නීතිය හා සාමය
බන්ධනාගාර වියදම් ගැන රාජ්‍ය අමාත්‍ය ජයරත්නගේ තර්කය නිවැරදියි
බන්ධනාගාර, මහා භාණ්ඩාගාරයට බරක් වන ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ එම මතය සනාථ කිරීම සදහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් පහත කරුණු දක්වන ලදි:
ඒෂියන් මිරර් | අගෝස්තු 10, 2023
Posted on: 9 ඔක්තෝබර්, 2023
නිවැරදියි
හිටපු ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි වරදවා වටහාගෙන ඇත
නමුත් ඒ කවුරු[බලයේ] හිටියත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිටස්තර සිද්ධියක් රට තුළ සිදු වෙලා ඉවරයි....අනික මේ දැන් පාර්ලිමේන්තුවේ 225 ට හෝ දැන් ඉන්න ජනාධිපතිට හෝ අගමැතිට රට පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ කිසිවක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක ජනතාව විසින් බල සුන් කරලා තියෙන්නේ...හැබැයි ජනතා පරමාධිපත්‍ය ජනතාව විස
සිරස TV ඔස්සේ පැතිකඩ | ජූලි 11, 2022
Posted on: 21 ජූලි, 2022
වැරදියි
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයට සාධාරණයක් ඉටු නොවන ප්‍රකාශයක් සිදු කරයි
“…විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැක්කේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම මගින් විතරයි. මොකද ජනාධිපතිගේ බලතල මුළු ව්‍යවස්ථාව පුරාවටම විහිදිලා තියෙනවා.”
ඉරිදා ලංකාදීප | මැයි 28, 2022
Posted on: 23 ජූනි, 2022
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අමාත්‍යවරයෙක් ලෙස පත් කළ යුතු වීම ගැන කරන ප්‍රකාශය මුළුමනින්ම වැරදියි!
ඒ අතර අපිට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ, පාර්ලිමේන්තුව කැඳවන්න නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් අනෙකුත් ප්‍රධාන තනතුරු දිවිරුම් දෙන්න ඕනේ කැබිනට් මණ්ඩලේ, ඒ තනතුරුවල වාඩි වෙන්න නම්. ඒ අනුව තමයි ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු දිනෙෂ් ගුණවර්ධන ඇමතිතුමන් මහා මාර්ග අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන...
ඩේලි මිරර් ඔන්ලයින් | අප්‍රේල් 5, 2022
Posted on: 21 අප්‍රේල්, 2022
මුළුමනින්ම වැරදියි
ජාතික ධජය පිළිබඳ අමාත්‍ය වීරසේකරගේ ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයෙන් පිටයි
අපගේ මාතෘභූමියේ ජාතික ධජය විකෘති කිරීමට හෝ ඊට අගෞරව කිරීමට කිසිවෙකුටත් ඉඩක් නැත. ඕනෑම අයෙකු එසේ සිදුකළහොත්, ඒ පිළිබඳව පූර්ණ වශයෙන් විමර්ශනය කර, අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ එන විධිවිධාන යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇත.
සරත් වීරසේකරගේ නිල ට්විටර් ගිණුම | පෙබරවාරි 4, 2022
Posted on: 1 අප්‍රේල්, 2022
වැරදියි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව: ජනපතිවරයාට විවේචන එල්ල කිරීම සම්බන්ධයෙන් ප්රශ්නකාරී ප්‍රකාශයක් සිදුකරයි
ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීම සිදුකළ නොහැක. කිසියම් අයෙකු එසේ කළහොත්, එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව පොලිසියට ඇත.
දිවයින | ජනවාරි 3, 2022
Posted on: 7 ජනවාරි, 2022
වැරදියි
බදු මුක්තියෙන් මුදල් විශුද්ධිකරණයට මුක්තියක් නොලැබෙන බවට මන්ත්‍රී බණ්ඩාර නිවැරදිව ප්‍රකාශ කරයි
විශේෂයෙන්ම මෙම පනත (2021 වසරේ අංක 18 දරණ මුදල් පනත) හරහා මුදල් විශෝධනය කිරීම වැළැක්වීමේ පනත ඇතුළු මුදල් සම්බන්ධව ඇති කිසිදු පනතක් අහෝසි වන්නේ නැහැ.
