මෛත්‍රීපාල සිරිසේන

ජනපතිගේ ප්‍රකාශය: “දකුණු ආසියාවේ” කියා කියුවේ නම් සම්පූර්ණයෙන්ම සත්‍ය වේ.

"

අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතර ඉහළම ස්ථානයක සිටිනවා.

ඩේලි නිව්ස් | ජූලි 28, 2018

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ජනපතිගේ ප්‍රකාශය: “දකුණු ආසියාවේ” කියා කියුවේ නම් සම්පූර්ණයෙන්ම සත්‍ය වේ.

ලෝකය පුරා අධිකරණමය ස්වාධීනත්වය ඇගයුම් කරන්නට යෙදුණු මෑතකාලීන සමීක්ෂණයන් දෙකක් මගින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව අධිකරණයේ ස්වාධීනත්වය විෂයෙහි ඉහළ ස්ථානයක සිටින්නේය යන ජනපතිගේ ප්‍රකාශය නිවැරදි වන්නේ, දකුණු ආසියාව සම්බන්ධයෙන් පමණක් බවයි.

කෙසේ වුවත් සමස්ත ආසියාවම සලකා බලන විට ශ්‍රී ලංකාව සිටින්නේ එම සෑම ලැයිස්තුවකම මැද තැනක බැවින් එම ප්‍රකාශය පිළිගත හැකි නොවේ.

මෙම පළමු සමීක්ෂණය වන්නේ ලෝක යුක්ති ව්‍යාපෘතිය (WJP) මගින් සිදුකරන්නට යෙදුණු නීතියේ ආධිපත්‍යය පිළිබඳ දර්ශකය 2017-2018 වන අතර, එහි ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් 6 ක් අතර 2 වෙනි තැන සිටී. නමුත් ආසියාව ගත් විට ශ්‍රී ලංකාවේ ස්ථානය වන්නේ රටවල් 17 කින් 7 වෙනි තැනයි.

මෙම දෙවන සමීක්ෂණය වන්නේ ලෝක ආර්ථික සංසදය (WEF) මගින් සිදුකරන්නට යෙදුණු විධායක මත සමීක්ෂණය 2017-2018 වේ. මෙහි ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් 5 කින් 3 වන ස්ථානයේ සිටිනා අතර, ආසියාතික රටවල් 20 කින් 12 වෙනි ස්ථානයේ සිටී.

මෙම සමීක්ෂණ දෙකෙන්ම පෙනෙන්නේ අප සලකන්නේ ආසියාවේ කුමන කලාපයද යන්න මත, ශ්‍රී ලංකාව එහි දරණා ශ්‍රේණිය වෙනස් වන බවයි. ජනපතිවරයා ඔහුගේ ප්‍රකාශයේ “දකුණු” ආසියාව ලෙසින් විශේෂයෙන්ම සඳහන් කළේ නම්, මෙම ප්‍රකාශය “සම්පූර්ණ සත්‍යයක්” ලෙසින් අපට පවසන්නට තිබිණි.

 



මූලාශ්‍රය

ලෝක යුක්ති ව්‍යාපෘතිය (WJP) මගින් සිදුකල සමීක්ෂණය සඳහා පිවිසෙන්න: https://worldjusticeproject.org/sites/default/files/documents/WJP-ROLI-2018-June-Online-Edition_0.pdf

ලෝක ආර්ථික සංසදය (WEF) මගින් සිදුකල සමීක්ෂණය සඳහා පිවිසෙන්න: http://reports.weforum.org/pdf/gci-2017-2018-scorecard/WEF_GCI_2017_2018_Scorecard_EOSQ144.pdf