කංචන විජේසේකර

මිල සූත්‍රය වෙනම විදිහකට භාවිතා කරන ඇමති කංචන, තෙල්වලින් ලැබෙන ලාභය අඩුවෙන් කියයි

"

ඉන්ධන පිරිවැය පිළිබඳ විස්තර - 2023 පෙබරවාරි 28 සිට මාර්තු 28 දක්වා දින 28ක කාලය තුළ දරන ලද සැබෑ පිරිවැය ඇසුරින් සූත්‍රය සඳහා දත්ත....මිල ගණන් අතර වෙනස (සූත්‍රය ඇසුරින් ලීටරයක මිල සහ ලීටරයක වත්මන් සිල්ලර මිල අතර) පෙට්‍රල්-92 රු. 1.63...ලංකා ඔටෝ ඩීසල් රු. 0.04....

කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මාර්තු 30, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ඉන්ධන මිල සූත්‍රය ඇසුරින් ගණනය කරන ලද පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලීටරයක පිරිවැය පිළිබඳ විස්තර පළ කරමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මෑතකදී නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයක් පාදක කර ගනිමින් මෙම කරුණු පිරික්සීම සිදු කර ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඊළඟ මාසය තුළ අය කරනු ලබන මිල ගණන් සාධාරණීකරණය කිරීම අරමුණු කර ගනිමින් පිරිවැය පිළිබඳ එම විස්තර පළ කරනු ලැබේ. මිල සූත්‍රයේ සාමාන්‍ය නොවන භාවිතයක් උපයෝගි කරගනිමින් සිය ට්විටර් පණිවිඩය ඔස්සේ අමාත්‍යවරයා පවසා සිටින්නේ ඛනිජ තෙල් සංස්ථාව මගින් උපයනු ලබන ලාභය අඩු බවයි.

එම ට්විටර් පණිවිඩයෙහි ඇතුළත් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2018 දී මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ඉන්ධන මිල සූත්‍රය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අනෙකුත් දත්ත භාවිතා කරමින් ලීටරයක පිරිවැය ඇස්තමේන්තු කර ඇත. මෙහිදී, මුදල් අමාත්‍යාංශයේ සූත්‍රයට අනුකූලව FactCheck.lk විසින් මාර්තු 1 සිට 28 දක්වා පෙට්‍රල් සහ ඩීසල් සඳහා පැවති  සිංගප්පූරු ප්ලැට්ස් මිල ගණන්වල සාමාන්‍යය භාවිතා කරන ලදි (අංක 2 වගුව බලන්න). මෙම ගණනය කිරීම සිදු කිරීමේදී දත්ත ලබා ගත හැකි වූයේ ඔක්ටේන්-92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සඳහා පමණි.

අංක 1 වගුව මගින් අමාත්‍යවරයාගේ ඇස්තමේන්තු ඉහත සංඛ්‍යා සමඟ සංසන්දනය කෙරේ. FactCheck.lk විසින් සිදු කරන ලද ගණනය කිරීම්වලට අනුව පෙට්‍රල් සඳහා රුපියල් 35 ක ලාභයක් ද ඩීසල් සඳහා රුපියල් 49ක ලාභයක් ද ලැබේ. එනමුත්, අමාත්‍යවරයා පෙට්‍රල් සඳහා රුපියල් 2 ක ලාභයක් ද ඩීසල් සඳහා රුපියල් 0 ක ලාභයක් ද ගණනය කර ඇත.