දිවයින | සැප්තැම්බර් 10, 2021
Posted on: 21 ඔක්තෝබර්, 2021
නිවැරදියි
ජාතික නිදහස් පෙරමුණ: යෝජිත 20 වෙනි සංශෝධනය තුළ විගණකාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සම්බන්ධයෙන් නිවැරදියි
[යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ] සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති සමාගම් සහ රජය බහුතර කොටස් හිමිකාිත්වය දරන සමාගම්, විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාපටිපාටියෙන් ඉවත් කෙරී ඇත…" – 2020 ඔක්තෝබර් 02 වැනි දින, ජාතික නිදහස් පෙරමුණ (NFF) විසින් 20 වෙනි ව්‍යවස්ථා...
ජාතික නිදහස් පෙරමුණ (NFF) විසින් කළ ප්‍රකාශය | ඔක්තෝබර් 2, 2020
Posted on: 22 ඔක්තෝබර්, 2020
නිවැරදියි
ජනපති මුක්තිය කෙරෙහි 19 වෙනි සංශෝධනයේ බලපෑම පිළිබඳව අමාත්‍ය පීරිස් වැරදි අදහසක.
19 ව්‍යවස්ථා සංශෝධනය තිබෙන තාක්කල් ජනාධිපතිවරයා උසාවි ගානේ රස්තියාදු විය යුතුයි… ඒ නිසා තමයි මුක්තිය අවශ්‍ය වන්නේ…
අරුණ | සැප්තැම්බර් 8, 2020
Posted on: 7 ඔක්තෝබර්, 2020
වැරදියි
අමාත්‍ය ජී.එල්.පීරිස් නිවැරදියි: 19 වෙනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිට පැහැදිලි බලයක් තිබුණි.
නව ජනාධිපතිවරයෙකු පත් වූ විට පාර්ලිමේන්තුව විසුරුවා තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වන පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජනතාව අතරට යාමේ බලය 19 වැනි සංශෝධනයට පෙර ජනපතිට තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එය වෙනස් කළා. වසර හතර හමාරක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. තුනෙන් දෙකක බලයක් තිබේ නම් පමණක්...
ලංකාදීප | අගෝස්තු 10, 2020
Posted on: 16 සැප්තැම්බර්, 2020
නිවැරදියි
අධිකරණ අමාත්‍ය අලි සබ්රි: ආරක්ෂණ විධිවිධානයන් 19 සංශෝධනයේ ඇති හිදැස් ලෙසින් වරදවා දක්වයි
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පතිවරයා වැරදි කරුවෙකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.”
ලංකාදීප | අගෝස්තු 16, 2020
Posted on: 10 සැප්තැම්බර්, 2020
වැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත සම්බන්ධයෙන් තතු වරදවා ගනී
2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත.
අරුණ | ජූනි 29, 2020
Posted on: 3 සැප්තැම්බර්, 2020
වැරදියි
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන: පුද්ගලික තැන්පතුවල ආරක්ෂාව පිළිබඳව නිවැරදියි
මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් වේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව | ජූනි 4, 2020
Posted on: 25 ජූනි, 2020
නිවැරදියි
උදය ගම්මන්පිල විසින් හිටපු ජනාධිපති සිරිසේන හට නැති මුක්තියක් ලබාදෙයි
“...[හිටපු ජනාධිපති සිරිසේන] අපරාධයක් සිදුකළත්, ඔහුට ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියට අදාළව මුක්තිය හිමිවන බැවින් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකියි...
උදය ගම්මන්පිලගේ නිල ට්විටර් ගිණුම | අප්‍රේල් 23, 2020
Posted on: 13 මැයි, 2020
වැරදියි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්ලත් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරයි
“...මෙම [එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1] යෝජනාවට සම-අනුග්‍රහය දැක්වීමේ අනෙකුත් භයානක ප්‍රතිඵලය වන්නේ, ඕනෑම අවස්ථාවක මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යාමේ බලයක් හිමිවීමයි.”
දිවයින, අරුණ | පෙබරවාරි 25, 2020
Posted on: 18 මාර්තු, 2020
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල, ජාතික ගීයේ භාෂාව සම්බන්ධයෙන් වරදවා ගනී
[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තිය] අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය… එහෙම නම් තුන්වැනි උපලේඛනයේ දැක්වෙන ශ්‍රී ලංකා මාතා පදමාලාව හැර වෙනත් කිසිවක් ජාතික ගීය ලෙස සැලකුවොත් එය ව්‍යවස්ථා උල්ලංඝනයක් වෙනවා.
