හර්ෂ ද සිල්වා

EPF, ETF වලින් රජය ගත් ණය ගැන පා.ම. හර්ෂ ද සිල්වාගෙන් හෙළිදරව්වක්!

"

ශ්‍රී ලංකාවේ දේශීය ණයවලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වශයෙන්. අප සතුව [දළ වශයෙන් බිලියන 9,000 ක] වටිනාකමින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර තිබේ. එයින් 44.5% ක් බැංකු සතුය. 43% ක් EPF සහ ETF වලින් ගත් ණය...

ඩේලි එෆ්.ටී | අප්‍රේල් 20, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. හර්ෂ ද සිල්වා මෙම ප‍්‍රකාශය තුළින් කරුණු දෙකක් ඉදිරිපත් කරයි: එනම්, (1) දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 9 ක වටිනාකමක් ඇති දේශීය ණයවලින් බහුතරයක් භාණ්ඩාගාර බැඳුම්කර ආකාරයෙන් පවතින බවත්, (2) මුළු භාණ්ඩාගාර බැඳුම්කරවලින් 45% ක් බැංකු සතු වන අතර 43% ක් සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) වෙතින් ගත් ණය බවත් යන්නයි. මෙම ප්‍රකාශය ඇගයීම සඳහා FactCheck.lk විසින් 2022 දෙසැම්බර් 31 දක්වා වාර්තා කර තිබූ දේශීය ණය පිළිබඳ දත්ත සඳහා 2022 මහ බැංකු වාර්ෂික වාර්තාව පරිශීලනය කරන ලදි.

2022 දී ශ්‍රී ලංකාවේ මුළු දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15.03 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 62.27% සමාන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. මෙම මුළු ණය ප්‍රමාණයෙන් රුපියල් ට්‍රිලියන 8.71 ක් භාණ්ඩාගාර බැඳුම්කර වශයෙන් පවතින අතර එය සමස්ත දේශීය ය ප්‍රමාණයෙන් 57.93% කි. දේශීය ණයවලින් බහුතරයක් භාණ්ඩාගාර බැඳුම්කර වශයෙන් පවතින්නේ යැයි යනුවෙන් පා.ම. සඳහන් කළ පළමු කරුණ සමඟින් මෙම සංඛ්‍යා සමපාත වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් ට්‍රිලියන 3.12 ක් බලපත්‍රලාභී වාණිජ බැංකු සතු වන අතර, රුපියල් ට්‍රිලියන 0.75 ක් බලපත්‍රලාභී විශේෂිත බැංකු සතු වේ. ඒ අනුව, එක්ව ගත් කළ, සමස්ත භාණ්ඩාගාර බැඳුම්කරවලින් 44.43% ක් මෙම ආයතන සතුය. රුපියල් ට්‍රිලියන 3.72 භාණ්ඩාගාර බැඳුම්කර EPF සහ ETF ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතුය. මෙම අගය මුළු භාණ්ඩාගාර බැඳුම්කරවලින් 42.72% ක් වන අතර  එම සංඛ්‍යා පා.ම. සඳහන් කළ දෙවන කරුණ සමඟ සමපාත වේ. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ සහ විශේෂිත බැංකු සතු බැඳුම්කර ප්‍රමාණයට සමාන බැඳුම්කර ප්‍රමාණයක් විශ්‍රාම අරමුදල් (බහුතරයක් EPF සහ ETF අරමුදල්) සතු කර ගෙන සිටින බව ඉන් අදහස් කෙරේ.

එබැවින්, අපි පා.. හර්ෂ සිල්වාගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  

  

අංක 1 වගුව: 2023 දෙසැම්බර් 31 දිනට දේශීය ණය 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාව 2022, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය 15, 104 සහ 107 වැනි සංඛ්‍යා සටහන්



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාව 2022; https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2022 [අවසන් වරට ප්‍රවේශය 25 මැයි 2023].

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.