රංජිත් සියඹලාපිටිය

PAYE ගෙවන්නන් ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ගණන් හිලව් වැරදියි

"

උපයන විට ගෙවීමේ බද්දට යටත් වන්නේ මාසිකව රුපියල් 100,000ට වැඩි ආදායමක් ලබන පුද්ගලයින් 120,965 ක් නැතිනම් ශ්‍රම බලකායෙන් සියයට 2.6 ක් පමණයි.

ඩේලි මිරර් | පෙබරවාරි 11, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද පැනවෙන්නේ ශ්‍රම බලකායෙන් අතිශය කුඩා කොටසක් මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මෙහිදී ප්‍රකාශ කර සිටී. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම කරුණ සඳහන් කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රකාශය ඉහළ පෙළේ තීරණ ගන්නවුන් සහ මාධ්‍ය විසින් උපුටා දක්වන ලද අතර ඒ සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබේ.

එම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) 2019 සඳහා වන වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) 2019 සඳහා වන ශ්‍රම බල සමීක්ෂණ (LFS) වාර්ෂික වාර්තාව පරිශීලනය කර ඇත.

2020 ජනවාරි මාසයේ දී උපයන විට බද්ද එකතු කිරීමේ ක්‍රමය අහෝසි කළ බැවින් 2019 මෙහිදී යොමු වර්ෂය ලෙස ගෙන ඇත. තනි පුද්ගල ආදායම් බද්ද ගෙවීම සඳහා සුදුසුකම් ලැබීමට අදාළ අවම සීමාව ලෙස 2019 දී මෙන්ම වර්තමානයේදී ද එකම සීමාව පනවා ඇත: එනම්, මාසික වැටුපක් ලබන සේවා නියුක්තිකයෙකු වීම සහ මාසික ආදායම රු. 100,000 වීම (අංක 1 සහ 2 වගු බලන්න).

2019 දී “උපයන විට ගෙවීමේ ක්‍රමය යටතේ ආදායම් බදු ගෙවන සේවා නියුක්තිකයින් සංඛ්‍යාව” 1,149,883 ක් වූ බව (අංක 1 වගුව) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

2019 වසර අවසානයේ දී හා 2022 දී පැවති ශ්‍රම බලකායේ ජනවිකාශ බොහෝ දුරට සමානව පැවති බවත්, 2022 අවසන් වන විට නාමික දළ දේශීය නිෂ්පාදිතය 50% ඉක්මවන ප්‍රතිශතයකින් වැඩි වී ඇති බවත් අංක 1 සහ 2 වගු මගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. “උපයන විට ගෙවීමේ ක්‍රමය යටතේ ආදායම් බදු ගෙවන [ගෙවීමට නියමිත] සේවා නියුක්තිකයින්” සැලකූ විට, 2023 ට සාපේක්ෂව සංඛ්‍යාත්මක වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ අඩු සංඛ්‍යාවක් 2019 දී නොසිටි බව මින් හැඟී යයි.

2019 දී දේශීය අදාායම් දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන ලද සංඛ්‍යාව 2023 සඳහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාව මෙන් දස ගුණයක‌ට ආසන්න වේ. එමෙන්ම, සමස්ත ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස ගත් විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති සංඛ්‍යාව 13.4%ක් වන අතර එය රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ පරිදි 2.6%ක් නොවේ.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: 2019 සහ 2022 දී ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය පිළිබඳ සංඛ්‍යාලේඛන (තෙවැනි කාර්තුව)

මූලාශ්‍රය: ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව, 2019, ශ්‍රම බල සමීක්ෂණ කාර්තුමය වාර්තාව 2022 තෙවැනි කාර්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව 2019 .

අංක 2 වගුව: ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස උපයන විට බදු ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ආදායම් බදු ගෙවන සේවානියුක්තිකයින් සංඛ්‍යාව සහ 2019 සහ 2022 ට අදාළව ශ්‍රී ලංකාවේ රැකියානියුක්තිය ආශ්‍රිත අනෙකුත් දර්ශක

මූලාශ්‍රය: 2019 වසර සඳහා වන ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව, 2022 වසරේ තෙවැනි කාර්තුවට අදාළ ශ්‍රම බල සමීක්ෂණ කාර්තුමය වාර්තාව, සහ 2019 වසර සඳහා වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව යන ප්‍රකාශනවල ඇතුළත් දත්ත මත පදනම්ව ගණනය කිරීම් සිදු කර ඇත.

 



මූලාශ්‍රය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ශ්‍රම බල සමීක්ෂණය – කාර්තුමය වාර්තාව, 2022 තෙවැනි කාර්තුව. ප්‍රවේශය: http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/QuarterlyReports/3rdQuarter2022 [අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ශ්‍රම බල සමීක්ෂණය – වාර්ෂික වාර්තාව, 2019. ප්‍රවේශය: http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2019 [අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2019. ප්‍රවේශය: http://www.ird.gov.lk/en/publications/Annual%20Performance%20Report_Documents/IR_PR_2009_E.pdf  [අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

මාධ්‍ය වාර්තා:

“Government says only 2.6% of Sri Lanka’s total workforce subject to PAYE tax[උපයන විට ගෙවීමේ බද්ද පැනවෙන්නේ ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රම බලකායෙන් 2.6%ක් මත පමණක් බව රජය පවසයි]”, 2023, පෙබරවාරි 11, ඩේලි මිරර් වෙබ් අඩවිය. ප්‍රවේශය https://www.dailymirror.lk/breaking_news/Government-says-only-2-6-of-Sri-Lankas-total-workforce-subject-to-PAYE-tax/108-253960.[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් ශ්‍රී ලංකා ශාඛාවේ කළමනාකරණ හවුල්කරු‌ගේ ලින්ක්ඩ්ඉන් (LinkedIn) ලිපිය. ප්‍රවේශය: https://www.linkedin.com/feed/update/urn:li:activity:7030034175638335488/.[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

පා.ම.හර්ෂ ද සිල්වාගේ ලින්ක්ඩ්ඉන් ලපිය. ප්‍රවේශය: https://www.linkedin.com/posts/harshadesilvamp_there-is-no-doubt-that-we-must-work-with-activity-7031923491394240512-5VeD?utm_source=share&utm_medium=member_desktop.[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

“PAYE Tax imposed on only 2.6% of workforce – Minister[උපයන විට ගෙවීමේ බද්ද පනවා ඇත්තේ ශ්‍රම බලකායෙන් 2.6% ක් මත පමණයි – අමාත්‍යවරයා]”, 2023, පෙබරවාරි 11, නිව්ස්වයර්. ප්‍රවේශය:  https://www.newswire.lk/2023/02/11/paye-tax-imposed-on-only-2-6-of-workforce-minister/.[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

“Only 2.6% of workforce subjected to PAYE[උපයන විට ගෙවීමේ බද්ද පැනවෙන්නේ ශ්‍රම බලකායෙන් 2.6% ක් මත පමණයි]”, 2023, පෙබරවාරි 11, TheMorning.lk, ප්‍රවේශය: https://www.themorning.lk/articles/b7n84DfK9BpWMhY6IhNk.[අවසන් වරට ප්‍රවේශය 2023 මාර්තු 23]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.