හරින් ප්‍රනාන්දු

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිවැරදි වන අතර, පසුගිය වසර තුන ඇතුළතදී ‍රැකියා 500,000 ක් ආර්ථිකයට එක්ව ඇත.

"

‍රැකියා නියුක්තිය, 2014 වසරේ මිලියන 7.7 ක සිට 2017 වසරේ මිලියන 2.8 ක් දක්වා ඉහළ නැග ඇත.

ඩේලි නිව්ස් | ඔක්තෝබර් 3, 2018

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

“වසර 2014 දී මිලියන 7.7 ක්ව තිබූ ‍රැකියා නියුක්තිය, වසර 2017 වන විට මිලියන 8.2 ක් දක්වා වැඩිවී තිබෙනවා” ඩේලි නිව්ස් පුවත්පත මගින් මෙසේ වාර්තා කර තිබුණේ, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් කළ ප්‍රකාශයකි.

අමතර ‍රැකියා මිලියනයක් ආර්ථිකයට එකතු කරනා බවට, යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ (United National Front for Good Governance – UNFGG) මගින් 2015 වසරේ තම මැතිවරණ ප්‍රකාශයේ ප්‍රතිඥාවක් ලබාදී ඇත. මේ පසුබිම යටතේ හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය විමසීම පොදු ජනතාවට වඩාත් වැදගත් වේ.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි ද?

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිවැරදි වන අතර, පසුගිය වසර තුන ඇතුළතදී ‍රැකියා 500,000 ක් ආර්ථිකයට එක්ව ඇත.

මෙම ප්‍රකාශයේ කරුණුවල නිරවද්‍යතාවය පිරික්සීම සඳහා, FactCheck.lk කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (Department of Census and Statistics – DCS) මගින් ප්‍රකාශයට පත් කොට තිබෙන ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයේ (Labour Force Survey – LFS) අන්තර්ගත දත්ත පරීක්ෂා කරන්නට යෙදිණි.
වගු අංක 1 හි දැක්වෙන ආකාරයට, ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඇති ‍රැකියාවන් ප්‍රමාණය 2014 වසරේ මිලියන 7.7 ක සිට 2017 වසරේ මිලියන 8.2 දක්වා ඉහළ නැඟ ඇත. එනිසා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය සත්‍ය යැයි පැවසිය හැක.

වගුව 1: රැකියා නියුක්ති ජන සංඛ්‍යාව (2014-2017)



මූලාශ්‍රය

මූලාශ්රය: ශ්රී ලංකාවේ ශ්රමබල සමීක්ෂණ දත්ත ප්රකාශය, 2018 දෙවන කාර්තුව, ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව http://www.statistics.gov.lk/samplesurvey/LFS_Q2_Bulletin_WEB_2018_final.pdf