රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍යවරයා මර්සර් ජීවන තත්වයන්ට අනුව නගර ශ්‍රේණිගත කිරීම (Mercer Quality of Living City Ranking 2018) නිවැරදිව උපුටා දක්වා තිබේ.

"

ජීවන ගුණාත්මක භාවය අතින් කොළඹ දකුණු ආසියාවේ ඉහළ්ම තැන ලබාගෙන තිබෙනවා. එහෙත් කොළඹ තිබෙන්නේ නගර 231 ක් අතුරින් 137 වෙනි ස්ථානයේයි.

ඩේලි නිව්ස් | ජූලි 10, 2018

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

අග්‍රාමාත්‍යවරයා මර්සර් ජීවන තත්වයන්ට අනුව නගර ශ්‍රේණිගත කිරීම (Mercer Quality of Living City Ranking 2018) නිවැරදිව උපුටා දක්වා තිබේ.

අගමැතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ:

“ආසියාව පුරා නගර යුහුසුළුව දියුණු වෙමින් තිබුණත්, මර්සර් ජීවන තත්ව දර්ශකයේ පළමු නගර 50 තුළ ඇත්තේ ආසියානු නගර තුනක්, එනම් සිංගප්පූරුව, ‍තෝකියෝව හා කෝබේ පමණයි. කොළඹ නගරය මෙම ශ්‍රේණිගත කිරීමට අනුව දකුණු ආසියාවේ ඉහළම තැන සිටිනා නගරය බවට පත්ව තිබුණත්, තවමත් කොළඹ ඇත්තේ නගර 231 කින් 137 වෙනි තැනයි. අඩු තරමින් ආසියාතික නගර 15 ක් වත් සිටින්නේ මෙම ශ්‍රේණිගත කිරීමේ පහළම 50 තුළයි.”

2018 වසරේ මර්සර් ශ්‍රේණිගත කිරීම සඳහා නගර 231 ක් තිබිණි. එම ශ්‍රේණිගත කිරීමට අනුව:

1) ඉහළම නගර 50 තුළ ඇත්තේ, ආසියාව පුරා නගර තුනක් – එනම් සිංගප්පූරුව, ‍තෝකියෝව හා කෝබේ පමණි;

2) දකුණු ආසියාතික නගර අතර ඉහළම තැන සිටින්නේ කොළඹ නගරය වන අතර, එහි ශ්‍රේණිය නගර 231 කින් 137 වේ;

3) ආසියාතික නගර 17 ක් මෙම ශ්‍රේණිගත කිරීමේ පහළම මට්ටමේ සිටිනා නගර 50 ට ඇතුළත් වේ.

මේ අනුව බලනා විට අග්‍රාමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයේ අඩංගු කරුණු තුනම සත්‍ය වේ.



මූලාශ්‍රය

මර්සර් ජීවන තත්වය අනුව නගර ශ්‍රේණිගත කිරීම පරිශීලනය සඳහා පිවිසෙන්න: https://mobilityexchange.mercer.com/Insights/quality-of-living-rankings