රනිල් වික්‍රමසිංහ

ජනාධිපති වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ යන අලාභය නිවැරදිව දක්වයි

"

2020-2021 වර්ෂය සඳහා පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රු. බිලියන 45 යි. 2021 මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372 යි.

ලංකාදීප | මැයි 17, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

වත්මන් ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ අග්‍රමාත්‍ය ධුරයේ සිටියදී ය. මෙම ප්‍රකාශයේ ඇතුළත් කරුණෙහි සත්‍යාසත්‍යභාවය විමසීම සඳහා FactCheck.lk විසින් 2007 සිට 2021 දක්වා කාලය තුළ පළ කරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාර්ෂික වාර්තා පරිශීලනය කරන ලදි. එම එක් එක් වාර්ෂික වාර්තාව මගින් අප්‍රේල් සිට මාර්තු දක්වා ක්‍රියාත්මක වූ මූල්‍ය වර්ෂයන් සඳහා වන ලාභ සහ අලාභ ඉදිරිපත් කර ඇත. 

2020/21 මූල්‍ය වර්ෂය සඳහා (2020 අප්‍රේල් සිට 2021 මාර්තු දක්වා) වන වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි එකී මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය හට අත් වූ අලාභය රු. බිලියන 45.39 ක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ සමුච්චිත අලාභය රු. බිලියන 371.73 ක් විය. ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සපයන ලද මෙම සංඛ්‍යා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා සමපාත වේ (ප්‍රදර්ශිතය 1 බලන්න). 

එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරමු. 

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

ප්‍රදර්ශිතය 1: 2008 – 2021 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අත් වූ අලාභය (රු. මිලියන)

මූලාශ්‍රය: ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාර්ෂික වාර්තා 

*සිදු කරන ලද ප්‍රධාන අළුත්වැඩියා කටයුතු සහ ගුවන් යානා වැඩිදියුණු කිරීම් ඇතළත් කිරීම සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම හේතුවෙන් 2012 සඳහා වූ සමුච්චිත අලාභය 22,789.94 සිට ද 2013 සඳහා වූ සමුච්චිත අලාභය 44,606.16 සිට 2014 වර්ෂයේදී  වෙනස් කරන ලදි. 

** කල්බදු සඳහා වූ ගිණුම්කරණ ප්‍රමිතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමත් සමඟ 2020 දී 230,590.07 ක අගයේ සිට වෙනස් කරන ලදි. 

*** “වෙනත් විස්තීර්ණ ආදායම්/(අලාභ)” සඳහා අත් කරගත නොහැකි ලාභ සහ අලාභ ද ඇතුළත් වී තිබේ. 

 



Additional Note

2007/08 මූල්‍ය වර්ෂයෙන් පසු මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබා නොමැත. 2021 මාර්තු 31 වන විට, ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු මුළු වගකීම් රු. බිලියන 443.65 ක් වූ අතර එය සතු මුළු වත්කම් රු. බිලියන 154.38 ක් විය. 2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට රු. බිලියන 248 ක අලාභයක් අත් වූ බව මුදල් අමාත්‍යාංශය විසින් පළ කරන ලද 2022 සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් වේ. 2022 මාර්තු මාසයේදී අත් වූ රු. බිලියන 145 ක විනිමය අලාභය ද මීට ඇතුළත් වේ. 


මූලාශ්‍රය

 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තා 

මුදල් අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව – 2022 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.