රමේෂ් පතිරණ Ramesh Pathirana

මන්දපෝෂණය ගැන අමාත්‍ය පතිරණ දක්වන දත්තවල ගුණය අඩුයි

"

2009 වසරේ සියයට 27.4 ක් වූ මන්දපෝෂණ තත්ත්වය 2021 වන විට සියයට 12.2 දක්වා අඩු වෙලා තිබෙනවා. මෙය අපේ සෞඛ්ය සේවයේ ඉතාම පැහැදිලි වර්ධනයක්.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | සැප්තැම්බර් 7, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2009 වසරේ සිට ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය අඩුවෙමින් පවතින බව තහවුරු කිරීමට අමාත්‍යවරයා මෙහිදී සිය ප්‍රකාශය තුළින් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රකාශය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශනත් (WHO), ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දී සිදු කරන ලද ජනවිකාස හ සෞඛ්‍ය පිළිබඳ සමීක්ෂණයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ (MoH) ජාතික සංඛ්‍යාලේඛන පුවරුව සහ වාර්ෂික වාර්තාත් පරිශීලණය කරන ලදි.

පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණවත් පරිදි ලබා නොගැනීම මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා ගැනීමෙන් ඇතිවන සෞඛ්‍ය තත්ත්වය මන්දපෝෂණය යනුවෙන් අර්ථ දැක්වේ. එනම්, අවපෝෂණය සහ අධිපෝෂණයයි. (1) “කෘෂභාවය (wasting)” හෝ (2) “මිටි බව (stunting)” හෝ (3) “අඩු බර(underweight)” (වයස සඳහා වන මධ්‍යන්‍ය බරෙහි සම්මත අපගමන දෙකට අඩු) ලෙස අර්ථ දක්වා ඇති ලක්ෂණ තුනෙන් එකක් හෝ පෙන්නුම් කරන පුද්ගලයෙකු මත පදනම්ව අවපෝෂණය ඇගයීමට ලක් කෙරේ.

ශ්‍රී ලංකාවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්ෂිකවත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් විටින් විටත්, අවපෝෂණ තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛන පළ කරනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙතින් 2009 සිට 2021 දක්වා කාලයට අදාළව ලබා ගත හැකි දත්ත සඳහා සංඛ්‍යාලේඛන අංක 1 වගුවෙන් දැක්වේ.

වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර බර අඩු තත්ත්වය (underweight) 2009 දී 27.4% ක් ලෙස පැවති බවත් 2021 දී  12.2% ක් වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති අතර අමාත්‍යවරයා විසින් මෙම අගයන් නිවැරදිව දක්වා තිබේ.

අමාත්‍යවරයා සිය ප්‍රකාශය තුළ “මන්දපෝෂණය” යන යෙදුම භාවිතා කරයි. එනමුත්, ඔහු විසින් නිවැරදිව උපුටා දක්වා ඇත්තේ බර අඩු ළමුන් සඳහා අදාළ සංඛ්‍යාව පමණක් වන අතර මෙමගින් අවපෝෂණ තත්ත්වයෙන් පෙළෙන සියල්ලන් සැලකිල්ලට ගනු නොලැබේ. එබැවින්, මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නන්ගේ මුළු සංඛ්‍යාව එමගින් නොදැක්වේ. මේ හේතුවෙන් ඔහු විසින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා නිවැරදි නොවන බව පැවසීමට සිදු වේ.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ ප්‍රකාශය පසුපස ඇති අදහස වනුයේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර මන්දපෝෂණ තත්ත්වය විශාල ලෙස අඩු වී ඇති බවයි. අධිපෝෂණ තත්ත්වය අතින් සුළු වැඩිවීමක් ලංකාව තුළ දක්නට ලැබෙන බව අංක 1 වගුව පෙන්නුම් කරයි. එහෙත්, මන්දපෝෂණය යටතට ගැනෙන අවපෝෂණ තත්ත්වය සැලකූ විට එය මැනීම සඳහා භාවිතා වන ලක්ෂණ තුනටම අදාළ සංඛ්‍යා විශාල වශයෙන් අඩු වී ඇති බව එම වගුවෙන් දැකිය හැක.

අමාත්‍යවරයා විසින් බර අඩු දරුවන්ට අදාළ සංඛ්‍යා නිරවද්‍ය නොවන අයුරින් මන්දපෝෂණය සඳහා වන දත්ත ලෙස ගෙන ඇතිමුත් ඔහුගේ ප්‍රකාශය පසුපස ඇති අදහස මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ දත්තවලට අදාළ සමස්ත ප්‍රවණතා හා ගැලපේ. එබැවින්, අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

අංක 1 වගුව – වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර පෝෂණ තත්ත්වය මැනීම (ප්‍රතිශතයන් ලෙස දක්වා ඇත)

මූලාශ්‍රය: සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2009, 2016, 2021 කාර්යාංශය, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 කාර්යාංශය



මූලාශ්‍රය

මන්දපෝෂණය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ප්‍රවේශය; https://www.who.int/health-topics/malnutrition#tab=tab_1 [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22]

ප්‍රජාව තුළ වයස අවුරුදු පහට අඩු ළමුන් අතර පෝෂණ ගැටලු කළමනාකරණය කිරීම පිළිබඳ ලේඛනය, සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය, ප්‍රවේශය; https://fhb.health.gov.lk/images/FHB%20resources/ChildNutrition/CIRCULAR/Protocol%20for%20managing%20nutrition%20problems.pdf [අවසන් වරට ප්‍රවේශ 2022 නොවැම්බර් 22 ]

ජනවිකාස සහ සෞඛ්‍ය සමීක්ෂණය 2016, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය, ප්‍රවේශය; http://www.statistics.gov.lk/Health/StaticalInformation/DemographicAndHealthSurvey-2016FullReport [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

ජාතික සංඛ්‍යාලේඛන පුවරුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://fhb.health.gov.lk/index.php/en/statistics [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

2019 වාර්ෂික වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://drive.google.com/file/d/1j3KdkBN0cwueRB9opmYsJN_03tNGvwDz/view [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

2018 වාර්ෂික වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://drive.google.com/file/d/1hDs-1C6gbneb44jw41aNvMDuP9W_FOev/view [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

2017 වාර්ෂික වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://drive.google.com/file/d/1sIAnkf1okrinQI3VDCtOokPtf9vvc94o/view [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

2016 වාර්ෂික වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://drive.google.com/file/d/1kNOB0IwEgIVKp0-J3mC52dan6yY1qDL/view [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

2015 වාර්ෂික වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://drive.google.com/file/d/1cym2eQEM1PGuEM52KucGwThDw1m4kgnY/view [අවසන් වරට ප්‍රවේශය නොවැම්බර් 22 2022]

2014 වාර්ෂික වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://drive.google.com/file/d/1tgMSe1fRvwSJ8_LgDyHe1gsxDo4aKQiB/view [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

2013 වාර්ෂික වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රවේශය; https://drive.google.com/file/d/1MwexX8NmDWWrpxcUCLHdMKPOr6AG-wNs/view [අවසන් වරට ප්‍රවේශය 2022 නොවැම්බර් 22 ]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.