඇත්තේ මන්දැයි දැන ගැනීමට, අතිරේක සටහන් පරිශීලනය කරන්න). සංචාරක ව්‍යාපාරයේ ලැබීම් උච්චතම අගයක පැවති 2018 වසරේ දී ඒ සඳහා වාර්තා වූ අගය එ.ජ. ඩොලර් බිලියන 44 ක් විය. සංචාරක ව්‍යාපාරයේ ලැබීම් උපරිමය කරා ළඟා වූ 2016 –2018 වසර දක්වා වූ වසර තුනක කාලසීමාව සඳහා එහි සංයුක්ත වාර්ෂික වර්ධන වේගය 11.6% ක් විණි**. යම් හෙයකින් 2018 දී වාර්තා වූ උච්චතම සංචාරක ආදායම් මට්ටමේ සිට 11.6% වර්ධනයක් සමඟ 2022 දී සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීමට සමත් වුව, එහිදී ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකි ආදායම වන්නේ එ.ජ. ඩොලර් බිලියන 4.9 ක් පමණි. 

සංචාරක කර්මාන්තය යථා තත්වයටපත් වීම හේතුවෙන් විදේශ විනිමය ලැබීම්වල සිදු වන වර්ධනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් අපේක්ෂිත අගයසංචාරක ව්‍යාපාරයේ ලැබීම් පිළිබඳ වාර්තාගත දත්ත ඔස්සේ සිදු කළ හැකි වඩාත්ම ශුභවාදි පුරෝකථනය මෙන් දෙගුණයකටත් වඩා  වැඩි වේ.    

ඒ අනුවමහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු.

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

**2018 වසරට සාපේක්ෂව ගත් විට, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව 2019 වසරේදී සංචාරක කර්මාන්තයේ ආදායම අඩු වූ බැවින්, 2019 වසර මෙහිදී අපි අත්හැර තිබේ 

 



Additional Note

වෙරිටේ රිසර්ච් මගින් පවත්වා ගෙන යන පර්යන්තයක් වන Publicfinance.lk මගින් සොයා බලා දක්වා ඇති ආකාරයට, සංචාරකයෙකු දිනකට වැය කරන මුදලේ සාමාන්‍යය අධිතක්සේරු කිරීම හේතුවෙන්, නිල සංඛ්‍යාලේඛන තුළ සංචාරක ව්‍යාපාරයේ ආදායම සඳහා දක්වා ඇති අගයන්, ඇතැම් විට පමණට වඩා ඉහළ නංවන ලද සංඛ්‍යාවන් විය හැක. තරු පහේ හෝටලවල නවාතැන් ගනු ලබන්නේ සංචාරකයින්ගෙන් 11% ක් පමණක් වුව ද, සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ දිනකට වැය කරන මුදලේ සාමාන්‍යය 2019 වසර සඳහා එ.ජ. ඩොලර් 181 ක් විය. මෙය, එම අගය සඳහා කලාපය තුළ වාර්තා වූ ඉහළම අගයයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://publicfinance.lk/en/topics/earnings-from-tourism-are-we-getting-it-right-1646204834


මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), (දින සඳහන් නොවේ).  

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), (දින සඳහන් නොවේ), සංචාරක වර්ධන ප්‍රවණතාවයන් (Tourism Growth Trends) – 1985 සිට 2020 දක්වා. https://sltda.gov.lk/storage/common_media/Tourism_Growth_Trends_1985-2020.pdf 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.