උදය ගම්මන්පිල

EPF එකට මහ බැංකුවෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන පා.ම. ගම්මන්පිල හෙළි කරයි

"

මහජනතාවගේ අර්ථසාධක අරමුදලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමන්ගේ නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ මෑත ඉතිහාසයේ ඉහළම පොළි අනුපාතයක් වාර්තා වූ වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල  පොලි අනුපාතය 32%තරම් ඉහළ ගියා.

උදය ගම්මන්පිල, නිල FB පිටුව | ජූලි 4, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.. ගම්මන්පිල තම ප්රකාශය තුළින් කරුණු දෙකක් ඉදිරිපත් කරයි. එනම්, (1), ශ්රී ලංකා මහ බැංකුව විසින් පෞද්ගලික සහ අර්ධ රාජ් අංශයේ සේවානියුක්තිකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) මෙන්ම මහ බැංකුවේ සේවානියුක්තිකයින් උදෙසා පමණක් පිහිටුවා ඇති වෙනත් අර්ථසාධක අරමුදලක් ද පවත්වාගෙන යනු ලබන බවත්, (2)  මහ බැංකු අර්ථසාධක අරමුදල් හිමියන්ට 29% ප්‍රතිලාභයක් හිමි වන නමුදු මහජනතාවට EPF අරමුදලෙන් ලැබෙන්නේ ඊට සාපේක්ෂව බෙහෙවින් අඩු 9% ප්‍රතිලාභයක් පමණක්  බවත් ඔහු පවසයි. 

පා.ම.ගේ ප්රකාශයෙහි සඳහන් කරුණුවල සත්යාසත්යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, EPF අරමුදලේ 2022 වර්ෂයේ මූල්‍ය වාර්තාව සහ 1958 සේවක අර්ථසාධක අරමුදල පනත පරිශීලනය කරන ලදි. 

සේවක අර්ථසාධක අරමුදල පනතේ පස්වන වගන්තිය මගින් ශ්රී ලංකා මහ බැංකුව, EPF අරමුදලේ බලය ලත්භාරකරුලෙස නම් කර ඇත . ශ්රී ලංකා මහ බැංකුව, තම ආයතනයේ සුදුසුකම් ලත් සියලුම සේවානියුක්තිකයින් ආවරණය වන පරිදි ප්රතිලාභ යෝජනාක්‍රම හතක් ක්රියාත්මක කරන බව ශ්රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව ( දෙවැනි වෙළුම, දෙවැනි කොටස , පිටු අංක  35 -40) තහවුරු කරයි. එක්ව ගත් කළ එම යෝජනාක්‍රම හත ශ්රී ලංකා මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල ලෙස හඳුන්වා දිය හැක. එම නිසා, එම අර්ථසාධක අරමුදල් දෙකම ශ්රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කෙරෙන බවට පා.ම. සඳහන් කළ කරුණ නිවැරදි . 

EPF අරමුදල සිදු කළ ආයෝජනයන්ගේ සාමාන්‍යය මත අපේක්ෂිත ප්‍රතිලාභය 2022 දී 9.52% ක් වූ බවත්, ශ්රී ලංකා මහ බැංකුවේ අර්ථ සාධක අරමුදලෙහි වත්කම්/ආයෝජන මත එම වසරේ ලැබූ ප්‍රතිලාභය 19% ක් වූ බවත් වගුව 1 හා 2 පෙන්වා දෙයි (අතිරේක සටහන 2 සහ 3 බලන්න). මෙම සංඛ්යා, විශේෂයෙන්ම මහ බැංකුවේ අර්ථ සාධක අරමුදලට අදාළ ප්‍රතිලාභය, පා.ම. විසින් උපුටා දක්වන ලද අගයන්  (9% සහ 29%) සම  සැස‌‌ඳෙන්නේ නැත.  