අමාත්‍යවරයා පළ කරන ලද සංඛ්‍යා සහ FactCheck.lk ගණනය කරන ලද සංඛ්‍යා අතර පවතින වෙනසට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අමාත්‍යවරයා සිංගප්පූරු ප්ලැට්ස් මිලට වඩා වැඩි පිරිවැයක් භාවිතා කර තිබීමයි. උදාහරණයක් ලෙස, ඔක්ටේන් 92 පෙට්‍රල් සම්බන්ධයෙන් ගත් විට, එහි (සැබෑ) පිරිවැය එ.ජ.ඩොලර් 107.3 ක් බව අමාත්‍යවරයා පැවසුව ද මාර්තු මාසය සඳහා බැරලයක සිංගප්පූරු ප්ලැට්ස් මිල සාමාන්‍යයෙන් එ.ජ.ඩොලර් 94 ක් පමණක් වී ඇත. මෙම ගණනය කිරීමට අදාළ පෙට්‍රල් නිකුත් කරන ලද්දේ 2022 නොවැම්බර් මාසයේදී බව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ පාදක සටහන්වල සඳහන් වේ. එනමුත්, 2022 නොවැම්බර් මාසයේදී පැවති සිංගප්පූරු ප්ලැට්ස් මිලෙහි සාමාන්‍යය වඩාත් අඩු අගයක් ගත් අතර එය එ.ජ.ඩොලර් 93 ක් විය. කෙසේ වෙතත් – එය තහවුරු කර ගැනීමට නොහැකි කරුණක් වුව ද – රජය විසින් ප්‍රසම්පාදිත ඉන්ධනවල මිල ගණන් අක්‍රමවත් මෙන්ම ගෝලීය මිල ගණන්වලට වඩා වැඩි වූ බව සිතීමට ඉඩක් නැත්තේම නොවේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෝලීය සිංගප්පූරු ප්ලැට්ස් මිල ගණන්වල එතැන් අගයට වඩා වැඩි මිලකට මිලදී නොගත යුතු බව මුදල් අමාත්‍යාංශයේ මිල සූත්‍රය මගින් උපකල්පනය කෙරේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පසුගිය වසර තුළ ඊට වඩා අඩු මිලකට ද මිලදී ගැනීම් සිදු කර ඇති බව මීට පෙර සිදු කරන ලද කරුණු පිරික්සීමකින් පෙන්වා දී ඇත (https://bit.ly/3mniTRA බලන්න). එබැවින්, මුදල් අමාත්‍යාංශයේ සූත්‍රය ඇසුරින් වෙළඳපොළ පිරිවැය නිවැරදිව ගණනය කිරීමෙදී සිංගප්පූරු ප්ලැට්ස් මිලට වඩා වැඩි මිලක් සලකා බලා නොමැත.

පිරිවැය පිළිබඳ විස්තර ලබා දිමේදී අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සූත්‍රයේ ක්‍රමවේදය යොදාගෙන ඇත. එනමුත්, උපරිම පිරිවැය ගණනය කිරීමේ නිවැරදි පදනම ලෙස සිංගප්පූරු ප්ලැට්ස් මිල ගණන් යෙදීමට ඔහු අසමත් වී ඇත. කෙසේ වෙතත්, ඔහු එම ගැටළුව පිළිබඳව දැනුවත් බව ඔහුගේ ට්වීට් පණිවිඩයේ ඇති පාදක සටහන්වලින් පෙනී යයි. එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව : පෙට්‍රල් සහ ඩීසල්වලට අදාළ ගණනය කිරීම් පිළිබඳ සාරාංශය

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

අංක 2 වගුව: FactCheck.lk හි ඇස්තමේන්තුව පිළිබඳ විස්තර

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

 

 

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත (එ.ජ.ඩොලර් 1කට රු.), https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates/daily-buy-and-sell-exchange-rates [අවසන් වරට ප්‍රවේශය: 2023 මාර්තු 31]

භාවිතා කර ඇති ඉන්ධන මිල සූත්‍රය සහ උපකල්පන – https://factcheck.lk/factcheck/mp-gammanpila-no-shortage-of-facts-on-fuel/

මුදල් අමාත්‍යාංශය, මාධ්‍ය නිවේදනය (2018 දෙසැම්බර් 31),  http://www.treasury.gov.lk/web/guest/article/-/article-viewer-portlet/render/view/retail-prices-of-auto-fuels-as-at-december-19-2018-as-per-fuel-pricing-mechanism [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 24]

මුදල් අමාත්‍යාංශය, මාධ්‍ය නිවේදනය (2018 ඔක්තෝබර් 16), www.treasury.gov.lk/documents/10181/606187/PRESS+RELEASE+-+Fuel+Formula20181016/acd8b96e-fae4-46b96e-fae4-46b5-ae3016/acd8b96e-fae4-46b5-ae30608000 [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 24]

ශ්‍රී ලංකා රේගුව, රේගු ආනයන ගාස්තු – 2022, https://www.customs.gov.lk/customs-tariff/import-tariff/ [අවසන් වරට ප්‍රවේශය: 2023 මාර්තු 30]

මුදල් අමාත්‍යාංශය, රේගු ආනයන බදුවල සාමාන්‍ය අත්හැරීම් (2021 මාර්තු 24)https://treasury.gov.lk/api/file/95bfd5ef-e255-4310-a437-0b23bea9e284 [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 02]

ලංකා ඛනිජ තෙල් සංස්ථාව, පෙර පැවති මිල ගණන්, https://ceypetco.gov.lk/historical-prices/ [අවසන් වරට ප්‍රවේශය: 2023 මාර්තු 31]

ඉන්ධන මිල ට්‍රැකරය (https://dashboards.publicfinance.lk/fuel-price-tracker/sh/ )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.