පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් නාගරීකරණය සම්බන්ධ දත්ත නිවැරදිව උපුටා දක්වා ඇතත් එහි අර්ථ නිරූපණය වැරදිය.
“[ශ්‍රී ලංකාවේ ජනගහණයෙන්] 74%ක් ජිවත් වෙන්නේ ග්‍රාමීය විදියටයි.”
Divaina | ඔක්තෝබර් 15, 2018
Posted on: 2018 නොවැම්බර් 2
තරමක් නිවැරදියි
පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම හා කලාපීය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ පැවැසූ දත්ත සාවද්‍ය වේ.
අද ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් 13,000 ක ඒක පුද්ගල ආදායමක් ඇති මධ්‍යම ආදායමක් සහිත රටකි. කලාපයේ වැඩිම ඒක පුද්ගල ආදායම මෙයයි.
ඩේලි නිව්ස් | ඔක්තෝබර් 3, 2018
Posted on: 2018 ඔක්තෝබර් 19
වැරදියි
පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දිසානායක මන්ත්‍රීවරයාගේ දත්ත හා ප්‍රකාශ සාවද්‍ය වේ.
මහ බැංකු වාර්තා අනුව 52%ක් නිෂ්පාදනය කරන්නෙ බස්නාහිර. [….] දකුණට 9%යි. කොහොම වුණත් අනෙක් සියලුම පළාත්වලට 48%යි. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නෑ.
මව්බිම | අගෝස්තු 28, 2018
Posted on: 2018 ඔක්තෝබර් 17
මුළුමනින්ම වැරදියි
ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 34ක් ඉදිරියට පැමිණ ඇති බවට සමරවීර අමාත්‍යවරයා උපුටා දැක්වූ දත්ත සත්‍ය වේ.
ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස අතින් 165 වැනි ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
දිවයින | සැප්තැම්බර් 28, 2018
Posted on: 2018 ඔක්තෝබර් 12
නිවැරදියි
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිවැරදි වන අතර, පසුගිය වසර තුන ඇතුළතදී රැකියා 500,000 ක් ආර්ථිකයට එක්ව ඇත.
රැකියා නියුක්තිය, 2014 වසරේ මිලියන 7.7 ක සිට 2017 වසරේ මිලියන 2.8 ක් දක්වා ඉහළ නැග ඇත.
ඩේලි නිව්ස් | ඔක්තෝබර් 3, 2018
Posted on: 2018 ඔක්තෝබර් 10
නිවැරදියි
මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නට යෙදුණේ සිගරට් අලෙවිය අඩු වීම නිසා, සිගරට් මගින් ලැබෙනා බදු ආදායම රුපියල් බිලියන 18 කින් අඩුවී ඇති බවයි.
සිගරට් අලෙවිය වටීමෙන් කෝටි 1800 ක බදු ආදායමක් අහිමි වෙලා
ලංකාදීප | සැප්තැම්බර් 12, 2018
Posted on: 2018 ඔක්තෝබර් 4
මුළුමනින්ම වැරදියි
2008-2017 කාලය තුළ මිනීමැරුම් අඩු වී ඇති බවට ජනපතිවරයා කළ ප්‍රකාශය නිවැරදි වුවත් එම කාලය තුල සිදු වූ කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ අඩු වී නොමැත.
පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ අඩුවෙලා තිබෙනවා.
ලංකාදීප, දිවයින | ජූලි 12, 2018
Posted on: 2018 සැප්තැම්බර් 28
තරමක් නිවැරදියි
අග්‍රාමාත්‍යවරයා මර්සර් ජීවන තත්වයන්ට අනුව නගර ශ්‍රේණිගත කිරීම (Mercer Quality of Living City Ranking 2018) නිවැරදිව උපුටා දක්වා තිබේ.
ජීවන ගුණාත්මක භාවය අතින් කොළඹ දකුණු ආසියාවේ ඉහළ්ම තැන ලබාගෙන තිබෙනවා. එහෙත් කොළඹ තිබෙන්නේ නගර 231 ක් අතුරින් 137 වෙනි ස්ථානයේයි.
ඩේලි නිව්ස් | ජූලි 10, 2018
Posted on: 2018 සැප්තැම්බර් 19
නිවැරදියි
ජනපතිගේ ප්‍රකාශය: “දකුණු ආසියාවේ” කියා කියුවේ නම් සම්පූර්ණයෙන්ම සත්‍ය වේ.
අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතර ඉහළම ස්ථානයක සිටිනවා.
ඩේලි නිව්ස් | ජූලි 28, 2018
Posted on: 2018 සැප්තැම්බර් 17
තරමක් නිවැරදියි