කෙසේ වෙතත්, පා.ම.ගේ ප්රකාශය තුළ ප්‍රතිලාභය යන්නෙන් හඳුන්වනු ලබන්නේ අරමුදල්වල සාමාජිකයින්ටලැබිය යුතු ආදායාම විය හැකි යැයි යනුවෙන් ද එම ප්‍රකාශය අර්ථකථනය කළ හැක. ලැබිය යුතු ආදායම, ආයෝජනය මත ලැබෙන ප්‍රතිලාභයෙන් වෙනස් විය හැක. බදු අයකිරීම් වැනි විවිධ වියදම් අඩු කිරීම මගින් ලැබිය යුතු ආදායම ගණනය කරනු ලැබේ. 2020 සිට මේ දක්වා ඊට ආදළ වාර්තා පළ කර නොමැති බැවින් ලැබිය යුතු ආදායම සම්බන්ධයෙන් පා.ම. උපුටා දැක්වූු සංඛ්‍යාවල (9% සහ 29%) සත්‍යාසත්‍යභාවය 2022 වර්ෂය සඳහා  තහවුරු කර ගැනීමට FactCheck.lkට හැකියාවක් නොතිබිණි. කෙසේ වෙතත්, මෑතකදී පැවැත්වුණු ශ්රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩල සමාලෝචනයදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කළේ ශ්රී ලංකා මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල සඳහා විශේෂසූත්රයක්භාවිතා කරන බවත් එමගින්ලැබිය යුතු ආදායම සඳහා ආයෝජන ප්‍රතිලාභවලට වඩා බෙහෙවින් වැඩි  අගයක් ලැබිය හැකි බවත් ය. (වැඩිදුර තොරතුරු සඳහා අතිරේක සටහන 1 බලන්න). 

EPF අරමුදල‌ට අමතරව ශ්රී ලංකා මහ බැංකුව විසින් තම සේවානියුක්තිකයින් සඳහා වෙනම අර්ථසාධක අරමුදලක් කළමනාකරණය කෙරෙන බව පැවසීම සම්බන්ධයෙන් පා.ම.ගේ ප්‍රකාශය නිවැරදි වන අතර EPF අරමුදලේ ශේෂයට ලැබිය යුතු ආදායම ලෙස ඔහු උපුටා දක්වන්නේ ආයෝජන ප්‍රතිලාභයට ආසන්න අගයකි. මහ බැංකු අර්ථසාධක අරමුදලේ ශේෂයට ලැබිය යුතු ආදායම ලෙස පා.ම. උපුටා දක්වන අගය ආයෝජන ප්රතිලාභඉක්මවන අතර, මෙය සිදු විය හැක්කක් වුව ද, පවතින දත්තවලින් එය තහවුරු කළ නොහැක. එසේ වුව , ශ්රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කෙරෙන මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල 2022 වර්ෂයේ දී හිමි වූ ප්‍රතිලාභය, ශ්රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කෙරෙන EPF අරමුදලට හිමි වූ ප්රතිලාභයට වඩා වැඩි යැයි පා.ම. සිදු කළ සමස්ත  ප්රකාශය නිවැරදි වේ. 

එබැවින්, අපි පා.. උදය ගම්මන්පිලගේ ප්රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අතිරේක සටහන 1:

2023 ජූලි 6 වැනි දින පවත්වන ලද මුදල් මණ්ඩල සමාලෝචනයේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වෙත යොමු කරන ලද පැනයකින් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ 2022 වර්ෂයේදී මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල 29% ක ප්‍රතිලාභයක් ලබා EPF අරමුදලට 9% ක ප්‍රතිලාභයක් පමණක් හිමු වූයේ මන්ද යන්නයි. මහ බැංකුවේ අර්ථ සාධක අරමුදලෙහි ප්‍රතිලාභ ගණනය කිරීමට විශේෂ ‘සූත්‍රයක්’ යොදා ගන්නා බව ඊට පිළිතුරු වශයෙන් මහ බැංකු අධිපති විසින් පවසන ලදි. ප්‍රකාශිත ගිණුම්වලට අනුව 2022 වර්ෂය සඳහා අරමුදලේ වර්ධනය 19% ක් වුව ද, ලැබිය යුතු ආදායම ගණනය කිරීම සඳහා වෙනත් ක්‍රමයක් ඇති බව අධිපතිවරයාගේ පැහැදිලි කිරීම මගින් හැඟවෙන අතර, මාධ්‍යවේදියා ප්‍රකාශ කළ පරිදි එය 29% ක් බව අධිපතිවරයා ව්‍යංගයෙන් පිළිගත් බව ද ඉන් හැඟී යයි. එමෙන්ම, අර්ථසාධක අරමුදල සඳහා ප්‍රතිලාභ ගණනය කිරීමට යොදා ගන්නා ‘සූත්‍රය’ මගින් අසාමාන්‍ය තත්වයන් යටතේදී (උදා. පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමක පවතින විට) ප්‍රතිලාභ වැඩි කෙරෙන බව ද මහ බැංකු අධිපතිවරයා විසින් තවදුරටත් පැහැදිළි කරන ලදි. මෙම අර්ථසාධක අරමුදල් දෙකෙහි ප්‍රතිලාභ අතර වෙනසක් පවතින බව පිළිගත් අධිපතිවරයා, ප්‍රතිලාභ ගණනය කිරීම සඳහා භාවිතා කරන ‘සූත්‍ර’ සමාලෝචනය කිරීමට මුදල් මණ්ඩලය සැලසුම් කර ඇති බව ද පෙන්වා දුන්නේය.

