අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම ඇගයීමේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මුළුමනින්ම වැරදි දැක්මක

"

පසුගිය වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සය මාසික පෙර දැක්ම අතිශයින්ම සාර්ථක වී ඇති අතර ඒ හරහා අපේක්ෂිත ලැබීම් අප වෙත ලැබී තිබෙනවා.

ද මෝර්නිං | මාර්තු 3, 2022

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු ශ්‍රී ලංකා මහ බැංකු (Central Bank of Sri Lanka, CBSL) අධිපති කබ්රාල් සිය ප්‍රකාශයේ දී කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම විශිෂ්ට සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවත් සහ විශේෂයෙන්ම, එම පෙර දැක්මෙහි කාල සීමාව අවසන් වීමට මසකට පෙර ඉන් අපේක්ෂිත ලැබීම් ශ්‍රී ලංකාවට ලැබුණු බවත් ය. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීමේදී, සය මාසික පෙර දැක්ම හරහා රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී තිබූ ප්‍රමාණාත්මක ඉලක්ක දාහතරට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ අනෙකුත් මූලාශ්‍රවලින් ලබා ගත්, 2021 ඔක්තෝබර් 1 සිට 2022 පෙබරවාරි 28 දක්වා කාලසීමාවට අයත් සැබෑ සංඛ්‍යාවන් FactCheck.lk විසින් යොදා ගන්නා ලදි. කරුණු විශ්ලේෂණයේ දී, එම සැබෑ සංඛ්‍යාවන් සමඟ පෙර දැක්මෙහි සඳහන් ඉලක්ක දාහතර සංසන්දනය කරන ලදි. 

සය මාසික පෙර දැක්මේ සඳහන් ප්‍රධාන ප්‍රමාණාත්මක ආර්ථිකමය ඉලක්ක හයෙන් එක් ඉලක්කයක් හෝ පෙබරවාරි මාසය අවසන් වන විට – එනම්, හිටපු මහ බැංකු අධිපති සිය ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට සපුරා නොතිබූ බව ප්‍රදර්ශිත අංක 1 න් දැක්වේ. 

එමෙන්ම, ද්විතීයික ඉලක්ක අටක් මෙම පෙර දැක්මට ඇතුළත් කර තිබූ අතර, පවතින සාක්ෂි අනුව නිගමනය කළ හැකි වන්නේ ඉන් එන් ඉලක්කයක් පමණක් සපුරා ඇති බවයි (ප්‍රදර්ශිතය 2 මගින් මෙම කරුණ පෙන්නුම් කෙරේ). ණය මූල්‍යකරණය පිළිබඳ ඉලක්ක හතරක් සපුරා නොමැති අතර ඉන් තුනක් පිළිබඳ තොරතුරු කිසිවක් නොමැත. 

මේ අනුව, රජය ප්‍රධාන ඉලක්ක හයම සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති අතර, ද්විතීයික ඉලක්ක අටෙන් හතරක් ද සපුරා නොමැත. රජයට සාක්ෂාත් කර ගැනීමට හැකි වී තිබෙන්නේ එක් ද්විතීයික ඉලක්කයක් පමණි (ඉතිරි ඉලක්කයන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත). කරුණු එසේ හෙයින්, සය මාසික පෙර දැක්ම සාර්ථක යැයි තක්සේරු කිරීම දෙයාකාරයකින් නුසුදුසු වේ. 

එබැවින්, හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදි යැයි අපි වර්ගීකරණය කරන්නෙමු. 

සැ.යු: මෙම කරුණු පිරික්සීමේදී ඇගයීමට ලක් කරන ලද්දේ 2022 පෙබරවාරි අවසානය වන විට ප්‍රමාණාත්මක මිනුමකින් තක්සේරු කළ හැකිව තිබූ ඉලක්කයන් පමණි. ප්‍රකාශය ඇගයීමට ලක් කරන අවස්ථාවේදී 2021 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් කර නොතිබූ බැවින් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය පිළිබඳ ඉලක්ක සම්බන්ධයෙන් මෙහිදී ඇගයීමක් සිදු කර නොමැත. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම (2021 ඔක්තෝබර් 1) https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/presentation_20211001_the_six_month_road_map_for_ensuring_macroeconomic_and_financial_system_stability_e.pdf 

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපති ආර්ථික දර්ශක (2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු 4 දක්වා), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators    [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ පාරිභොගික මිල දර්ශකයේ (Colombo Consumer Price Index) වෙනස්වීම්  (2022 පෙබරවාරි), ප්‍රවේශය: http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/MovementsoftheCCPI  [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ශ්‍රී ලංකා මහ බැංකුව, 2022 අංක 2 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය (2022 මාර්තු), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20220304_Monetary_Policy_Review_No_2_2022_e_D9fs3.pdf  [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ශ්‍රී ලංකා මහ බැංකුව, මාධ්‍ය නිවේදනය – රජයේ සුරැකුම්පත් (2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities  [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

උදිත ජයසිංහ, ශ්‍රී ලංකාව රුපියල අවප්‍රමාණය කරයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා ගන්නා පියවරක් ලෙස සැලකේ’, රොයිටර් පුවත් සේවය (2022 මාර්තු 8), ප්‍රවේශය: https://www.reuters.com/markets/rates-bonds/sri-lanka-allow-rupee-weaken-230-per-dollar-2022-03-07/ [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කොළඹ, මාධ්‍ය නිවේදනය – ඛනිජ තෙල් ආශ්‍රිත නිපැයුම් මිලදී ගැනීම සඳහා එ.ජ.ඩොලර් මිලියන 500 ක ණය සීමාවක් (2022 පෙබරවාරි 2) https://hcicolombo.gov.in/press?id=eyJpdiI6InZXRkpFOUhwdHk5M2ZkUGgyS0NBOWc9PSIsInZhbHVlIjoiT3NaeHNYNmtWbHdcL2ZxVXFDUDBDM2c9PSIsIm1hYyI6ImI2MDliNTM3OTgxZWY0NjNmZGNhNTIwMDY1YmQyZGY5NzVjYmNlNjRjMjIwMDhlZDE1ZjgwMzRmNGI2NDZkYmMifQ==  

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කොළඹ, මාධ්‍ය නිවේදනය – ආචාර්ය එස්. ජයශංකර් සහ ගරු බැසිල් රාජපක්ෂ ඉන්දියාව විසින් ලබා දෙන විශාල සහයෝගයක් සම්බන්ධයෙන් එකඟතාවකට එළඹෙති (2022 ජනවාරි 16)   https://hcicolombo.gov.in/press?id=eyJpdiI6Ik1kd3BqNDQrUW45SGtIaWtcL1JNa0pBPT0iLCJ2YWx1ZSI6Ikp1bXlwa1Yrd2RlXC9LNkFFRHplb0RBPT0iLCJtYWMiOiJhNjgyMzNiYjhiYWRmNGUzMDUxNDYwMjM1MTk4MTZkMjRlZDZjZGJjNTgwY2MxNzFjZDQ1NDNkYzdjOTRjMmNmIn0=