ණය සැසඳීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවැරදි නොවන ගණනය කිරීමක
මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගන්නකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 2 යි. එතුමා රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10 කට ණය ප්‍රමාණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. [නමුත්] අපට [නැවත] රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 13 යි. තමුන්නාන්සේලා [යහපාලන රජය] අවුරුදු 5 කට ගත්තා, ට්‍රිලියන 6 ක්.
හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021
Posted on: 2022 ජනවාරි 27
මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න, ණය වැඩිවීම සම්බන්ධයෙන් පිට පිට පටලවා ගනී
එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව භාරදෙනකොට අපේ විදේශ ණය තිබුණේ සියයට 72යි. නමුත් යහපාලන ආණ්ඩුවට පසු මේ ආණ්ඩුව බලයට එන අවස්ථාව වන කොට ඒ ණය ප්‍රමාණය සියයට 96 දක්වා වැඩි වෙලා තිබුණා. එතකොට විශාල ණය ප්‍රමාණයක් ඒ අය බලයේ සිටි අවුරුදු පහ තුළ අරගෙන තිබෙන බව අපි කියන්න ඕනෑ.
හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 15, 2021
Posted on: 2021 දෙසැම්බර් 17
වැරදියි
ශ්‍රී ලංකාවේ වාර්තාගත ණය පොලී ගෙවීම් පිළිබඳව මන්ත්‍රී වික්‍රමරත්නගේ ගණන් හිලවු නිවැරදියි!
රජයේ ආදායමෙන් 70% ක් ණය සඳහා පොලී නැවත ගෙවීමට වැය වෙනවා. ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාව හැරෙන්නට ණය සඳහා වැඩිම පොලියක් ගෙවන ලෝකයේ එකම රට වෙන්නේ ලෙබනනය පමණයි.
ඩේලි එෆ්ටී | අගෝස්තු 5, 2021
Posted on: 2021 සැප්තැම්බර් 30
නිවැරදියි
ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වන කාරණය සැබෑය
...දැන් මේගොල්ලෝ කෑගැහුවානේ අවුරුදු පහකට රුපියල් බිලියන පන්දාස් හත්සීයකින් ණය වැඩි වුණා කියලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ මාස හතරට [ආසන්න වශයෙන්] බිලියන දාහකින් වැඩිවෙලා... ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මාසෙකට වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා දෙකහමාර ගුණයකින් ණය වැඩි වෙලා.
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | ජූලි 7, 2020
Posted on: 2020 ඔක්තෝබර් 1
නිවැරදියි
ණය ගැනීමේ සීමාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණවර්ධන සාවද්‍ය අනතුරු හැඟවීමක් සිදුකරයි
"මේ ආණ්ඩුව වසරකට විදේශිකයන්ගෙන් අසීමිතව ණය ගන්න පනතක් පාර්ලීමේන්තුවේ සම්මත කරගත්තා.
මව්බිම | අගෝස්තු 4, 2019
Posted on: 2019 සැප්තැම්බර් 26
වැරදියි