ෂානක්කියන් රාසමාණික්කම්

පා.ම ෂානක්කියන් ඉහළ දැමූ විදුලි ගාස්තු ගැන අඳුර දුරු කරයි

"

...මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් දෙන්නම රටින් පිටවෙලා ඉන්නා කාලෙක ජනාධිපති ලේකම් කාර්යාලයට මේකේ [කොමිසමේ] නිලධාරීන් ගෙනල්ලා මේ කොමිෂන් සභාවේ අනුමැතිය ඒ මිල වැඩි කිරීමට ලබා දුන්නා.... මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා තියෙන්නේ රු. 8 තියෙන ඒකකයක් රු. 10 ට වැඩි කරන්න කියලා. හැබැයි අද කරලා

ManthriLK_Watch | පෙබරවාරි 24, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පළ කරන ලද ලේඛන පරිශීලනය කරන ලදි. ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතර හුවමාරු කර ගන්නා ලද ලිපි ලේඛන ද මීට ඇතුළත් විය.

අඩුම විදුලි ගාස්තුව පනවා ඇති කාණ්ඩය සඳහා විදුලි ඒකකයක මිල රු. 8 සිට රු. 10 දක්වා ඉහළ දැමීමට “මහජන උපයෝගිතා කොමිසම” නිර්දෙශ කරන ලද නමුදු, ඒ වෙනුවට ඒකකයක මිල රු. 30 දක්වා ඉහළ දමන ලද බව පා.ම. ෂානක්කියන් ප්‍රකාශ කර සිටී. මෙහිදී “මහජන උපයෝගිතා කොමිසම” යන්නෙන් (1) ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය හෝ (2) මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් හෝ අදහස් කෙරෙනු ඇති බව සිතිය හැක. මෙම ප්‍රකාශයේ සමස්ත සන්දර්භය සැලකූ විට පෙනී යන්නේ මහජන උපයෝගිතා කොමිසම යනුවෙන් පා.ම. හඳුන්වා ඇත්තේ ඉහත සඳහන් පළමු කණ්ඩායම බවයි.

2023 ජනවාරි 5 වන දින ලංවිම විසින් විදුලි ගාස්තු සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ බවත්, අඩුම විදුලි ගාස්තුව අය කරනු ලබන කාණ්ඩය සඳහා විදුලි ඒකකයක මිල රු. 8 සිට රු. 30 දක්වා ඉහළ දැමීමට එමගින් නිර්දේශ කරනු ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ ලිපි ලේඛන මගින් පෙනී යයි. මහජන උපයෝගිතා කොමිසමේ අයක්‍රම සහ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය (පළමු කණ්ඩායම) විසින් අත්සන් තබන ලද 2023 පෙබරවාරි 13 දිනැති මහජන උපයෝගිතා කොමිසමේ පත්‍රිකාවක් මගින් ලංවිම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද අතර ඒ වෙනුවට අඩුම විදුලි ගාස්තුව අය කරනු ලබන කාණ්ඩය සඳහා විදුලි ඒකකයක මිල රු. 8 සිට රු. 10 දක්වා ඉහළ දමන ලෙසට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් හට (දෙවැනි කණ්ඩායම) එමගින් නිර්දේශ කරන ලදි. කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසමේ (පළමු කණ්ඩායම) නිර්දේශයන් ප්‍රතික්ෂේප කර ලංවිම ඉදිරිපත් කරන ලද නිර්දේශයන් පිළිගැනීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්  (දෙවැනි කණ්ඩායම) විසින් වලංගු රැස්වීමක්/තීරණයක් ගනු ලැබුවේ ද යන වග මතභේදයට තුඩු දී ඇති කරුණක් වන අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් නඩුමගට ද අවතීර්ණ වී ඇත.

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංවිම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, එම ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිසම (පළමු කණ්ඩායම) විසින් ලබා දෙන ලද නිර්දේශයන්ගෙන් වෙනස් වන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පා.ම. නිවැරදි වන බැවින් ඔහුගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

https://www.pucsl.gov.lk/consultation-document-for-revision-of-electricity-tariffs-2023/[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 22]

මහජන උපයෝගිතා කොමිසමේ පත්‍රිකාව[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 22]

2023 පෙබරවාරි – සංශෝධනය[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 22]

විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා 2023 ජනවාරි 5 ලංවිම ඉදිරිපත් කළ ඉල්ලීම[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 22]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.