මෛත්‍රීපාල සිරිසේන

හිටපු ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි වරදවා වටහාගෙන ඇත

"

නමුත් ඒ කවුරු[බලයේ] හිටියත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිටස්තර සිද්ධියක් රට තුළ සිදු වෙලා ඉවරයි....අනික මේ දැන් පාර්ලිමේන්තුවේ 225 ට හෝ දැන් ඉන්න ජනාධිපතිට හෝ අගමැතිට රට පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ කිසිවක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක ජනතාව විසින් බල සුන් කරලා තියෙන්නේ...හැබැයි ජනතා පරමාධිපත්‍ය ජනතාව විස

සිරස TV ඔස්සේ පැතිකඩ | ජූලි 11, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2022 ජුලි 9 වැනි දින සිදුවීම් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කරන ලදි. වත්මන් අර්බුදය සම්බන්ධයෙන් ඔහු මෙහිදී පැහැදිලි කරුණු තුනක් ගෙනහැර දක්වන බව පෙනෙන්නට තිබේ: (1) උත්සන්න වූ විරෝධතා හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සිද්ධියක්; (2) මහජනතාවගෙන් ස්වාධීනව රට පිළිබඳ තීරණ ගැනීමට තේරී පත් වූ නායකයින්ට තවදුරටත් බලය නොමැති බව; (3) ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට ඉහළින් මහජනතාව තම ‘පරමාධිපත්‍යය’ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව. 

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය ඇගයීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අධ්‍යයනය කරන ලදි. 

ඉහත පළමු කරුණ සැලකීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටන අතර, එය අත්හළ නොහැකි බවත්, ඊට මූලික අයිතිවාසිකම් (භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස වැනි (14(1)(අ) සහ () අනුව්‍යවස්ථා)) ඇතුළත් වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වේ. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ සැලසේ (38(1)(ආ) අනුව්‍යවස්ථාව). ඒ අනුව, හිටපු ජනාධිපති රාජපක්ෂගේ නායකත්වයට එරෙහිව ගොඩනැඟුනු අතිමහත් මහජන විරෝධය හමුවේ ඔහු ඉල්ලා අස්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම අනුකූල වූවකි. එනිසා, එය හිටපු ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරන පරිදිආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි’ සිදුවීමක් නොවේ. 

දෙවන කරුණ සැලකීමේදී, රටේ නායකත්වය විසින් ගනු ලබන තීරණ මහජනතාවගේ දැඩි පිරික්සීමටත් අභියෝගයටත් ලක්විය හැකි බැවින් රට පිළිබඳ තීරණ ගැනීමේ බලය තවදුරටත් පාර්ලිමේන්තුව වෙත නොපවතින බව හිටපු ජනාධිපතිවරයා අදහස් කරන බවක් පෙනී යයි. කෙසේ වෙතත් ඔහු විසින් ගැටළුවක් වශයෙන් විග්‍රහ කරනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂිත ලක්ෂණයකි. මහජනතාව සහ මන්ත්‍රීවරුන් අතර පවතින මෙම ගතිකය හිටපු ජනාධිපතිවරයා පවසන පරිදි පාර්ලිමේන්තුවේ බලය අවලංගු කිරීමක් නොවන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවේ. 

තෙවන කරුණේදී, පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිව දක්වයි. ජන්දයෙන් තේරී පත් වූ ආයතන (පාර්ලිමේන්තුව ද ඇතුළුව) වෙත පැවරෙනුයේ එම පරමාධිපත්‍යයේ යම් විශේෂිත පැතිකඩක් (උදා: ව්‍යවස්ථාදායක බලය) පමණි. එය ද නිශ්චිත කාල සීමාවක් සඳහා පමණකි. එනිසා, තම පරමාධිපත්‍යය ප්‍රධාන කොට ඇති බව මහජනතාව විසින් සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවේ. සැබවින්ම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස සලකනු ලැබ ඇත්තේ මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. එනම්, ජන්දයෙන් තේරී පත් වූ නායකයින්, ජනතා පරමාධිපත්‍යයට ඉහළින් තමන් වෙත පවරන ලද බලතල ක්‍රියාත්මක කිරීමයි. 2018 අවසන් කාර්තුවේදී හිටපු ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මීට නිදසුනක් ලෙස දැක්විය හැක. 

මෙම කරුණු තුන පිළිබඳ ඉහත විශ්ලේෂණ මත පදනම්ව, හිටපු ජනාධිපති සිරිසේන විසින් සිදු කරන ලද ප්‍රකාශය වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්

 

අමතර සටහන  

ව්‍යවස්ථාපිත විධිවිධාන 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 

3 වැනි ව්‍යවස්ථාව 

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ . පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ . පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේ . 

4 වැනි ව්‍යවස්ථාව 

ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම , භුක්ති විඳීම , මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ :- 

(ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ; ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ; වර්ධනය කරනු ලැබිය යුත්තේ . තව , මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ . 

 38 වැනි ව්‍යවස්ථාව 

  1. (1) () කථානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් එවිට ;

   ජනාධිපති ධුරය හිස් වන්නේ ය. 



මූලාශ්‍රය

සිරස TV ඔස්සේ පැතිකඩ, 2022 ජුලි 11: https://www.youtube.com/watch?v=bfi0bHpTFb8  

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.