මෛත්‍රීපාල සිරිසේන

2008-2017 කාලය තුළ මිනීමැරුම් අඩු වී ඇති බවට ජනපතිවරයා කළ ප්‍රකාශය නිවැරදි වුවත් එම කාලය තුල සිදු වූ කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ අඩු වී නොමැත.

"

පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ අඩුවෙලා තිබෙනවා.

ලංකාදීප, දිවයින | ජූලි 12, 2018

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2008-2017 කාලය තුළ මිනීමැරුම් අඩු වී ඇති බවට ජනපතිවරයා කල ප්‍රකාශය නිවැරදි වුවත් එම කාලය තුල සිදු වූ කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ අඩු වී නොමැත.

සිය ප්‍රකාශය මගින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා 2008 සිට 2018 කාලය අතරතුර තෝරාගත් වර්ෂවලට අදාළ මිනීමැරුම් හා කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ පිළිබඳ දත්ත ලබා දී ඇත. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 2008 – 2017 වසර සඳහා වන අපරාධ දත්ත ඇසුරෙන් අපි මෙම ප්‍රකාශයෙහි සත්‍යතාවය විමසා බැලුවෙමු. (ජනපතිවරයා පැවසූ දත්ත හා පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්ත පහත දක්වා ඇත.)

2008 වසරේ සිට 2017 වසර දක්වා වාර්තා වී ඇති මිනීමැරුම් සංඛ්‍යාව අඩු වැඩි වෙමින් පැවතියද, පසුගිය වසර තුන තුළ වාර්තා වී ඇති මිනීමැරුම් සංඛ්‍යාව සැබවින්ම අඩු ව තිබේ.

කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සඳහා ජනපතිවරයා දත්ත සපයන්නේ 2012 වසරේ සිට යි. 2012 මුළු වර්ෂය සඳහා අපරාධ දත්ත පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි සඳහන් ව නොතිබුණි. වඩාත් නිවැරදි විශ්ලේෂණයක් සඳහා අපි කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ පිළිබඳ දත්ත ද 2008 වසරෙහි සිට සලකා බැලුවෙමු. එවිට පෙනී ගියේ 2008 – 2017 කාලය තුළ වාර්තා වී ඇති කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ අඩු වී ඇති බවට ජනපතිවරයා කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි.

මේ සියල්ල සලකා බලා අප විසින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසට නම් කර ඇත.

වගුව 1: ජනපතිවරයා ප්‍රකාශ කළ දත්ත සහ පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත් දත්ත