අද | ජනවාරි 1, 2020
Posted on: 29 ජනවාරි, 2020
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර විසින් අපරාධ අඩුවීම මඳක් අතිශයෝක්තියට නංවයි
පසුගිය වසර හතර තුලදී, එනම් මින් පෙර තිබූ රාජපක්ෂ රෙජීමය හා සංසන්දනය කර බලන විට මෙම රජය යටතේදී සියලුම ආකාරයේ අපරාධයන් ප්රබලව පහත වැටී තිබෙනවා.
ඩේලි නිව්ස් | ඔක්තෝබර් 30, 2019
Posted on: 18 දෙසැම්බර්, 2019
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි
අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා.
දිවයින | ඔක්තෝබර් 25, 2019
Posted on: 6 නොවැම්බර්, 2019
නිවැරදියි
ණය ගැනීමේ සීමාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණවර්ධන සාවද්‍ය අනතුරු හැඟවීමක් සිදුකරයි
"මේ ආණ්ඩුව වසරකට විදේශිකයන්ගෙන් අසීමිතව ණය ගන්න පනතක් පාර්ලීමේන්තුවේ සම්මත කරගත්තා.
මව්බිම | අගෝස්තු 4, 2019
Posted on: 26 සැප්තැම්බර්, 2019
වැරදියි
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල නිවැරදි නොවේ
"..... කලින් හිටපු ජනාධිපති ඒ කියන්නේ 19 වැනි සංශෝධනයට කලින් හිටපු ජනාධිපති දැන් ඉන්න ජනාධිපති අතර මහ බරපතල වෙනසක් නෑ. ජනාධිපතිවරයාට තිබුණ බලතල තුනක් පමණයි දහනව වැනි සංශෝධනයෙන් අයින් කළේ."
දිවයින | ජූනි 18, 2019
Posted on: 4 සැප්තැම්බර්, 2019
වැරදියි
උදය ගම්මන්පිල: සිරගතවීම් පිළිබඳව නිවැරදිය, වියදම් පිළිබඳව එතරම් නිවැරදි නැත
අද හිරගෙදර ඉන්න වැඩි පිරිසක් දඩය ගෙවා ගත නොහැකිව සිරගතවූ අයයි. හිරකරුවකු නඩත්තුවට රජය දිනකට රුපියල් 671ක් වැය කරනවා. රුපියල් සියයක දඩයක් ගෙවා ගත නොහැකිව හිරේ යන මේ පුද්ගලයා මේ අනුව මාසයකට විසිදාහකට වැඩි දඩයක් ගහනවා.
ලංකාදීප | අප්‍රේල් 2, 2019
Posted on: 1 ජූලි, 2019
තරමක් නිවැරදියි
හිටපු අමාත්‍ය තලතා අතුකෝරල: රැඳවියන් ප්‍රමාණය පිළිබඳව වැරදි නමුත් සිර දඬුවම් පිළිබඳව නිවැරදිය
විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි.
දිනමිණ | අප්‍රේල් 10, 2019
Posted on: 23 මැයි, 2019
තරමක් නිවැරදියි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ: ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඇති නීති පිළිබඳව වැරදිය.
විදේශයක සන්නද්ධ අරගලයකට එකතු වීම මෙරට නීතිය අනුව අපරාධයක් නොවේ... එවැන්නකින් කෙනෙකු වළකාලන නීතියක් නැහැ...
බ්‍රිතාන්‍යයෙහි SkyNews සමග සිදුකරන ලද ප්රවෘත්ති සාකච්ඡාවකදී | අප්‍රේල් 26, 2019
Posted on: 7 මැයි, 2019
වැරදියි
2008-2017 කාලය තුළ මිනීමැරුම් අඩු වී ඇති බවට ජනපතිවරයා කළ ප්‍රකාශය නිවැරදි වුවත් එම කාලය තුල සිදු වූ කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ අඩු වී නොමැත.
පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ අඩුවෙලා තිබෙනවා.
ලංකාදීප, දිවයින | ජූලි 12, 2018
Posted on: 28 සැප්තැම්බර්, 2018
තරමක් නිවැරදියි
ජනපතිගේ ප්‍රකාශය: “දකුණු ආසියාවේ” කියා කියුවේ නම් සම්පූර්ණයෙන්ම සත්‍ය වේ.
අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතර ඉහළම ස්ථානයක සිටිනවා.
ඩේලි නිව්ස් | ජූලි 28, 2018
Posted on: 17 සැප්තැම්බර්, 2018
තරමක් නිවැරදියි