බන්දුල ගුණවර්ධන

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන: පුද්ගලික තැන්පතුවල ආරක්ෂාව පිළිබඳව නිවැරදියි

"

මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව | ජූනි 4, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තක්සේරු කිරීම සඳහා, FactCheck.lk මගින් මුදල් නීති පනත, මූල්‍ය සමාගම් පනත සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි පරිශීලනය කොට ඇත. ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණය සඳහා වන ව්‍යවස්ථාපිත රාමුව, මුදල් නීති පනතේ 32A සිට 32E දක්වා වගන්ති මගින් සහ මූල්‍ය සමාගම් පනතේ 27 සිට 30 දක්වා වගන්ති මගින් ස්ථාපිත කොට ඇත. මේ ඔස්සේ තැන්පතු රක්ෂණය සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදී ඇත. මේ අතර තැන්පතු රක්ෂණය සඳහා වන මෙහෙයුම් රාමුව නිර්මාණය වන්නේ, 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි සංශෝධනය තුළිනි.

මෙම රෙගුලාසීන්හි 4.1 වගන්තිය මගින් නිරූපණය කර තිබෙන්නේසියලුම වාණිජ බැංකු, බලපත්‍රලාභි විශේෂ බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් යෝජනා ක්‍රමයේ සාමාජිකයින් විය යුතුය* යනුවෙනි.

මෙම රෙගුලාසීන්හි 9.6 වගන්තිය මගින් නිරූපණය කර තිබෙන්නේ තැන්පත්කරුවන් හට ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය, රුපියල්  600,000 කට හෝ ඊට සමාන උපරිමයකට යටත්ව, ඉහත ආකාරයෙන් ගණනය කළ සමස්ත රක්ෂණය කරනු ලැබූ තැන්පතුවලට සීමා විය යුතුය* යනුවෙනි.

මෙහි අරුත වන්නේ, රුපියල් බිලියන 65.1 ක ප්‍රමාණයක වත්කම් ඇති සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කළමනාකරණය කෙරෙන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදල මගින් වර්තමාන රෙගුලාසි යටතේ බැංකු සහ මූල්‍ය සමාගම් වෙත සිදුකරනා තැන්පතු සම්බන්ධයෙන් ඇප වන්නේ රුපියල් 600,000 ක උපරිමයක් දක්වා පමණක් බවයි. FactCheck.lk මගින් උපකල්පනය කොට ඇත්තේ “ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරන්නේය” යනුවෙන් ගුණවර්ධන විසින් කළ ප්‍රකාශයෙන්, තැන්පතු රක්ෂණය හා සම්බන්ධ නීති හා රෙගුලාසි ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදී ඇති වගකීම හැඟවෙන බවයි.

එනිසා, අපි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශය සත්‍ය යැයි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

සැලකිය යුතුයි:

2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසිවල 9.9 වගන්තිය ඔස්සේ මෙසේ ප්‍රකාශ වේ.

වන්දි මුදල් ගෙවීම මුදල් මණ්ඩලයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් නොවිය යුතු අතර, එය අවසර ලැබී ඇති ණය ගැනීම් සහ ලැබී ඇති දායකත්ව මුදල් ඇතුළත්ව තැන්පතු රක්ෂණ අරමුදලේ ලබාගැනීමට ඇති හෝ රැස් කරන ලද අරමුදල් සඳහා සීමා විය යුතුය. අරමුදලේ ණය ලෙසින් පවතින සමස්ත ප්‍රමාණය ඉක්මවා යන ඕනෑම බැරකමකට මුදල් මණ්ඩලය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම නොදැරිය යුතුය*

මෙනිසා, තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කළමනාකරණය කෙරුණද, ඒ යටතේ සිදුකෙරෙනා ගෙවීම්, තැන්පතු රක්ෂණ අරමුදල හරහා ලබාගැනීමට හැකියාව ලබා දී ඇති අරමුදල් සඳහා සීමාවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරනු ලැබූ 2020 අප්‍රේල් මාසික ආර්ථික දර්ශකයට අනුව, වාණිජ බැංකුවල පමණක් ඇති “සමස්ත තැන්පතු” ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 7.7 ක් වේ. මේ අතර, 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව මගින් පෙන්නුම් කරන්නේ, තැන්පතු රක්ෂණ අරමුදලෙහි වත්කම් ලෙසින් රුපියල් බිලියන 65.1 ක් තිබෙනා බවයි.

මුල් ඉංග්‍රීසි ලේඛනයෙන් සිංහලට පරිවර්තනය කොට තිබේ.



මූලාශ්‍රය