අතිරේක සටහන 2:

මෙම කරුණු පිරික්සීම සිදු කරන අවස්ථාවේදී වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කර නොතිබූ බැවින් FactCheck.lk විසින් 2022 වර්ෂය සඳහා EPF අරමුදලේ ආයෝජන ප්‍රතිලාභය ගණනය කරන ලදි. සියලුම ආයෝජන මත ලැබූ මුළු ප්‍රතිලාභය, අදාළ වර්ෂය සඳහා වන ආයෝජනයන්ගේ සාමාන්‍යයෙන් බෙදා ආයෝජන ප්‍රතිලාභය ගණනය කරනු ලැබේ. පසුගිය වර්ෂ සඳහා ද (2018, 2019 සහ 2020) මෙම ක්‍රමවේදයම ‌යෙදූ විට ආයෝජනයේ සාමාන්‍යය මත ලැබෙන ප්‍රතිලාභය සඳහා ලැබෙන අගයන් එකම මට්ටමක් තුළ පවතී. (EPF අරමුදලේ ආයෝජනයේ සාමාන්‍යය මත ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ විස්තර සඳහා වගුව 1 බලන්න).

අතිරේක සටහන 3:

අරමුදල් සාමාන්‍යයෙන් භෞතික වත්කම්වල ආයෝජනය නොකරන අතර, ඒ වෙනුවට තම ප්‍රාථමික වත්කම් ලෙස මූල්‍ය සුරැකුම්පත් කෙරෙහි අවධානය යොමු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ශේෂ පත්‍රයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකු සේවක අර්ථසාධක අරමුදල අනෙකුත් ශ්‍රී ලංකා මහ බැංකු වත්කම් සමඟ සැසඳිය හැකි අතර, එම නිසා එය “වත්කම් මත ප්‍රතිලාභය” ලෙස හැඳින්වේ. මෙම සංසන්දනය මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ සමස්ත මූල්‍ය කාර්ය සාධනයට සාපේක්ෂව එම අරමුදලේ කාර්ය සාධනය තක්සේරු කිරීමට ඉඩ සලසන අතර එය ‘ආයෝජන මත ප්‍රතිලාභය’ යන යෙදුමට සමාන බව වටහා ගත හැක.

වගුව 1: ආයෝජනවල සාමාන්‍යය මත EPF ප්‍රතිලාභය ගණනය කිරීම

වගුව 2: EPF අරමුදලේ ප්‍රතිලාභවලට සාපේක්ෂව ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ



Additional Note



මූලාශ්‍රය

ගිණුම් සහ මෙහෙයුම්, ශ්‍රී ලංකා මහ බැංකුව 2022, බාගත කරන්න,

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2022/en/18_Part_02.pdf

මහ බැංකු සේවකයින්ගේ අර්ථසාධක අරමුදලේ පොලිය වැඩි ඇයි? ශ්‍රී ලංකා මහ බැංකු YouTube පිටුව.

https://www.youtube.com/watch?v=g248hjW-ELs

මූල්‍ය ප්‍රකාශන, සේවක අර්ථසාධක අරමුදල

https://epf.lk/?page_id=2738

සේවක අර්ථසාධක අරමුදල පනත 1998

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/acts/en/epf_act.pdf

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.