හර්ෂ ද සිල්වා

පා.ම. හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩු වැඩි නැතිව පෙන්වා දෙයි

"

[දැන්] ආසියාවේ අපේ [ශ්‍රී ලංකාවේ] තමයි ඉහළම උද්ධමනය තියෙන්නේ.

අද දෙරණ | පෙබරවාරි 1, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ආසියාවේ ඉහළම උද්ධමනය ඇත්තේ ශ්‍රී ලංකාවේ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයේදී, ඔහු ශ්‍රී ලංකාව සංසන්දනය කරන්නට ඇත්තේ දකුණු ආසියාතික රටවල් සමඟ වන්නට ඇතැයි යනුවෙන් Factcheck.lk විසින් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ථකථනය කරන ලදි. කෙසේ නමුත්, මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිබව සොයාබැලීමේදී, Factcheck.lk මගින් ආසියාවේ සියලුම රටවල මහ බැංකු සහ අදාළ සංඛ්‍යාලේඛන ඇති ආයතනයන්හි වෙබ් අඩවි පරිශීලනය කොට ඇත. 

2021 වසර සඳහා ඉහළම උද්ධමන අගයයන් වාර්තා වූ දකුණු ආසියාතික රටවල්, නිදර්ශක අංක 1 ඔස්සේ දැක්වෙන ආකාරයට ලැයිස්තුගත කළ හැක. 2021 වසර පුරා වූ සමුච්චිත උද්ධමනය යනු, දෙසැම්බර් අවසානය වන විට ඒ ඒ රටවල ජාතික පාරිභෝගික මිල දර්ශකයන්හි දක්වා ඇති වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයයි. මෙම අගය ශ්‍රී ලංකාව සඳහා 14% ක් වන අතර, එය දකුණු ආසියාතික රටවල් අතර වාර්තා වන ඉහළම උද්ධමන වේගයයි. එසේම, එය මැදපෙරදිග රටවල් හැර, අනෙකුත් ආසියාතික රටවල් අතර ද වාර්තා වී ඇති ඉහළම උද්ධමන වේගයයි. 

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

සැලකිය යුතුයි: කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරයි. 2021 වසර සඳහා ශ්‍රී ලංකාවේ සමුච්චිත උද්ධමනයේ අගය එහි වාර්තා වී තිබුණේ 12.1% ක් ලෙසිනි. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ශ්‍රී ලංකාව, උද්ධමනය සහ මිල ගණන්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රවේශය: http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI/MovementsOf-NCPI   

පකිස්තානය , මිල දර්ශක සම්බන්ධ මාසික සමාලෝචනය (Monthly Review on Price Indices), පකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශය, ප්‍රවේශය: https://www.pbs.gov.pk/sites/default/files//price_statistics/monthly_price_indices/nb/2022/cpi_review_december_2021.pdf   

නේපාලය , නේපාලයේ වර්තමාන සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්වය (Current Macroeconomic and Financial Situation of Nepal), නේපාල රස්ත්‍රා බැංකුව, ප්‍රවේශය: https://www.nrb.org.np/contents/uploads/2022/02/Current-Macroeconomic-and-Financial-Situation-English-Based-on-Six-Months-data-of-2021.22.pdf    

භූතානය , පාරිභෝගික මිල දර්ශකය (CPI): 2021 දෙසැම්බර්, ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය, ප්‍රවේශය: https://www.nsb.gov.bt/consumer-price-index-october-2020/   

බංග්ලාදේශය , බංග්ලාදේශ බැංකුව, ප්‍රවේශය: https://www.bb.org.bd/en/index.php/econdata/inflation     

ඉන්දියාව , සතිපතා සංඛ්‍යාලේඛන අතිරේකය (WEEKLY STATISTICAL SUPPLEMENT), ඉන්දීය සංචිත බැංකුව, ප්‍රවේශය: https://rbi.org.in/Scripts/WSSView.aspx?Id=25091    

ඇෆ්ගනිස්ථානය , ඇෆ්ගනිස්ථාන් මහ බැංකුව (Da Afghanistan Bank), ප්‍රවේශය: https://dab.gov.af/inflation-rate   

මාලදිවයින , වාර්ෂික පාරිභෝගික මිල දර්ශකය – 2021 (Consumer Price Index Annual 2021), මාලදිවයින් සංඛ්‍යාලේඛන කාර්යාංශය, ප්‍රවේශය: http://statisticsmaldives.gov.mv/cpi-annual-2021/    

මොංගෝලියාව , පාරිභෝගික මිල දර්ශක (Consumer Price Indices), මොංගෝලියානු මහ බැංකුව, ප්‍රවේශය: https://www.mongolbank.mn/eng/dblistcpi_mng.aspx    

කිර්ගිස්ථානය , මිලගණන් සහ තීරුබදු (Prices and Tariffs), කිර්ගිස් ජනරජයේ ජාතික සංඛ්‍යාලේඛන කමිටුව, ප්‍රවේශය: http://stat.kg/en/statistics/ceny-i-tarify/  

උස්බෙකිස්ථානය , වාර්ෂික ලක්ෂ්‍යමය, මාසික ලක්ෂ්‍යමය හා සමුච්චිතව ගණනය කළ උද්ධමනය (Year-on-year, month-on-month and cumulative inflation), උස්බෙකිස්ථාන් ජනරජයේ මහ බැංකුව, ප්‍රවේශය: https://cbu.uz/en/monetary-policy/annual-inflation/indicators/    

කසකස්ථානය , මිල ගණන් සංඛ්‍යාලේඛන (Statistics of Prices), කසකස්ථාන් ජනරජයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ උපාය මාර්ගික සැලසුම් සහ ප්‍රතිසංස්කරණ නියෝජිතායතනය, ප්‍රවේශය: https://stat.gov.kz/official/industry/26/statistic/6     

ටජිකිස්ථානය , සික උද්ධමන සමාලෝචනය (Monthly Inflation Review), ටජිකිස්ථාන මහ බැංකුව, ප්‍රවේශය: https://www.nbt.tj/en/macroeconomic/tavarrumi-solona-iyun-2017.php 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.