උදය ගම්මන්පිල

පා.ම.ගම්මන්පිල- දුප්පතා ගැන කතාව හරි. පොහොසතා ගැන කතාව වැරදි.

"

දිළින්දන්ගෙන් වැඩි මිලක් අයකරලා දිළින්දන්ගෙන් ලබාගන්නා මුදලින් පොහොසත් අයගේ බිලට සහනාධාර ලබාදීලා තියෙනවා...පසු ගිය අගෝස්තු මාසේ ගෙව්වා බිලට වඩා මේ අවුරුද්දේ මාර්තු මාසේ, ඉතාමත් කෙටි කාලයක් ඇතුලත, විදුලි බිල 1,138% කින් වැඩි වෙලා තියෙනවා... ඒකක 30 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට 1,138% කින් විදුලි බිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නිල ෆේස්බුක් පිටුව | මැයි 27, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. ගම්මන්පිල මෑතකාලීන 2023 පෙබරවාරි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව පොදුවේ ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කරයි. පළමුව, ‘පොහොසතුන්ට’ සාපේක්ෂව ‘දුප්පතුන්ගේ’ විදුලි බිල සැලකිය යුතු ලෙස වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ඔහු කියයි. දෙවනුව, ‘දුප්පතුන්ගේ’ වියදමින් ‘පොහොසතුන්ට’ සහනයක් ලැබී ඇති බවද කියයි. මෙම ප්‍රකාශයන්ට සහාය දැක්වීම සඳහා ගණනය කිරීම් ද, සපයනමන්ත්‍රීවරයා, ‘දුප්පත්’ යැයි වර්ගීකරණය කරන  පුද්ගලයගේ (මසකට 30 KwH පරිභෝජනය කරන)  විදුලි බිලෙහි 1138% වැඩිවීමක් සහ ‘පොහොසත්’ ලෙස වර්ගීකරණය කරන  පුද්ගලයන්ගේ (මසකට 180 KwH පරිභෝජනය කරන) විදුලි බිලෙහි 160% වැඩිවීමක් සිදුව ඇති බව කියයි. මාසික විදුලි පරිබෝජනය මත පදනම්ව මෙසේ පුද්ගලයින් දුප්පත් සහ පොහොසත් යැයි වර්ගීකරණය කරන්නේ ද, ඔහුමය.

මෙම ප්‍රකාශවල  වැරදි නිවැරදි බව පිරික්සා බැලීම සඳහා, FactCheck.lk විසින්, බලශක්ති ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමග වෙරිටේ රිසච් පවත්වන්නට යෙදුණු වටමේස සාකච්ඡාවක දී හුවමාරු කරගත් A cost-based model for differential pricing of electricity, for households in Sri Lanka යන පර්යේෂණ වාර්තාවේ කෙටුම්පත සහ  විදුලි බදු සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස්කම් සොයාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වෙබ් අඩවිය පරිශීලනය කොට ඇත.

2014 නොවැම්බර්, 2022 අගෝස්තු සහ 2023 පෙබරවාරි මාසවලදී විදුලි මිල සංශෝධනය කරන ලදී. මන්ත්‍රීවරයා අගෝස්තු මාසයේ සිට වැඩි කිරීම් ගැන සඳහන් කරන විට, ඔහු ඇත්ත වශයෙන්ම සඳහන් කරන්නේ 2022 අගෝස්තු මස මුල දක්වා ක්‍රියාත්මක වූ 2014 නොවැම්බර් මාසයේ මිල සංශෝධනය ගැන බව පෙනෙන්නට තිබේ.

පළමු ප්‍රකාශය සම්බන්ධයෙන්: 2014 වසරේ නියම කළ මිල ගණන්වලට සාපේක්ෂව අර්ථකථනය කරන විට, ඒකක 30ක් පරිභෝජනය කරන (‘දුප්පත්’) පුද්ගලයන්ගේ විදුලි බිල සැලකිය යුතු වැඩි ප්‍රතිශතයකින් 2023 පෙබරවාරි මාසයේ ගාස්තු සංශෝධනයෙන් පසුව (1138% කින්) ඉහළ ගොස් ඇති බවට කෙරෙන මන්ත්‍රීවරයාගේ   ප්‍රකාශය කිරීම නිවැරදිය. ඊට වෙනස්ව, ඒකක 180ක් පරිභෝජනය කරන (‘පොහොසත්’) අයට 144%ක ගාස්තු වැඩිවීමක් තිබුණි, එය මන්ත්‍රීවරයා විසින් දක්වා ඇති 160% ට වඩා අඩුය (අංක 1 වගුව බලන්න).

දෙවැනි ප්‍රකාශය සම්බන්ධයෙන්: ‘දුප්පතුන්ගේ’ වියදමින් ‘පොහොසතුන්ට’ සහනාධාරයක් ලැබී ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.  කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට දත්ත මගින් සහාය නොදක්වයි. ‘දුප්පත්’ පාරිභෝගිකයින් සඳහා ඒකකයක් සඳහා සහනය (සාමාන්‍ය පිරිවැයට වඩා අඩු සාමාන්‍ය මිල) රුපියල් 12.46 කින් අඩු කර ඇති බව නිෂ්පාදන ඒකකයක සාමාන්‍ය පිරිවැය සහ ‘පොහොසත්’ සහ ‘දුප්පත්’ පාරිභෝගිකයින් ගෙවන මිල අතර වෙනස පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. අනෙක් පසින් ‘පොහොසත්’ පාරිභෝගිකයින් (මාසික විදුලි ඒකක ගණන 180)  එම පරිබෝජනය මත පදනම්ව ඒකකයකට වැඩිපුර ගෙවිය යුතු මුදල (Premium)  රුපියල් 4.71 කින් වැඩි කර ඇත (අංක 2 වගුව බලන්න). එබැවින්, ‘දුප්පතුන්ට’ සහනය 75%කින් අඩු කර ඇතත්, මන්ත‍්‍රීවරයා කියන පරිදි ‘පොහොසතුන්’ වැඩිපුර ගෙවන මිලෙහි අඩුවීමක් සිදුව නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ ‘පොහොසතුන’ මාසික විදුලි ඒකකයකට වැඩිපුර ගෙවිය යුතු මුදල 210%කින් ඉහළ ගොස් තිබීමය.

සාරාංශයක් ලෙස, ඒකක 180 භාවිතා කරන පාරිභෝගිකයින්ට (‘පොහොසත්’) වඩා ඒකක 30 භාවිතා කරන පාරිභෝගිකයින්ගේ (‘දුප්පත්’) විදුලි බිල සැලකිය යුතු ලෙස වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවට කෙරෙන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදිය. කෙසේ වෙතත්, ‘දුප්පතුන්’ට මිල වැඩි කර ‘පොහොසතුන්ට’ සහනාධාර ලබා දී ඇති බව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම වැරදිය.

මේ අනුව, අපි පා.ම. ගම්මන්පිලගේ ප්‍රකාශය තරමක් නිවැරදි ලෙස වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: විවිධ ගාස්තු ව්යුහයන් තුළ විදුලි බිල්පත් වටිනාකම

මූලාශ්‍රය: PUCSL වෙබ් අඩවිය – විදුලි ගාස්තු 2023 සංශෝධන

අංක 2 වගුව: ඒකකයකට (වාරික) ලැබුණු ලාභය /සහන වෙනස

මූලාශ්‍රය: PUCSL වෙබ් අඩවිය – විදුලි ගාස්තු 2023 සංශෝධන



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) නිල වෙබ් අඩවිය https://www.pucsl.gov.lk/news-room/.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.